• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

Japanese Naval ship in the island 2017 8 22ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බළකායට අයත් “අමගිරි” නෞකාව (Japanese Maritime Self Defence Force Ship, - JMSDF ‘Amagiri’) තෙදින නිලසංචාරයක් සඳහා ඊයේ (අගෝ 21) හම්බන්තොට වරායට සේන්දුවූ බවත් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

peoples2017 8 22නියඟයෙන් හානියට පත්වූ ගොවිබිම්වල, ගොවි ජනතාවට වියළි ආහාර සලාකයක් ලබාදීමට ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දුන් උපදෙස් අනුව එම කටයුතු මේ වන විට විධිමත්ව ක්‍රියාත්මක වෙමින් පවතී.

HEපොල්ගස් ඕවිට, සියඹලාගොඩ ශ්‍රී නිලංකා බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ පැවැත්විණි.

landජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක වන ඉඩම් අයිතිය නොමැතිව කාලයක් පදිංචිව සිටි පුද්ගලයන්ට හිමිකම් ඔප්පු බෙදා දීමේ කඩිනම් ජාතික වැඩසටහන් මාලාවේ සමාරම්භක උත්සවය අද (21) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ  ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Election comission 2017 8 212017 ඡන්ද හිමි නාමලේඛනයේ කෙටුම්පත සකස්කර අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මෙම කෙටුම්පත  මැතිවරණ කොමිෂන් සභාවේ www.elections.gov.lk වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කෙරේ. 

sri lanka army logoශ්‍රී ලංකා යුධ හමුදා පොලිසිය සහ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව එක්ව නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින (Absent Without Official Leave - AWOL) යුධ හමුදා සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය සිකුරාදා (අගෝ 18) දින දිවයින පුරා විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී.

He news 2017 8 21පොල්ගස් ඕවිට, සියඹලාගොඩ ශී‍්‍ර නිලංකා බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ පැවැත්විණි.

defence news 2017 8 19“ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිවීම, ගෝලීය ප්‍රවණතා” (‘Countering Violent Extremism, Global Trends’) මැයෙන් මෙවර සංවිධානය වන “කොළඹ ආරක්‍ෂක සමුළුව - 2017” (7th ‘Colombo Defence Seminar - 2017) හත්වැනි වරටත් එළැඹෙන 28 සහ 29 දෙදින තුළ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කරයි.

Hon patali champika Ranawakeමාර්ගයේ මැද තීරුව භාවිත කරමින් සීග‍්‍රගාමී බස් සේවාවක් ආරම්භ කරන අතර ම මෙරට මාර්ගයන් හි ව්‍යූහාත්මක වෙනසක් ඇති කළ යුතු යැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

 
He news 2017 8 18වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා ශ්‍රී ලංකාවේ 21 වන නාවික හමුදාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත්කර තිබේ.

heමහවැලි ජනපදිකයන්ට ඉඩම් ඔප්පු ලක්ෂයක් පිරිනැමීමේ ජාතික වැඩසටහන යටතේ වික්ටෝරියා සහ කොත්මලේ පදිංචි ඉඩම්ලාභීන් 1,300 කට ආසන්න සංඛ්‍යාවකට ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) දිගන මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණයේ දී  පැවැත්වීමට නියමිතය.

HEජාතික ආර්ථික සභාව පිහිටුවීමට තමා තීරණය කළේ රටේ ආර්ථික කළමනාකරණය වඩා විධිමත් කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.