• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

mithripalasirisenaතාක්ෂණ නිලධාරින් ලෙස බඳවා ගත් විශ‍්‍රාමික රණවිරුවන් 50 දෙනෙකුට ජනපති අතින් පත්වීම් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ආරම්භ කළ විශ‍්‍රාමික රණවිරු මානව සම්පත ජාතික සංවර්ධනය සඳහා යොදා ගැනීමේ ජාතික වැඩසටහනේ පළමු අදියර ලෙස තාක්ෂණ නිලධාරින් ලෙස බඳවා ගත් විශ‍්‍රාමික රණවිරුවන් 50 දෙනෙකුට පත්වීම් ලිපි ප‍්‍රදානය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

flowමාස කිහිපයක් තිස්සේ පවතින දැඩි නියගය නිසාවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරක පවුල් 6087ක සාමාජිකයින් 17690ක් පානීය ජලය නොමැති කමින් පීඩාවට පත්ව සිටිති.

vehicleදකුණු පළාතේ ලියාපදංචි වාහන සඳහා ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ දී මින් ඉදිරියට කාර්යාල ඉදිරියේ පෝළිමේ නොසිට අන්තර් ජාලය හරහා ආදායම් බලපත්‍ර ලබා ගැනීමට පහසුකම් සලසා ඇති බව දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ඩබ්.ජී. අමිල ඉන්දික මහතා පවසයි.

sweemingමාතර දිස්ත්‍රික් පිහිනුම් ශූරතා තරගාවලිය දින දෙකක් පුරාවට මාතර රාහුල විද්‍යාලීය පිහිනුම් තටාකයේ දී පැවැත්විණි.එහි බාලක ශූරතාව මාතර රාහුල විද්‍යාලය දිනාගත් අතර, බාලක අනුශූරතාව බ්‍රිලියන්ස්ටාර් ජාත්‍යන්තර පාසල විසින් දිනාගන්නා ලදි.

heආසියානු කලාපයට පොදුවේ බලපාන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන ආසියානු සහයෝගීතා සංවාද සමුළුව රටවල් 34 ක සහභාගිත්වයෙන් මේ දිනවල බැංකොක් නුවරදී පැවැත්වෙන අතර එහි රාජ්‍ය නායක සමුළුව අද (10) පැවැත්වෙයි.

speakerශ්‍රී ලංකාව හා චීනය අතර පාර්ලිමේන්තු සබඳතා සවිමත් කිරීමේ අරමුණින් චීන රජයෙන් ලද විශේෂ ආරාධනයකට අනුව කථානායකවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකවරුන් ඊයේ (09) සන්ධ්‍යාවේදී චීනය බලා පිටත් වූහ.

PMබටහිර රටවල් විසින් සම්පාදනය කළ ගෝලීය ආර්ථිකයේ නීතිරීති මෙතෙක් කල් අප විසින් ක්‍රියාත්මක කරනු ලැබූව ද අද වන විට මෙම ක්‍රමවේදය විවිධ අර්බුදයන්ට ලක් වී තිබෙන තත්ත්වය මත මෙම නීතිරීති සම්පාදනය කිරීමේ අවස්ථාව ආසියාව වෙත ලබාගැනීමට හැකි නම් එම අභියෝග ජය ගෙන යුරෝපා රටවල් අභිබවා යාමට පවා ආසියාවට හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

NIOSHජාතික වෘත්තීය සුරක්ෂිතතා සතිය අද (07) සිට ලබන 14දා දක්වා පැවැත්වීමට කම්වරු අමාත්‍යංශය, කම්කරු දෙපාර්තමේන්තුව හා වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය එක්ව සංවිධානය කරනු ලබයි.

child  ඔක්තෝබර් පළමුවැනිදාට යෙදෙන ලෝක ළමා දින සැමරුමට සමඟාමී ව දකුණු පළාතේ ළමා නිවාසගත දරු දැරියන් දහසකගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන ළමා දින සැමරුම් උළෙල සහ දකුණු පළාතේ වැඩිහිටි ප්‍රජාවගේ සහභාගිත්වයෙන් පවත්වනු ලබන ජාත්‍යන්තර වැඩිහිටිදින සැමරුම් උළෙල ඔක්තෝබර් 10 හා 11 දෙදින මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.

it bpoතොරතුරු තාක්‍ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි  බාහිරකරණය ( ITBPO ) ආශ්‍රිත ව වසර 2022 වන විට ශ්‍රී ලංකාව තුළ  රැකියා අවස්ථාවන් ලක්‍ෂ හතරක් පමණ  උත්පාදනය විය හැකි බව අපේක්‍ෂා කෙරේ. මේ සදහා වන මානව සම්පත සුදානම් කිරීමේ එක් අදියරක් වශයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් දිවයිනේ පාසල් මට්ටමින් ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

Ranjith siyambalapitiyaලංකා විදුලිබල මණ්ඩලයේ  නියාමන ආයතනය මහජන උපයෝගීතා කොමිසමයි වන අතර එම කොමිසම සමඟ මාස 06 කට වතාවක් ඉදිරි මාස 06 කට උපකල්පනය කරන ආදායම් හා වියදම් අනුව මණ්ඩලය මුහුණදෙන  මූල්‍යමය තත්ත්වය හා ඒ පිළිබඳව ගතයුතු පියවර මොනවාදැයි යන්න ගැන අදහස් හුවමාරු කරගැනීම සාමාන්‍ය ක‍්‍රියාවලියක් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති  අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

INdu srilanka friendshipsශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික භාවයෙන් ඔබ්බට ගිය සුවිශේෂි මිත්‍රත්වයක් බවත් දෙරට අතර විවිධ ක්ෂේත්‍රයන් අතර සම්බන්ධතා පුළුල් කිරීමට මෙම මිත්‍රතත්වය හේතු සාධක වන බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.