• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නිදහස සිත් සේ විඳින්න අපූරු තෝතැන්නක්

Seethawaka uyana 9නිවාඩුවක් විවේකී සති අන්තයක් එනකොට අපි හැමෝම කැමතියි මේ කලබලකාරී ජීවන රටාවෙන් මිදිලා  ටිකක් නිදහසේ ඉන්න. ඒ ඈතට යන්න බැරි වුනත් ටිකක් කොළඹ ඇතුලෙම පුංචි රවුමක් දාන එක බොහෝ දෙනාගේ පුරුද්දක්.



ඒක ගතට වගේම සිතටත් සුවයක්. ඒ වගේම අපේ මානසික සෞඛ්‍ය සඳහා ඔසුවක්. එහෙම පුරුද්දක් තියෙන අයට යන්න අපූරු තැනක් කොළඹට ආසන්නයේම දැන් විවෘත වෙලා තිබෙනවා. ඒ තමයි සීතාවක තෙත් කළාපීය උද්භිද උද්‍යානය. මේක තියෙන්නේ අවිස්සාවේල්ල ඉලුක්ඕවිට ප්‍රදේශයේ. ඉතිං ඔබට මේ කර්යක්ෂම සමාජ වටපිටාවේ ඉන්න ඔබට ඒ ඒකාකරී ජීවන රටාවෙන් මිදිලා ටිකක් නිදහසේ සැනසීමේ ඉන්න තැනක් ගැන ඔබට තොරතුරු ගෙන එක මටත් පිනක් කියලා හිතලා මේ උද්‍යානයේ විස්තර ටිකක් ඔබට සැළ කරන්නම්. විැශ්ෂයෙන් කොළඹ අවට උදය වරුවේ කාර්යාලයේ වායු සමනය යටට වී සිටින, රාත්‍රියේදී නිවසේ කොන්ක්‍රීට් වනාන්තරවලට වී එහි පහස ලබන ඔබට මෙය කදිම පණිවිඩයක් වේවි. 


බස්නාහිර පළාතේ අවිස්සාවේල්ල ඉළුක්ඕවිට ප්‍රදේශයේ පිහිටා ඇති සීතාවක උද්භිත උද්‍යානයට ප්‍රවේශ මාර්ග දෙකකි. කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ අවිස්සාවේල්ල දෙසට 46 KM ගියවිට හමුවන පුවක්පිටිය දුම්රිය ස්ථානය අසලින් තුන්මෝදර මංසන්ධියෙන් හැරී 6 KM ගියවිට සීතාවක උද්භිත උද්‍යානයට ලඟාවිය හැකිවේ. තුන්මෝදර මංසන්ධියේ සිට බසයෙන් හෝ ත්‍රීරෝද රථයෙන් වුවද ගමන්කීරීමේ හැකියාව තිබේ. බසයෙන් ගමන්ගන්නා විට මාර්ග අංක 239 (අවිස්සාවේල්ල - පාදුක්ක) මගින් ලඟාවිය හැක. නැතහොත්, පාදුක්ක නගරයට පැමිණ, පාදුක්ක නගරයේ සිට මාර්ග අංක 239 (අවිස්සාවේල්ල - පාදුක්ක) ඔස්සේ 17 KM ගොස් බසයෙන් මෙම ස්ථානයට ලඟාවිය හැක. සෑම විනාඩි 30 වරක් බසයක් මාර්ගයේ ධාවනය වේ. අවිස්සාවේල්ල - පාදුක්ක මාර්ගය අතරතුර ඇති නාන තොටුපළ කිහිපයක්ද මෙම ගමනේ හමුවේ.Seethawaka uyana 3


සරු තේ යායකට සහ රබර් යායකට මායිම් වෙලා නිර්මාණය වුණ මෙම සීතාවක උද්භිද උද්‍යානය දැනට වසර දෙකකට පමණ ඉහතදී  විවෘත වූවක්. මේ නිසා මේ ගැන බහුතරයක් දෙනා නොදැනුවත්. පරිසරයේ සුන්දරත්වය විඳින්න ,මල් බලන්න, සොබා සිරි නරඹන්න අපි නුවරඑළියට හග්ගල‍ට නැත්නම් පේරාදෙණියට ම යන්න ඕනි. ඒත් දැන් අපිට පුංචි විකල්ප ස්ථානයක් තියෙනවා. හග්ගල, පේරාදෙනිය තරමටම නැතිවුවත් ටිකක් හරි ඒ හා සමාන. අගනුවරට නුදුරින් පැය එක හමාරක දෙකක කෙටි කාලයකින් ළඟා විය හැකි සොඳුරු මල් උයනක් විදිහට මෙය සැළකිය හැකියි.


