• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

cebLogo
දකුණු පළාතේ සංවර්ධන කටයුතු වෙනුවෙන් යෙදවෙන පළාත් නිශ්‍රිත සංවර්ධන අරමුදල් උපයෝගී කර ගනිමින් මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොදු ස්ථාන තුනක් සඳහා විදුලි බලය ලබා දීමට පියවර ගැනේ.

wasteප්‍රජා මූල කසළ කළමනාකරණ ව්‍යාපෘතිය පිළිබඳව පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද  (25) ගාල්ල මහ නගර සභාවේදී පැවැත්විණ.

kegalle
ආපදාවෙන් අවතැන්වු කෑගල්ල ,අරනායක, බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වතු ජනතාව වෙනුවෙන් ජිවනෝපාය වැඩ සටහනක් ආරම්භ කර ඇත.

hotel
සංචාරක හා හෝටල් ක්ෂේත්‍රයේ රැකියා සඳහා තරුණ තරුණියන් යොමු කිරීමේ වැඩසටහනක් මේ මස 25 සහ 26 යන දෙදින පෙ.ව 8.30ට ගාල්ල, හබරදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Hon
පිළිකා රෝගීන්ට නොමිලේ ඖෂධ ලබාදිම වෙනුවෙන් රෝහල් විසින් ඉදිරිපත් කළ සියලු ඖෂධ බිල්වලට මුදල් ගෙවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ලේකම්වරයා උපදෙස් ලබා දුන් බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

child
ඉදිරියේ එළඹෙන සංචාරක සමය ආරම්භ වීමත් සමඟ වර්ධනය වෙතැයි සැක කරන ළමා අපයෝජන වළක්වා ගැනීම සඳහා හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංචාරක කලාපයේ ව්‍යපාරික ස්ථාන සහ ස්ථානීය දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ගාල්ල දිස්ත්‍රික්කයේදී පැවැත්විණි.

Hon GayanthaK. RTI meeting galle
“රජයක් හැටියට මාධ්‍යවේදීන් ඉහළ නැංවීමට අවශ්‍ය සියලු ම පියවර ගන්නා" බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

Consumer Affairs Authority

පාරිභෝගික අධිකාරිය විසින් මෙම වසරේ මුල සිට ‍අගෝස්තු 09 දක්වා කාලසීමාව තුළ පාලන මිලට වැඩියෙන් භාණ්ඩ විකුණූ වෙළඳුන්ට එරෙහිව කරන ලද  වැටලීම් 12000 කට වැඩි ප්‍රමාණයක් සිදු කොට ඇති  අතර, ඒ පිළිබඳව මහේස්ත්‍රාත් අධිකරණවල පැවරූ නඩුවලින්  රුපියල් මිලියන 56කට වැඩි  දඩ මුදලක් දඩ වශයෙන් අය කරගෙන තිබේ.

Meeting 2016.08.12

විශිෂ්ට පරිචයන් සහ නිර්මාණශීලී හඳුන්වාදීම්  රාජ්‍ය පරිපානය තුළ බෙදා දීමේ ශාස්ත්‍රීය සම්මන්ත්‍රණයක් මෙම මස 18 වෙනි දින පෙ.ව 9.00ට ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී පැවැත්වීමට නියමිතය.

election

ඡන්දය වෙනුවෙන් තරුණ පරපුර දිරි ගැන්වීමටත්, ඔවුන් දැනුම්වත් කිරීම සඳහාත් සිදු කෙරෙන වැඩසටහනක්  අද  (12) ගාල්ලේ දී පැවැත්වේ. මේ අවස්‍තාව සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශ වලින්  තරුණ තරුණියන් 300ක් පමණ සහභාගී වීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.