• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

He news 2017 9 14 2ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය යටතේ පවතින ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ නව ගොඩනැගිල්ල ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (13) පෙරවරුවේ විවෘත කෙරිණි.

He news 2017 9 රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් පත්කරන ලද ජාතික ආර්ථික සභාව පළමු වරට ඊයේ (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.

He news 2017 9 13 23සිරගතවූවන්ගේ සුබසාධනය අරමුණු කරගනිමින්, සෑම වසරකම සැප්තැම්බර් මස 12 වැනිදාට යෙදෙන ජාතික සිරකරු දිනයට සමගාමීව කි‍්‍රයාත්මක කරනු ලබන කොඩි සතියේ සමාරම්භය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පැළඳවීම ඊයේ (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

He news 2017 9 13 2222සංචාරක සංවර්ධන හා කි‍්‍රස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අරුන්දික ප‍්‍රනාන්දු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් කර තිබේ.

He news 2017 9 12 33සමස්ත ලංකා සෙවිලි උළු නිෂ්පාදකයින්ගේ සංගමයේ සහ සමස්ත ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමයේ නියෝජිතයෝ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති  මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවී තම වෘත්තීන්ට අදාළ ගැටලු පිළිබඳ සාකච්ඡාවක නිරත වූහ.

He news 2017 9 12 22ලබන මස 05 වන  දින ආරම්භ කිරීමට නියමිත ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාම සතිය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ජනාධිපති  මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (11) පස්වරුවේ පැවැත්විණි.

He news 2017 9 12ශී‍්‍ර ලංකාව සඳහා අලුතින් පත් කෙරුණු නව තානාපතිවරු තිදෙනෙකු ඊයේ (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත‍්‍ර භාරදුන්හ.

National bulding logoරත්නපුර, කළුතර, ගාල්ල, කෑගල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික් 05 සඳහා ඉදිරි පැය 24 කාලය සඳහා නායයෑම් අනතුරු නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කොට ඇත.

He news 2017 9 11 44මහවැලි ගොවි දූ පුතුන්ගේ කී‍්‍රඩා දක්ෂතා උරගා බැලෙන වාර්ෂික මහවැලි කී‍්‍රඩා උලෙළ 29 වන වරටත් ඊයේ සහ අද දෙදින පුරා පොළොන්නරුව ජාතික කී‍්‍රඩාංගණයේදී පැවැත්වුණු අතර, එහි සමාප්ති උත්සවය ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (10) පස්වරුවේ පැවැත්විණි.

 
He news 2017 9 11 233ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවා තිබෙන”වැවක් සමග ගමක්” ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියේ 50 වන වැඩසටහන පොළොන්නරුව, කවුඩුල්ල, මිරිස්හේන ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පැවැත්විණි. 

He news 2017 9 11 22වගා නොකරන සියලුම පෞද්ගලික ඉඩම් වගා කරන පිරිස් සඳහා ලබාදීමට පවතින නීති රිති යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කරන බව ජනාධිපතිතුමා පවසයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.