ශ්‍රී ලංකාවේ පළමුවැනි උද්භිද උද්‍යානය වන්නේ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයයි. එය 1821 වසරේදී ආරම්භ විය. දෙවැන්න වන්නේ හග්ගල පිහිටි උද්භිද උද්‍යානයයි. එය 1861 වසරේදී ඇරැඹී ඇත. තෙවැන්න වන්නේ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයයි. එය 1876 වර්ෂයේ දී ආරම්භ කර තිබේ. මිරිජ්ජවිල පිහිටි සිව්වැනි උද්භිද උද්‍යානය ආරම්භ කරනු ලැබුවේ 2013 වසරේ දී ය. ඒ අනුව 2015 වසරේ මාර්තු 25 වැනි දින ඇරැඹූ සීතාවක පිහිටි තෙත් කලාපීය උද්භිද උද්‍යානය මෙරට පස්වැනි උද්භිද උද්‍යානය ලෙස සම්භාවනාවට පාත්‍රව ඇත.


මෙලෙස ශ්‍රී ලංකාවේ පස්වැනි උද්භිද උද්‍යානය ලෙස ඉතිහාසයට එක්වූ සීතාවක උද්භිද උද්‍යානය , පිවිසුම් දොරටුවේ සිටම මවන්නේ අපූර්ව චමත්කාරයකි. පසෙකින් පස්පියුමින් සුසැදි විලකි. හිරු කිරණ වැදී බැබළෙන නිල්වන් දිය දහර ,විචිත්‍රවත් ය. රොන් බී මත්වූ බිඟුන්ගේ නද විල් තෙර පුරා සිසාරා යයි. බිම් ඇතිරුම් ගල්වලින් අලංකෘත වු උද්‍යානයට පිවිසීමට ඇති මාවත, මුළු උද්‍යානයටම අපූර්ව සුන්දරත්වයක් එක්කරමින් සිටී. ඈතින් පෙනෙන නිල්ල පිරි ගහකොළ, ස්වභාදම් මෑණියගේ අපූර්ව දායාදයක් බඳු ය. ගත සිත ප්‍රබෝධවත් කරමින් හමාඑන මදනළ, අව් රශ්මිය මදක් අවම කිරීමට සමත්ය. Seethawaka uyana 10


උද්‍යානය ආරම්භ කිරීමේ මූලික පරමාර්ථය වුයේ අභියෝගයට ලක්ව ඇති පහත රට තෙත් කලාපීය වනාන්තර වල ඇති වෘක්ෂලතාදිය අනාගත පරපුර සඳහා සංරක්ෂණය කිරීමට සුරුකුම් (විතැන් ශාක සංරක්ෂණ) මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමයි. මීට අමතරව මෙම උද්‍යානය පාරිසරික සංචාරක මධ්‍යස්ථානයක් ලෙසද, මෙම ප්‍රදේශයේ ආර්ථික වර්ධනයට දායක වන හා තෙත් කලාපීය භූ දර්ශන වැඩි දියුණු කිරීමේ ආදර්ශයක් ලෙසද වැදගත් වනු ඇත. දිගුකාලීනව වැඩි ප්‍රසිද්ධියක් නැති හා ඌන උපයෝජිත ශාඛ වර්ග දැක බලාගැනීමටත්, ඖෂධීය ශාඛ කර්මාන්තයේ වර්ධනය සදහාත්, තෙත් කලාප තුළ, උද්භිත විද්‍යාව හා මල් වගාව පිළිබඳ අධ්‍යාපන හා පුහුණුව ලබා දීම සඳහාත් මධ්‍යස්ථානයක් ලෙස මෙය මහජනතාවට සේවා සපයනු ඇත.Seethawaka uyana 7


උද්‍යානය තුළ භූමිය ප්‍රධාන කොටස් කිහිපයකට බෙදා වෙන්කර ඇත. එනම්, තේ වගාව, මීවන උයන, රුක් උයන්, තර්ජිත ශාක එකතුව, තාල ශාක එකතුව, මුදුන් උයන/ රෝස උයන, මධ්‍යම තෘණ පිටිය සහ වැව 1,2 හා 3 ආදී ලෙසයි. මින් වැව 01 හංස බෝට්ටු සඳහා වෙන්කර ඇති අතර මධ්‍යම තෘණ පිටිය හා ඒ අවට ප්‍රදේශය මංගල ඡායාරූපකරණයට වෙන්කර ගැනීමේ හැකියාවද ඇත. හංස බෝට්ටු සඳහා ප්‍රවේශපත් ඇතුල්වන විටම ගතයුතු අතර මංගල ඡායාරූපකරණය සඳහා කලින් දින වෙන්කර ගැනීමට හැකිය.


