• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජල රොකට්ටුවෙන් කොළඹ රාජකීයයන් ගිනස් පොතට

තත්පර පහක කාලයක් තුළ ජල රොකට් 2000 ක් ගුවන්ගත කිරීමෙන් ගිනස් වාර්තාවක් තැබීමට කොළඹ රාජකීය විද්‍යාලයීය දරුවන් සමත් වී තිබේ.

2013 වසරේ දී චීනයේ (Kung Yik She Secondary School (China) in Tin Shui Wai, Hong Kong, China ) කුන් යික් ශී ද්විතීයික පාසලේ සිසුන් විසින් තත්පර පහක් තුළ ජල රොකට් 1056ක් ගුවන්ගත කිරීමෙන් තැබූ ගිනස් වාර්තාව බිඳ හෙළමින් රාජකීය විද්‍යාලයේ සිසුන් විසින් පසුගිය දා (2017-11-10) එම වාර්තාව  අලුත් කොට තිබෙනවා.

මෙම ගිනස් වාර්තාවට අදාළ සහතිකය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වෙත පසුගියදා පිළිගන්වනු ලැබුවා. ඒ, අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති තෛපොන්ගල් දින සමරු උත්සවයෙන් අනතුරුවයි.  

විද්‍යාලයීය අජටාකාශ හා තාරකා විද්‍යා සංගමයේ 50 වැනි සංවත්සරය හා ලෝක විද්‍යා දිනය සැමරීමට සමගාමීව මෙම ජල රොකට් ගුවන්ගත කිරීම සිදුකොට ඇති අතර, ජල රොකට් ගුවන්ගත කිරීම සම්බන්ධ ව ශ්‍රී ලංකාවෙන් ගිනස් වාර්තාවක් බිහි වන ප්‍රථම අවස්ථාව ද මෙය වේ.

විද්‍යාවේ සහ තාක්ෂණයේ නව අත්හදාබැලීම් වෙත යොමුවෙමින්, ජයග්‍රහණ අත්පත් කරගන්නා නිර්මාණශීලී දරුවන් පාසල් පද්ධතිය තුළින් බිහිකිරීම රජයේ අපේක්ෂාව බවත්, ඒ වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සුවිශේෂ හඳුන්වාදීම් සහ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග රැසක් මේ වනවිට ක්‍රියාත්මක ව පවතින බවත් මෙහිදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

එමෙන් ම රටේ නම ජාත්‍යන්තරයට ගෙන යන, නව දැනුම සමඟ පෙරට යන විශිෂ්ට දරුවන් රටකට සම්පතක් බව සඳහන් කළ අමාත්‍යවරයා, ගිනස් වාර්තා තැබූ රාජකීය දරුවන්ට ඔවුන් දැක්වූ දක්ෂතා වෙනුවෙන් සිය ප්‍රශංසාව ද පළ කළේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.