• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

උත්සව සමයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

policeමෙම උත්සව සමයේ විශාල වශයෙන් නගර කරා පැමිණෙනන් අතර ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව වැඩි පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් යෙදවීමට කටයුතු කරන ලෙස පොලිස්පතිවරයා විසින් අදාළ අංශ දැනුම්වත් කර ඇති අතර කොළඹ නගරය තුළ පමණක් පොලිස් නිලධාරීන් 4300ක් යෙදවීමට කටයුතු යොදා ඇත.
 
කොළඹ නගරයේ නිල ඇඳුමින් රාජකාරි සඳහා නිලධාරීන් 2800ක්, සිවිල් ඇඳුමින් නිලධාරීන් 300ක් හා රථවාහන රාජකාරි සඳහා නිලධාරීන් 1200ක් යොදවා ඇත.
 
එමෙන් ම තදබදයන් ඇතිවන ස්ථානවල මුදල් පසුම්බි, රන් ආභරණ හා අනෙකුත් වටිනා දෑ පිළිබඳ විමසිලිමත් වන ලෙස ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
 
මෙම උත්සව සමයේ දී බිමත් රියදුරන් මගින් සිදුවන අනතුරු අවම කිරීම සඳහා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ද ක්‍රියාත්මක වන අතර ගිනි කෙළි භාවිතයේ දී සැලකිලිමත්ව කටයුතු කරන ලෙසත් ප්‍රමිතිගත ගිනිකෙළි භාවිත කිරීමට කටයුතු කරන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටින පොලිසිය කුඩා දරුවන් එවැනි දෑවලින් ඉවත් කරන ලෙසත් ඉල්ලා සිටී.
 
නගර කරා පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව මෙන් ම රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක වන අතර රථවාහන තදබදය අවම කිරීමට ද විශේෂ වැඩපිළිවෙළ යොදා ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.