ලබුගම ජලාශයට ජලය සපයන ජල ‍පෝෂක කලාපයට යාබදව පිහිටි හරිත වනයෙන් අක්කර 106 ක බිම් කඩක් මෙම උද්‍යානය සඳහා වෙන් වෙලා තියෙනවා.  මෙහි මුළු බිම් ප්‍රමාණය හෙක්ටෙයාර් 43 (අක්කර 106) ක් පමණ වේ. පහතරට තෙත් බිම්වලට ආවේණික තුරුලතා ආරක්ෂා කිරීම, අලුතින් සිටුවා සංරක්ෂණය කිරීම මෙන්ම ඒ පිළිබඳ අධ්‍යයනයෙහි යෙදෙන විද්‍යාර්ථීන්ට හා විද්වතුන්ට එහි පැමිණ තුරු ලතා අධ්‍යයනය කරන්නට, පර්යේෂණ කරන්නට හා තුරු ලතා සෙවණෙහි පහස ලබන්නටත් එහි ඉඩ සලසා තිබීම සුවිශේෂීත්වයක්. එබැවින් මෙම උද්‍යානය හුදු විවේකය සහ විනෝදය සපයන මල් වත්තක් සේ සැළකිය නොහැක. එහි ඖෂධීය ශාක හා විසිතුරු මල් හා උද්භිද විද්‍යානුකූල පැළැටි බෝ කිරීමට, ඒ පිළිබඳ පර්යේෂණ කිරීමට අධ්‍යයනය කිරීමට මෙන්ම අලෙවි කිරීමට පහසුකම් එහි සපයලා තිබේ.


මල් වගාව, කාබනික වගාව, ඔසු වගාව හා මල් හා පැළ අපනයනය සඳහා මෙහි පහසුකම් සැලසෙනවා. උද්භිද විද්‍යාව හා පරිසර විද්‍යා සිසුනට පර්යේෂණගාර පහසුකම් සැලසීම, ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා වන පාරිසරික මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාම මෙන්ම සත්ත්ව හා ශාඛ පිළිබඳ පර්යේෂණායතනයක් ලෙස කටයුතු කිරීමත් මෙයින් ඉටුවෙන අනෙකුත් සේවාවන්.Seethawaka uyana 6


උයන මැද පිහිටි වැව හා ජල උද්‍යානය නරඹන්නන් සඳහා වන බෝට්ටු සේවය එහි යනෙන සංචාරකයන් වඩාත් ආකර්ෂණය කරගන්නවා . පහතරට තෙත් කලාපයට ආවේණික දුලභ ශාක විශේෂ 100 කට අධිකව ඇති මෙහි වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති වල්ලාපට්ටා, බිම් පොල් ඇතුළු තාල වර්ග‍යේ දෙබඩි පොල්, මීමනවර්ග හා ඖෂධීය ශාක සමූහයකින් යුත් ප්‍රාදේශීය ශඛාගාරයකින් ද යුතු වීම එහි ඇති විශේෂත්වයක් සේ සැළකිය හැක. මල් වගාව, කාබනික වගාව, ඔසු වගාව හා මල් හා පැළ අපනයනය සඳහා මෙහි පහසුකම් සැලසෙනවා. උද්භිද විද්‍යාව හා පරිසර විද්‍යා සිසුනට පර්යේෂණගාර පහසුකම් සැලසීම, ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා වන පාරිසරික මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාම මෙන්ම සත්ත්ව හා ශාඛ පිළිබඳ පර්යේෂණායතනයක් ලෙස කටයුතු කිරීමත් මෙයින් ඉටුවෙන අනෙකුත් සේවාවන්.


අලුතින් ම ඉදි වූ උද්‍යානයේ නරඹන්නන්ට අවශ්‍ය පොදු පහසුකම් බොහොමයක් සපුරා තිබෙනවා. දුර බැහැර සිට එහි යන සංචාරකයන් සඳහා තවමත් අවට නවාතැන් පහසුකම් ඉදිවී නොමැති වීම දුර්වලතාවයක් සේ සැළකිය හැකිය. කෙසේ වුවද අගනුවර සිට කෙටි කාලයක් තුළ ළඟා වී විවේකය විනෝදය මෙන් ම දැනුම ලබා ගන්නට හැකි සොඳුරු තෝතැන්නක් ලෙස සීතාවක උද්භිද උද්‍යානය හඳුන්වන්නට පුළුවන. 


036-379-5295 යන දුරකතන අංකයෙන් වැඩි විස්තර ලබාගත හැකිය.


