• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනපතිගේ නත්තල් දින සුබ පැතුම් පණිවුඩය

HE 20ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නත්තල් උත්සවය වෙනුවෙන් නිකුත් කල සම්පූර්ණ සුබපැතුම් පණිවුඩය පහත සඳහන් වේ.

"අසිරිමත් විශ්ව මංගල්‍යයක දේශීය කොටස්කරුවන් වෙමින් මෙවර නත්තල් සමරන සහෝදර කිතුණු ජනතාවට වෙත මාගේ සුබ පැතුම් පිරිනමනු කැමැත්තෙමි.

දේවත්වය සහ මනුෂ්‍යත්වය එකට මුණ ගැසෙන අපූර්ව සන්ධිස්ථානයක් ලෙස නත්තල එදා මෙදා තුර මානව ඉතිහාසය තුළ සුවිශේෂි භූමිකාවක් හිමිකර ගෙන සිටි.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උපත ලබන්නේ අවිචාරය, අසමානත්වය හා කෲරත්වය මුල්බැසගෙන පැවති සමයකය. දේව වරමක මහිමය හිස දරා සිටියේ වුවද උන්වහන්සේ එකී දුර්ගුණයන් මැඩලීම උදෙසා සමස්ත මිනිස් වර්ගයාටම ආමන්ත්‍රණය කළේ ද මග පෙන්වනු ලැබුවේ ද සාමාන්‍ය මනුෂ්‍ය සමාජයේ සාමාජිකයෙකුට අත්වීමට සිදුවිය හැකි සියලු උවදුරුවලට මැදිවෙමිනි. එදා මිහිපිට ජීවත් වූ මිනිසාට මිනිස්කමේ ගැඹුර ද ඒ තුළ රඳවා ගතයුතු පරමාදර්ශී ගුණය ද නිවැරදිව හඳුනාගැනීමට හැකිවූයේ ඒ අනුවය.

අද මුළුමහත් ලෝකය ඉදිරියේ ඇති දැවැන්ත අභියෝග පිළිබඳව සළකා බැලීමේදී අප ඊට විසඳුම් සොයා යායුතු මග ඒ තුළ මැනවින් සනිටුහන් කර තිබේ. එනම් මනුෂ්‍යත්වය මුල්කරගනිමින් සියල්ලටම විසඳුම් සොයාගත හැකිවනු වගය. එහිදී තමා ද ජයගනිමින් අනෙකා කෙරෙහි දක්වන දයාව හා කරුණාව අවසානයේ සමස්ත මානව වර්ගයා සහජීවනය වෙත යොමුකරනවන බවය. මනුෂ්‍යත්වයට එරෙහිව එල්ල වී පවතින සෑම ගිනි අවියක්ම නිහඩ කර සාමයේ සිසිලස තුළ අනාගතය ප්‍රභාවත් කරගත හැක්කේ එවන් මගක යන ගමනකය.

එම උත්තරීතර චින්තය සැබෑ කරන්නා වූ ඒ මියුරු රිදී සීනු නාදය මේ න්තතලේ දී ලොවපුරා දස දෙසෙහි රැව් නැගේවා.
සමස්ත ලෝකවාසී කිතුණු ජනතාවට සාමය, සෞභාග්‍යය සහ සතුට සපිරි සුබ නත්තලක් වේවා යි ශුභාශිංසනය පළකරමි."

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.