• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පිළිසරු ව්‍යාපෘතියේ ගිවිසුමක් අත්සන් කරයි

34b2b698059d613bdd4bb8ab6970e80f Lඅපද්‍රව්‍ය කළමනාකරණය කරමින් සුන්දර පරිසරයක් පවත්වාගෙන යාම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ පිළිසරු ව්‍යාපෘතිය මඟින් මූල්‍යාධර ප්‍රදානය කිරීමේ ගිවිසුම් අත්සන් තැබීම පසුගියදා සිදු විය.

බත්තරමුල්ලේ පිහිටි මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී පසුගිය දා මෙම මූල්‍ය ආධාර ප්‍ර‍දානය කිරීම සිදු විය.


අදාළ ආයතනයන් හී දෛනික ඒකරාශී වන අපද්‍රව්‍ය කළමනාරකණය කර ගැනිම සඳහා ජීව වායු ඒකක ඉදිකිරීම සඳහාත්, කොම්පොස්ට් අංගනවලට අවශ්‍ය පහසුකම් වර්ධනය කර ගැනීම සඳහාත් මෙන්ම අවශ්‍ය යටිතල පහසුකම් සපුරා ගැනීම සඳහත් මූල්‍යාධාර ලබාදීම පියවරෙන් පියවර සිදුවනු ඇත. අදාළ  ප්‍රදානයන් සංකේතවත් කරමින් දෙපාර්ශවය අතර ගිවිසුම් අත්සන් කිරීම හා මූදල් අත්තිකාරම් ප්‍රදානය කිරීමත් සිදු විය.

මධ්‍යම පරිසර අධිකාරියේ සභපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතාගේ හා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අදාළ ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාව සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ලක්ෂමන් දිසානායක, වලපනේ ප්‍රාදේශීය සභාවේ වැඩබලන ලේකම්,පී.එස්.බී.මඩුගල්ලේ මහතා ඇතුළු පිළියන්දල එස්.ඕ.එස්. ළමා ගම්මානයේ හා මහඔය ප්‍රාදේශීය සභාවේ නිලධාරී මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.