• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නාම යෝජනා යළි පරීක්ෂාවට

f827065adced4fef6b385befeb5c21a2 Lපළාත් පාලන මැතිවරණයට අදාළ ව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල භාරගනු ලැබූ  නාමයෝජනා පත්‍ර  යළි පරික්ෂා කිරීම් කටයුතු මැතිවරණ මහලේකම් කාර්යාලයේදි මේ දිනවල සිදු කෙරෙන බව මැතිවරණ කොමිසම පවසයි.



භාරදුන් නාමයෝජනා පත්‍රවල සහතික කළ පිටපත් මැතිවරණ කොමිසම වෙත ගෙන්වාගෙන මෙම පරීක්ෂා කිරීම් කටයුතු සිදු කරන  අතර පරික්ෂා කිරීම් කටයුතුවලින් අනතුරුව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරිමේ කටයුතු ආරම්භ කිරිමට ද සැලසුම් කර ඇත.

මෙම පරික්ෂා කිරීම් වලින් අනතුරුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සහ ඡන්ද පොළ මධ්‍යස්ථාන වෙත යොමු කරන දැන්වීම් පත්‍රිකා තැපැල් මාර්ගයෙන් යොමු කිරීමට කටයුතු කරන බව ද මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.