• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පළාත් පාලන මැතිවරණය පෙබරවාරී 10 වැනිදා

election 1පළාත් පාලන මැතිවරණය ලබන පෙබරවාරි 10 වැනි දා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

මැතිවරණ කොමිෂන් කාර්යාලයේ අද (18) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළ අතර ඒ සඳහා වන ගැසට් නිවේදන ලබන දෙසැම්බර් 26 වැනි නිකුත් කිරීමට නියමිත බව ද  සභාපතිවරයා සඳහන් කළේය.

රාජ්‍ය අන්‍රග්‍රහයෙන් පැවැත්වෙන පොදු උත්සවවලදී තරග කරන ලද පක්ෂ/ ස්වාධීන කණ්ඩායම්/ අපේක්ෂකයින් ප්‍රවර්ධනය කෙරෙන  හෝ අගතියට පත් කරන ක්‍රියාවලිය හා කථා පැවැත්වීමේ අවශ්‍යතාව පිළිබඳ සියලුම අදාළ පාර්ශවයන් දැනුවත් කර තිබෙන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.