• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

He news 2017 8 3066 වසරක් පුරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටත් ජනතාවත් වෙනුවෙන් ඉටුකරනු ලැබූවේ ඓතිහාසික කාර්යභාරයක් බව සිහිපත් කරන ජනාධිපතිතුමා මෙම සැප්තැම්බර් 03 වනදාට යෙදී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිමානවත් 66 වන සංවත්සරය සමරන්නේ දූෂණයෙන් තොර පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සඳහා සාමුහිකත්වයෙන් ගොඩනැඟිය යුතු පුළුල් දේශපාලන වැඩපිළිවෙළක පණිවිඩය රටට ලබාදෙමින් බව කියා සිටියේය.

kegalle 20178 30ගමට කෝටියක් යූත් විත් ටැලන්ට් කෑගල්ල දිස්ත්‍රික් ව්‍යාපෘති සියල්ල මේ වන විට ක්‍රියාත්මක හා අවසන් වෙමින් පවතින බව ජාතික තරුණ සේවා සභාවේ කෑගල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ මල්ලිකා කාන්ති ජයතිස්ස මෙනවිය ප්‍රකාශ කළාය. 

rural area‘එක් ගමක් එක් ප්‍රධාන නිෂ්පාදනයක්‘ යන තේමාව යටතේ දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවෙන 2017  සමෘද්ධි නිෂ්පාදන ආදර්ශ ගම්මාන සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනට සමඟාමී ව මාතර දිස්ත්‍රික්කයේ පරවාහැර දකුණ ගම්මානය තෝරාගෙන තිබේ.

Riceදේශීය වෙළඳපොළේ සහල් මිල ඉහලයෑම වැලක්වීමේ අරමුණින් සහල් මෙට්‍රික්ටොන් ලක්ෂයක් (100,000) ඉන්දියාවෙන්  ආනයනය කිරීමට පියවර ගත් බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

exampicනවීන තාක්ෂණය ආධාර කරගනිමින් සිදුකරන විභාග වංචා වැළක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට උපදෙස් ලබාගැනීම සඳහා විද්වත් කමිටුවක් ස්ථාපිත කිරීමට පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතාට උපදෙස් ලබා දුන්නේය.

Defence2017 8 30 11ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ අද්මිරාල් (විශ්‍රාමික) විලියම් ජේ ෆැලන් මහතා ඊයේ (අගෝස්තු 29) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය. 

He news 2017 8 30ලොව දෙවන උසම කන්ද ලෙසින් සැලකෙන K2 කඳු සිරස තරණය කිරීමට සහභාගි වන මහනුවර ධර්මරාජ විදුහල් බාලදක්ෂ කණ්ඩායම වෙත මූල්‍ය ප‍්‍රදානයන් පිරිනැමීම ඊයේ (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදුවිය.

green house2017 8 29කොළඹ දිස්ත්‍රික්කයේ නිවාසලාභීන් 1100කට සිය නිවෙස්වල වැඩ නිමකරගැනීම හෝ අලුත්වැඩියා කටයුතු කරගැනීම සඳහා සැමට සෙවණ විසිරි නිවාස ණය පිරිනැමීම අද (29) අරලියගහ මන්දිරයේ දී සිදු කෙරේ.

He news 2017 8 29දිවයිනේ ප‍්‍රදේශ ගණනාවකට බලපා ඇති වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය ගෙනයන වැඩසටහන්වල ප‍්‍රගතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අධීක්ෂණයට ලක් විය.

Health ministry news 2017 8 29උතුරු මැද පළාතේ අසාධ්‍ය වකුගඩු රෝගීන් සඳහා වූ සහන සත්කාර මධ්‍යස්ථානය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉදිකිරීම සම්බන්ධයෙන් මුලික අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (28) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කරන ලදි. ඒ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

Sri lanka freedom PA2017කුරුණෑගල දිස්ත්‍රික්කයේ, පොල්ගහවෙල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස අනුරාධ සම්පත් හේවගේ මහතා පත් කර තිබේ.

Hon Mangala samaraweeraපණ්ඩිත් අමරදේවයන් විසින් රටට දායාද කළ සියලු දේ ඉතිහාසයට පමණක් සීමා නොවී අනාගතයේ දී ශ්‍රී ලාංකේය කලාකෙත අස්වැද්දවීමට අමරදේව අසපුව තුළින් හැකියාව ලැබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.