• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

බැඳුම්කර සහ බරපතල වංචා දූෂණ වාර්තා පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාර දෙයි

Sri Lanka Right to Information Bill Parliament Maithripala Sirisena 01072016 webබැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ බරපතල වංචා සහ දූෂණ පිළිබඳ විමර්ශන වාර්තාව අද (17) පෙ.ව. 11.18ට පමණ පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දුන් බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,  ඉඩම් ප්‍රතිසංස්කරණ හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදීය.

 

ජනාධිපති කාර්යාලයේ නීති නිලධාරී නීතිඥ  මුදිත දිසානායක මහතා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා මෙම වාර්තා භාර දී ඇත.

 

බැදුම්කර ගනුදෙනුවට අදාළ කොමිෂන් වාර්තාවෙහි පිටපත් 26ක් (ඉංග්‍රීසි)  සහ එහි සංක්ෂිප්ත වාර්තාවක් ද  සහ බරපතල වංචා සහ දූෂණ පිළිබඳ විමර්ශන වාර්තාවෙහි පිටපත් 34 (සිංහල) ක් ද මෙහිදී මහලේකම්වරයා වෙත භාරදී ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.