• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

birdශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලන් සිව් දෙනෙකුගේ රුව ඇතුළත් සමරු මුද්දර හතරක් අද (16) තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් තලවතුගොඩ දියසරු තෙත් බිම් උද්‍යානයේ දී සිදු කෙරේ.

pm Passportතවත් මාස කිහිපයකින් විදේශ ගමන් බලපත්‍රය සඳහා මයික්‍රෝ චිප් තාක්‍ෂණය ඇතුළත් කෙරෙන අතර ඒ අනුව තමන්ගේ ඇඟිලි සලකුණ, ඡායාරූපය සහ තවත් තොරතුරු ගණනාවක් ඊට ඇතුළත් කෙරෙන බවත් එය නව දියුණුවක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

facilities9පාසල් පුස්තකාල 3,312 ක් සඳහා අවශ්‍ය කියවීම් පොත් මිලදී ගැනීමට රුපියල් මිලියන 700 ක මුල්‍ය ප්‍රතිපාදන ප්‍රදානය කිරීම පසුගිය දා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණි.

Ministry of Education2019 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයට ඉදිරිපත් වන, සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය විෂය හදාරන  සියලු සිසුන්ට පැරණි විෂය නිර්දේශය ම තවදුරටත් ක්‍රියාත්මක කිරීමටයි,  අධ්‍යාපන ලේකම්වරයා විසින් උපදෙස් ලබාදී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

IDශ්‍රී ලංකාවේ වයස අවුරුදු 15ට වැඩි සියලුම පුරවැසියන් පිළිබඳ "ජාතික පුද්ගල නාමලේඛයක්" සකස් කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යයි.

priceඑළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් ජීවන වියදම පාලනය කිරීමේ ක්‍රමවේදයක් වශයෙන් පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් "සහන මිල වෙළඳසැල්" (Fair Price Shops) ඇති කිරීමටත්, එමගින් සහල්, පරිප්පු, සීනි, හාල්මැස්සන්, ළූණු, අර්තාපල් හා ටින් මාලූ ඇතුලු අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 08ක් ඇතුළත් සහන මල්ලක් (Budget Pack) වෙළෙඳපොළ වෙත හඳුන්වා දීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී  තීරණය කර තිබේ.

electionඑළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්කිරීමේ කාලය දෙසැම්බර් 22දා දක්වා දීර්ඝ කිරීමට කටයුතු කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

mahinda desathpriyaනාමයෝජනා භාරදීමේ කාලය තුළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බැවින් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට වෙත දැනුම් දී ඇතැයි  මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

pm 12අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ගුවන් හමුදාපති බිරේන්ද්‍ර සිං දනොවා මහතා අතර හමුවක් ඊයේ (11) දින අරලියගහ මන්දිරයේ දී සිදු විය.

committeeදුම්රිය වෘත්තීය සමිති විසින් දින 5ක් තිස්සේ පවත්වාගෙන යන දුම්රිය වැඩ වර්ජනයට තුඩු දී ඇති ඉල්ලිම් ගැන සොයාබලා ඒ පිළිබඳව ගතහැකි ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කොට ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.