• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රුවන්පුරටත් අධිවේගි මාර්ගයක්- පැය 3.30ක ගමන පැය 1.15ට කෙටි වෙයි

සබරගමුව පළාත් හා බස්නාහිර දකුණ ඇතුළු අනෙකුත් තදාසන්න ප්‍රාදේශ අතර ප්‍රවාහන සබඳතා වැඩි දියුණු කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද අධිවේගි මාර්ග සකස් කිරීමේ රුවන්පුර අධිවේගි මාර්ග ව්‍යාපෘතියේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත.

සමාන්‍ය මාර්ගය භාවිතා කර කොළඹ සිට රත්නපුර දක්වා ගමන් කිරිමට පැය 3.30 ක පමණ කාලයක් ගතවන අතර අධිවේගි මාර්ගයක් ඉදිකිරීම තුළින් පැය 1.15 ක කාලයකින් රත්නපුරයට ළඟා වීමට හැකි බව ඒ මහතා ප්‍රකාශ කළේය.

 

මෙම මාර්ග අදියර 03 ක් ඔස්සේ සිදු කරනු ලබන බව රුවන්පුර අධිවේගි මාර්ගයේ ව්‍යාපෘති අධ්‍යක්ෂක එච්.එම්.එම්.විජේසුන්දර මහතා පෙන්වා දුන්නේය.

එහි ඉඩම් අත්පත් කර ගැනිම කහතුඩුව- ඉංගිරිය මාර්ගයේ කි.මි.26.3ක්ද, ඉංගිරිය-කුරුවිට මාර්ගයේ කි.මි.56ක්ද, රත්නපුර- පැල්මඩුල්ල මාර්ගයේ කි.මි. 73.9 ලෙස සිදු කෙරේ. මෙහි පළමු අදියරය කටයුතු දැනටමත් ආරම්භ කර ඇත.

 

කොන්ත්‍රා මිළ ගණන් කැඳවිම, ශක්‍යතා අධ්‍යයන කටයුතු හා පාරිසරික බලපෑම් වර්තාවන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා දැනටමත් යොමු කර ඇති අතර පළමු අදිරයෙහි ඉඩම් අත්පත් කර ගැනිම 50% ක් දක්වා අවසන් වී ඇත.

 

එමෙන්ම විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ණය මුදල ලබා ගැනිමට අවශ්‍ය අයදුම්පත් ඉදිරිපත් කර ඇති බව විජේසුන්දර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.