• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

 YAM8089තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සහ සවිබලගැන්වීම සඳහා පුළුල් වැඩසටහන් ලබන වසරේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා පැවසීය.

83539 nimalදුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් කර තිබියදී සේවයට වාර්තා නොකරන දුම්රිය සේවකයන් සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කරන බව  ප්‍ර‍වාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

Hambanthota portශ්‍රී ලංකා රජය සමඟ එක්ව ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා චයිනා මර්චන්ට් පෝට් හෝල්ංඩිංග්ස් සමාගම සමඟ අත්සන් කෙරුණු හම්බන්තොට වරාය ගිවිසුම අද (9) සිට නිල වශයෙන් ක්‍රියාත්මක වේ.

05 7ජාත්‍යන්තර මත්ස්‍ය හා මුහුදු ජීවි ආහාර ප‍්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව ඊයේ (08) පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ, විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේ දී පැවැත්විණි.

ශ‍්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් අතර මුහුදු ආහාර සහ ඒ ආශි‍්‍රත නිෂ්පාදන ප‍්‍රචලිත කිරීමේ අරමුණින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සහ එයට අනුබද්ධ ආයතන එක්ව මෙම ප‍්‍රදර්ශනය සංවිධානය කර තිබෙන අතර එය 09 සහ 10 දෙදින පුරා විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේ දී පැවැත් වේ.

ප‍්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා දෙස් විදෙස් මත්ස්‍ය හා මුහුදු ජීවී ආහාර ප‍්‍රදර්ශන කුටි නිරීක්ෂණය කළේය.

මත්ස්‍ය හා මුහුදු ජීවි ආහාර ප‍්‍රවර්ධනය වෙනුවෙන් දිගු කලක් කටයුතු කළ නාරා ආයතනයේ නිලධාරින් වෙත සහතික පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි, ධීවර අමාත්‍යාංශයේ ලේකම් මංගලිකා අධිකාරි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

IMFශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ලබාගෙන ඇති තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකමට අදාළ වන එක්සත් ජනපද ඩොලර් මිලියන 251.4 ක වටිනාකමකින් යුතු තුන්වැනි වාරිකය අනුමත කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් තීරණය කර තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

RTI logoබස්නාහිර පළාතේ සියලුම තොරතුරු නිලධාරීන්ගේ අත්දැකීම් හුවමාරු වැඩසටහන ලබන 11 වැනි දා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

akila educationඅධ්‍යාපනයේ ගුණාත්මක බව වර්ධනය කරමින්, අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයේ අනිවාර්ය විෂයන් ප්‍රමාණය ඉදිරියේ දී විෂයන් 06 කට සීමා කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

sagalaපොලිස් සේවයේ විශාල අර්බුදයක් බවට පත්වෙමින් තිබූ උප පොලිස් පරීක්ෂක සේවයේ උසස් වීම් ලබා දීමේ ක්‍රමවේදය විධිමත් හා කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා කටයුතු කර ඇත. ඒ අනුව දැනට උප පොලිස් පරීක්ෂක සේවයේ කටයුතු කරන නිලධාරීන් 3029 දෙනෙකු පොලිස් පරීක්ෂකවරුන් ලෙස උසස්වීම් හිමිවනු ඇත.

exam deptඅධ්‍යයන පොදු සහතික සාමාන්‍ය විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම අද (06) මධ්‍යම රාත්‍රී 12.00 සිට  විභාගය අවසන් වන ලබන 21 වැනිදා දක්වා සම්පූර්ණයෙන් තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා සඳහන් කරයි.

1A1A7014මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන්ට සිදුවූ බලපෑම් පිළිබඳ පරීක්ෂණ සඳහාත් මූලිකත්වය ලබා දී කටයුතු කරන්නැයි ඒ පිළිබඳ පරීක්ෂණ කරන ආයතනවලට නියෝග කර ඇති බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

pm december 4පසුගිය රජය යටතේ මෙරට මාධ්‍යවේදීගේ ජීවිත හා දේපළ නැති වී ගිය  අතර මේ  වන විට ඇති වී තිබෙන ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය තුළ සම්පූර්ණ මාධ්‍ය නිදහස ලබා දී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා පැවසීය.

නවතම පුවත්

මාධ්‍ය නිවේදනය - 2019.10.15- ජනාධිපතිවරණය 2019- තැපෑලෙන් නිල ඡන්දය දීමේ පහසුකම් සහ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම

15 October 2019

මාධ්‍ය නිවේදනය - 2019.10.15- ජනාධිපතිවරණය 2019- තැපෑලෙන් නිල ඡන්දය දීමේ පහසුකම්...

මාධ්‍ය නිවේදනය- 2019.10.15

15 October 2019
මාධ්‍ය නිවේදනය- 2019.10.15

ගතවූ පැය 24 කාලය (2019.10.14 ප.ව.4.30 දක්වා ) තුළ මැතිවරණ...

මාධ්‍ය නිවේදනය - 2019.10.14- ජනාධිපතිවරණය 2019

14 October 2019

මාධ්‍ය නිවේදනය - ඡන්ද පොළේදී ඡන්දදායකයින්ගේ අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්යයි

මාධ්‍ය නිවේදනය- 2019.10.14

14 October 2019

ගතවූ පැය 24 කාලය (2019.10.13 ප.ව. 4.30 දක්වා) තුළ මැතිවරණ...

මාධ්‍ය නිවේදනය - 2019.10.12 - ගත වූ පැය 24 තුළ (2019.10.11 ප.ව.4.30 දක්වා ) මැතිවරණ පැමිණිලි සාරාංශය

12 October 2019

ගත වූ පැය 24 තුළ (2019.10.11 ප.ව.4.30 දක්වා ) මැතිවරණ පැමිණිලි...

අමාත්‍ය මණ්ඩල තීරණ 2019.10.09

10 October 2019
අමාත්‍ය මණ්ඩල තීරණ 2019.10.09

2019.10.09 වැනි දින රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුණු තීරණ පහත...

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ ජන්ද විමසිම -2019

10 October 2019

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ ජන්ද විමසිම -2019 ගතවු...

මාධ්‍ය නිවේදනය 2019.10.09 - ගත වූ පැය 24 තුළ මැතිවරණ පැමිණිලි ‌‌

09 October 2019

ගත වූ පැය 24 කාලය තුළ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ...

මාධ්‍ය උපමාන ගැසට් නිවේදනය - ජනාධිපතිවරණය 2019

08 October 2019
 මාධ්‍ය උපමාන ගැසට් නිවේදනය  - ජනාධිපතිවරණය 2019

මාධ්‍ය උපමාන ගැසට් නිවේදනය - ජනාධිපතිවරණය 2019  

ජනාධිපතිවරයා ‌‌තෝරා පත් කර ගැනීම පිළිබඳ ඡන්ද විමසිම- 2019

08 October 2019

ජනාධිපතිවරයා ‌‌තෝරා පත් කර ගැනීම පිළිබඳ ඡන්ද විමසිම- 2019 2019.11.16...

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ ඡන්ද විමසීම - 2019

07 October 2019

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම  පිළිබඳ ඡන්ද විමසීම - 2019...

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ ඡන්ද විමසීම - 2019

07 October 2019

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ ඡන්ද විමසීම - 2019...

මාධ්‍ය නිවේදනය- 2019.10.06- මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක්

06 October 2019
මාධ්‍ය නිවේදනය- 2019.10.06- මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක්

වැඩවර්ජනවලින් ඉවත් වී බාධාවකින් තොරව ජනාධිපතිවරණය පැවැත්වීමට සහාය ලබාදෙන ලෙස...

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.

world wesak conferace final logo