• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඡන්දය දැමීමට තාවකාලික හැඳුනුම්පතක් නිකුත් කෙරේ

indexමෙවර පළාත් පාලන මැතිවරණයේ දී ජාතික හැදුනුම්පත් නොමැති ඡන්දදායකයින් සඳහා තාවකාලික හැදුනුම්පතක් නිකුත්කිරීමට මැතිවරණ කොමිසම තීරණය කොට ඇත.

තාවකාලික හැදුනුම්පත්  නිකුත් නොකිරීමට කලින් අදහස් කොට තිබුණ ද බොහෝ ඡන්දදායකයින්ට ජාතික හැදුනුම්පත් ලබා ගැනීමට ඇති අපහසුතාව සලකා මෙම තීරණය ගත් බවත් මේ සඳහා අදාළ චක්‍ර ලේඛණය ජනවාරි මස 2 වැනිදා  නිකුත් කරන බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීම සඳහා මීට පෙර අනුමත කොට තිබුණේ ජාතික හැදුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය, රියැදුරු බලපත්‍රය, වැඩිහිටි හැදුනුම්පත, රජයේ විශ්‍රාමික හැදුනුම්පත සහ පූජ්‍ය පක්ෂයට නිකුත් කරන හැදුනුම්පත් පමණි.

මේ අතර පසුගිය මැතිවරණ සඳහා කොමිසම විසින් නිකුත් කොට තිබූ තාවකාලික හැදුනුම්පත මෙම පළාත් පාලන මැතිවරණය සඳහා ද බලගැන්වීමට ගැන කොමිසම සාකච්ඡා කරමින් යන බව ද සභාපතිවරයා කීය.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා බාරදී ඇති අපේක්ෂකයින්ගෙන් 10%කට පමණ ජාතික හැදුනුම්පත් නොමැත.

ඔවුන් ඉදිරිපත් කොට තිබුනේ විදේශ ගමන් බලපත්‍රයි. සමහරුන් ඉදිරිපත් කොට තිබු ජාතික හැදුනුම්පත් දුර්වර්ණ වී අපැහැදිලි තත්ත්වයක  පැවැති බව ද දේශප්‍රිය මහකා තවදුරටත් කීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.