• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

හදවත් දිනා ගැනීමේ යුද්ධය සඳහා සැකය තුරන් කළ යුතුයි - දකුණු පළාත් කාර්ය සාධක බලකායේ සභාපති

හදවත් දිනා ගැනීමේ යුද්ධය නිමා කිරීමට සැකය තුරන් කළ යුතු බවත් ඒ සඳහා සියලු දෙනාටම මිත්රයත්වයේ හස්තය දිගු කිරීම වැදගත් බවත් සංහිඳියා යාන්ත්‍රණය පිළිබඳ දකුණු පළාත් කාර්ය සාධක බලකායේ සභාපති වසන්ත කාරියවසම් මහතා පැවසීය.

ඊයේ (25) අතුරුගිරිය,බප/ජය/මහාමාත්‍යද විද්‍යාලයේ පැවති අහන්න පාසල් සිසුන් දැනුම්වත් කිරිමේ වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවේය.

 

සංහිඳියා යාන්ත්‍රණය සඳහා පාසල් සිසුන්ගේ කාර්යභාරය පැහැදිලි කරමින් සංහිඳියා යාන්ත්‍රණය පිළිබඳ දකුණු පළාත් කාර්ය සාධක බලකායේ සම්බන්ධීකාරක නිලධාරි සුදර්ශන විදනාපතිරණ මහතා විසින් මෙහිදී වැඩිදුරටත් පාසල් සිසුන් දැනුම්වත් කරන ලදී.


.
ජාති ආගම් කිසිදු භේදයකින් තොරව එකම රටක්, එකම ජාතියක් ලෙස ජනතාව අතර ජාතික සංහිඳියාව ගොඩනැගීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන මගින් දිවයින පුරා පාසල් සිසුන් දැනුවත් කෙරේ.

 

ජාතික සංහිඳියාව සහ සහජීවනය ජන මනස තුළ රෝපණය කිරීමේ වැදගත්කම පිළිබඳව ළමුන් හා ගුරුභවතුන් සමඟ විවෘත සාකච්ඡා වටයක් ද මෙහිදී පැවැත් වු අතර ළමුන්ගේ රසවින්දනය උදෙසා වීදි නාට්‍ය ,කෙටි චිත්‍රපට හා ගීත ප්‍රදර්ශන ද මීට ඇතුළත් කර තිබිණි.

 

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව හා සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ දායකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කෙරිණි.

 

මෙම අවස්ථාවට පාසලේ විදුහල්පති නීල් ක්‍රිෂාන්ත ඒකනායක මහතා ඇතුළු, ආචාර්ය මණ්ඩලය හා පාසල් සිසුන් සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.