• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රී ලංකාවේ අලංකාරම ගුවන් පාලම විවෘත වෙයි

rajaa33දීර්ඝ කාලයක් පුරා මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් රාජගිරියේ පැවති දැඩි වාහන තදබදයට විසඳුමක් ලබාදෙමින්, රාජගිරිය මංසන්ධියේ ඉදිකෙරුණු ගුවන් පාලම ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (08) පෙරවරුවේ ජනතා අයිතියට පැවරිණි.

මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව තිබුණේ මෙම වසර අවසානයේ වුවද මගී ජනතාවගේ පහසුව සදහා එහි කටයුතු මාස 11කට පෙර නිම කිරීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පියවර ගැනිණි. ස්පාඤ්ඤ සමාගමක් සහ දේශීය සමාගමක් එක්ව 2016 වසරේ ගුවන් පාලමේ ඉදිකිරීම් ආරම්භ කළ අතර, වැයකර ඇති මුදල රුපියල් මිලියන 4700 කි.

මංතීරු හතර බැගින් වූ ගුවන් පාලම දිගින් මීටර 534 ක් වන අතර මීටර 180 ක පිවිසුම් මාර්ගයක් ද ඊට ඇතුළත්ය. මීට සමගාමීව අවට මාර්ග රැසක් සංවර්ධනය කෙරෙන අතර නාරාහේන්පිට දෙසට ගමන් කිරීම සදහා විකල්ප මාර්ගයක් මෙන්ම බුත්ගම ුව දෙසට වන මාර්ගය මංතීරු 03 ක් සහිතව සංවර්ධනය කෙරිණි.

ඉහළ නවීන තාක්ෂණය යොදාගනිමින් ඉංජිනේරු ප‍්‍රමිතීන්ට අනුකූලව ඉදිකර තිබෙන පාලම යකඩ මත කොන්කි‍්‍රට් අතුරා ලංකාව තුළ ඉදිකළ ප‍්‍රථම ගුවන් පාලම ලෙස ඉතිහාසයට එක්වන අතර එමෙන්ම ලංකාවේ ඉදිකළ අලංකාරවත්ම ගුවන් පාලම ද වෙයි.

දිනකට වාහන ලක්ෂයකට වැඩි ප‍්‍රමාණයක් එහා මෙහා ගමන් කරන රාජගිරිය මංසන්ධිය අධික වාහන තදබදයක් සහිත මංසන්ධියක් ලෙස සැලකේ. මෙම අධික වාහන තදබදය පවතින අවස්ථාවල එම මාර්ගයේ වාහනවල වේගය පැයට කිලෝමීටර් දෙකක පමණ ඉතාම මන්දගාමී තත්ත්වයක පවතින අතර මෙම පාලම විවෘත කිරීමෙන් අනතුරුව රාජගිරිය අවට මාර්ගවල පවතින තදබදය තුරන් වී දැනට පවතින වේග සීමාව අට ගුණයකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂ කෙරේ.

සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ පීත්ත පටිය කපා නව ගුවම් පාලම විවෘත කිරීම ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතින් සිදු විය. ගුවන් පාලම ජනතා අයිතියට පවරාදීම සංකේතවත් කරමින් සමරු ඵලකය නිරාවරණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

අනතුරුව පැවතී උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ඉකුත් වසර 03 තුළ වත්මන් රජය ජනතාව වෙනුවෙන් රට තුළ ගෙන ගිය සංවර්ධන වැඩපිළිවෙළේ කඩිනමින් නිම කෙරුණු තවත් එක් සුවිශේෂී ව්‍යාපෘතියක් ලෙස මෙම ගුවම් පාලම හඳුන්වාදිය හැකි බවයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස, සමාජ අයිතීන් සහ මූලික අයිතිවාසිකම් මෙන්ම මාධ්‍ය නිදහස ද පිරිහී තිබූ යුගයක මේ රටේ ජනතාව අලුත් ගමනක් යාමට 2015 ජනවාරි 08 වනදා තමන් මේ රටේ රාජ්‍ය නායකයා ලෙස තෝරාගත් බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා ඉන් අනතුරුව ගතවූ තෙවසර තුළ රට ඉදිරියට ගෙන යාමට තිබූ අභියෝග රැසක් ජයග‍්‍රහණය කරමින් ශ්‍රී ලංකා මාතෘ භූමිය ලෝකයේ පිළිගත් රාජ්‍යයක් ලෙස ඔසවා තැබීමට තමාට හැකි වූ බවද කියා සිටියේය.


ජනවාරි 08 වනදා එම උදාර විප්ලවයට නායකත්වය දුන් සුවිශේෂී චරිතයක් වන පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ගේ නමින් මෙම ගුවන් පාලම නම් කිරීම සුදුසු බවද ජනාධිපතිතුමා මෙහිදී යෝජනා කළේය. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, චම්පික රණවක, වජිර අබේවර්ධන, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහ රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

rajagiriya

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.