වැලිසර ප්‍රථම මෙගා සතොස ශාඛාව විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.
වර්තමානයේ අන්තර්ජාලය හරහා තමන්ට අවශ්‍ය බඩු භාණ්ඩ ඇනවුම් කිරීම දක්වා ලෝකයේ ඉදිරියට පැමිණ තිබෙන බවත් සුපිරි වෙළෙඳ සැල් ආරම්භ කිරීම දක්වා සතොස නවීකරණය වී තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙවැනි මෙගා වෙළඳසැල් 40ක් ඉදිරියේදී ලංකාව පුරා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අගමැතිවරයා ප්‍රකාශ කළ අතර කාර්ය බහුලත්වය හේතුවෙන් එක ස්ථානයෙන් සියලු භාණ්ඩ මිලදීමට ගැනීමට ජනතාවට පෙළඹී සිටින බැවින් සතොස මෙගා වෙළෙඳ සැල් එම කාර්යභාරය ඉටු කිරීමට කටයුතු කරන බව ද පෙන්වා දුන්නේය.
සතොස නවීකරණය කිරීමේ කටයුතු සිදුකරන අතරම සහන මිලට ජනතාවට භාණ්ඩ ලබාදීමේ කටයුත්තද ප්‍රධාන අරමුණ වී තිබෙන බවත් තරගකාරී වෙළෙඳ පොළ තුළ සතොස ජනතාවට සාධාරණ මිලට භාණ්ඩ ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.