• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ruralගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව මැතිවරණ කොට්ඨාසයේ ග්‍රාමීය මාර්ග රැසක සංවර්ධන කටයුතු ආරම්භ කිරීම උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් අද දවස (19) පුරා සිදු වේ.

ipSrilankanLogoජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම වහාම ක්‍රියාත්මක වන පරිදි Samsung Note7 ජංගම දුරකතන ශ්‍රීලංකන් සහ මිහින් ලංකා ගුවන් යානාවන් හි රැගෙන යාම සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.

rainමාතර දිස්ත්‍රික්කයට බලපෑ වියළි කාලගුණ තත්ත්වය නිමාවට පත් කරමින් දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට මෝසම් වර්ෂාව පතිතවීම ආරම්භ වී තිබේ.

Putin and Heශී‍්‍ර ලංකාව තුළ අද සිදුවෙමින් තිබෙන පරිවර්තනය පිළිබඳ තමා ඉතා සතුටුවන බව ප‍්‍රකාශ කරන රුසියා ජනාධිපති ව්ලැඩිමියර් පුටින් මහතා ශී‍්‍ර ලංකාවට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට සූදානම් බවට ජනපති හමුවේ සහතික වෙයි.

meeting2016මාතර දිස්ත්‍රික්කයේ සියලු ම සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම කමිටුවේ සම සභාපතිවරුන් වන මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ සහ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජය ලාල් ද සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගරයේ දී පැවැත්විණි.

mataraඔක්තෝබර් පළමුවැනිදාට යෙදෙන ලෝක ළමා දින සැමරුමට සමඟාමී ව දකුණු පළාතේ ළමා නිවාසගත දරු දැරියන් දහසකගේ සහභාගිත්වයෙන් දකුණු පළාත් සමාජ සුභසාධන හා ළමාරක්ෂක අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් ළමා දින සැමරුම් උළෙල පසුගියදා මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.‍

presidentබෙංගාල බොක්ක අවට රටවල ආර්ථික සහ සහයෝගීතා සංවිධානය හෙවත් බිම්ස්ටෙක් කලාපය තුළ වෙළෙදාම ප‍්‍රවර්ධනය කර ගැනීම සඳහා තාක්ෂණික දැනුම බෙදා හදා ගැනීම අත්‍යාවශ්‍ය බව පෙන්වා දෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ඒ සඳහා තාක්ෂණික සහයෝගීතා මූලස්ථානයක් බවට ශී‍්‍ර ලංකාව පත් කිරීමට සූදානම් බවත්, ඒ වෙනුවෙන් ආයතනයක් ද ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත්, ප‍්‍රකාශ කළේය.

mithripalasirisenaඅතිගරු භූමිභෝල් අදුල්යාදේ රජතුමාගේ අභාවය පිළිබඳ  තමා අතිශයින් කනගාටුවට පත් වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

srilankan and health team ශ්‍රීලංකන් ගුවන් සමාගම  එක්සත් රාජධානියේ සිට සෑම වසරක් තුළම Take Heart Mercy Mission වැඩසටහන සඳහා පැමිණෙන  හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම (www.takeheartmercymission.com), සඳහා ගුවන් පහසුකම් සලසා දී තිබේ. මොවුන් මෙරට,  හෘද දෝෂ සහිත දරුවන්ගේ හෘද රෝග වෙනුවෙන් සැත්කම් සිදුකිරීම සඳහා පැමිණෙන ලදී.

srilankan and codeu team ශ්‍රීලංකන්  ගුවන් සේවයේ උණුසුම් ආගන්තුක සත්කාරය සමඟ බටහිර ඉන්දීය කොදෙව් ‘A’ ක්‍රිකට් කණ්ඩායම පසුගිය සැප්තැම්බර් මස 30 වැනිදා UL 504 දරණ ගුවන් යානයෙන් ලන්ඩන් සිට කොළඹ බලා පැමිණ ඇත. ශ්‍රීලංකන් ව්‍යාපාරික පංතියේ අති නවීන සැපපහසු ආසන වල මෙන්ම උණුසුම් ආගන්තුක සත්කාරය අත්විදිමින් මෙම කණ්ඩායම මෙරටට පැමිණ තිබේ.

cementsඅඩු ආදායම් ලාභී පවුල් සඳහා නිවාසාධාර ලබාදීමේ වැඩසටහන යටතේ සිමෙන්ති ආධාර බෙදා දීමේ වැඩසටහනක් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් 16 වැනිදා මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

fisheriesහික්කඩුව පැරෑලිය නව ධීවර නැංගුරම්පොළකට මුල් ගල තැබීම මේ මස 17 වන දින ප.ව 4.00ට ධීවර හා ජලජසම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.