• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කොලොන්නාවට නව තෙල් ටැංකි සංකීර්ණයක්

kolonnawaවසර 40කට පසුව කොලොන්නාව නිමාවේ නව තෙල් ටැංකි සංකීර්ණයක් ඉඳි කිරීම ඊයේ (22) ආරම්භ විය.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය අරම්භ  වූ අතර ඛනිජ තෙල් බෙදා හැරීමේ ජාලයට මහඟු රුකුලක් වන ලෙස, කැබිනට් අනුමැතිය මත එහි ඉඳි කෙරෙන නව තෙල් ටැංකි සංඛ්‍යාව 10කි.

මෙට්ට්‍රික් ටොන් 11 200 පෙට්ට්‍රල් තෙල් ටැංකි 3ක්, මෙට්ට්‍රික් ටොන් 11 900 ගුවන් යානා තෙල් ටැංකියක්, මෙට්ට්‍රික් ටොන් 12 600 ඩීසල් ටැංකියක්, මෙට්ට්‍රික් ටොන් 5 800 ඩීසල් ටැංකි තුනක්, මෙට්ට්‍රික් ටොන් 5 600 භූමිතෙල් ඉන්ධන ටැංකියක් සහ මෙට්ට්‍රික් ටොන් 3 800 ඩීසල් ටැංකියක් ඊට අයත් වේ.

රටෙහි ඛනිජ තෙල් සුරක්ෂිතබව රැකීම සඳහා දින තිහකට අවශ්‍ය පෙට්ට්‍රල් සංචිතයක් පවත්වා ගෙන යාමද අත්‍යවශ්‍ය කරුණකි. ඉදිරියේදී එය දින 60ක් දක්වා ඉහළ නැංවීම තමන්ගේ අපේක්ෂාව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේය.


කොලොන්නාව නිමාවේ කලාප අංක 5 භූමියේ අද ඉඳිකිරීම් ආරම්භ කළ පෙට්ට්‍රල් ඉන්ධන ටැංකියේ මුළු ධාරිතාව මෙට්ට්‍රික් ටොන් 11 200කි. පාවෙන පියස්සක් සහිත එම ටැංකිය සඳහා වැයකෙරෙන මුදල රුපියල් මිලියන 412ක් වේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉංජිනේරුවන්ගේ දැනුමින් ඉඳිකෙරෙන මෙම ඉන්ධන ටැංකිය මාස 18ක් තුළදී අවසන් කිරීමට අපේක්ෂා කෙර්.
 

ටැංකිය ඉඳිකිරීම සඳහා මංගල පස්පිඩැල්ල කැපීමේ අවස්ථාවට එක් වෙමින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උපාලි මාරසිංහ මහතා පැවසුවේ කොළඹ වරායේ සිට කොලන්නාව නිමාව දක්වා අලුතින් ඉඳි කෙරෙන නළ පද්ධතියේ වැඩද මේ වන විට සියයට 80කින් පමණ අවසන් කර ඇති බවයි.

ඉන්ධන බෙදා හැරීම තවදුරටත් කාර්යක්ෂම කිරීමට ඉදිරියේදී නව තාක්ෂණය සහ දැනුම ලබා ගැනීමට කටයුතු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති දම්මික රණතුංග මහතා පැවසීය.
 

මෙම අවස්ථාවට ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ සංජීව විජයරත්න මහතා ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක්ද සහභාගි වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.