උද්‍යානය දිනපතා උදෑසන 7.30 සිට සවස 6 දක්වා විවෘතව ඇති අතර ප්‍රවේශ පත්‍ර සවස 5 වන තෙක් නිකුත් කරයි.
 
 
 
 
මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න,
ජන සන්නිවේදන අධ්‍යනාංශය,
කැලණිය විශ්ව විද්‍යාලය.

නවතම පුවත්

ඊවා වනසුන්දර මහත්මිය වැඩබලන අගවිනිසුරු ලෙස දිවුරුම් දෙයි

14 September 2017
ඊවා වනසුන්දර මහත්මිය වැඩබලන අගවිනිසුරු ලෙස දිවුරුම් දෙයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය වැඩබලන අගවිනිසුරු ලෙස ඊයේ (13)...

“ජනාධිපති තාත්තා” ග‍්‍රන්ථය එළිදැක්වීම 15 වනදා

14 September 2017
“ජනාධිපති තාත්තා” ග‍්‍රන්ථය එළිදැක්වීම 15 වනදා

ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කථාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් අතිශය...

ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ නව ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත කෙරේ

14 September 2017
ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ නව ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත කෙරේ

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය යටතේ පවතින ඔරුගොඩවත්ත...

අමාත්‍ය මණ්ඩල තීරණ 2017-09-12

13 September 2017
අමාත්‍ය මණ්ඩල තීරණ 2017-09-12

ජෛව සුරක්ෂිතතා පනත් කෙටුම්පත

රටේ ජාතික ආර්ථිකය සවිමත් කිරීමට ජාතික ආර්ථික සභාව ඇරඹේ

13 September 2017
රටේ ජාතික ආර්ථිකය සවිමත් කිරීමට ජාතික ආර්ථික සභාව ඇරඹේ

රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට...

සිරකරු සැමරුම් දින පළමු කොඩිය ජනපතිට පළඳවයි

13 September 2017
සිරකරු සැමරුම් දින පළමු කොඩිය ජනපතිට පළඳවයි

සිරගතවූවන්ගේ සුබසාධනය අරමුණු කරගනිමින්, සෑම වසරකම සැප්තැම්බර් මස 12 වැනිදාට...

නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු මහතා ධුරයෙන් ඉවත් කෙරේ

13 September 2017
නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු මහතා ධුරයෙන් ඉවත් කෙරේ

සංචාරක සංවර්ධන හා කි‍්‍රස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු...

මහවැලි සංචාරක බංගලා වෙන් කිරීම අන්තර්ජාලයෙන්

12 September 2017
මහවැලි සංචාරක බංගලා වෙන් කිරීම  අන්තර්ජාලයෙන්

මහවැලි සංචාරක බංගලා අන්තර්ජාලය ඔස්සේ වෙන් කර ගැනිමේ පහසුකම දේශීය...

නව රාජ්‍ය තාන්ත‍්‍රිකයෝ තිදෙනෙක් ජනපතිට අක්තපත‍්‍ර භාර දෙති

12 September 2017
නව රාජ්‍ය තාන්ත‍්‍රිකයෝ තිදෙනෙක් ජනපතිට අක්තපත‍්‍ර භාර දෙති

ශී‍්‍ර ලංකාව සඳහා අලුතින් පත් කෙරුණු නව තානාපතිවරු තිදෙනෙකු ඊයේ...

දිස්ත්‍රික් 05කට නායයෑම් අනතුරු නිවේදන

11 September 2017
දිස්ත්‍රික් 05කට නායයෑම් අනතුරු නිවේදන

රත්නපුර, කළුතර, ගාල්ල, කෑගල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික් 05 සඳහා...

2017 මහවැලි කී‍්‍රඩා උලෙළ සමාප්ති උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

11 September 2017
2017 මහවැලි කී‍්‍රඩා උලෙළ සමාප්ති උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

මහවැලි ගොවි දූ පුතුන්ගේ කී‍්‍රඩා දක්ෂතා උරගා බැලෙන වාර්ෂික මහවැලි...

“වැවක් සමග ගමක්” වැඩසටහනේ 50 වන වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්

11 September 2017
“වැවක් සමග ගමක්” වැඩසටහනේ 50 වන වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්

  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවා...

දැනට වගා නොකරන පෞද්ගලික අංශයේ සියලුම ඉඩම් වගා කළ යුතු බවට නීතිරීති සම්පාදනය කරන බව ජනපති පවසයි

11 September 2017
දැනට වගා නොකරන පෞද්ගලික අංශයේ සියලුම ඉඩම් වගා කළ යුතු බවට නීතිරීති සම්පාදනය කරන බව ජනපති පවසයි

වගා නොකරන සියලුම පෞද්ගලික ඉඩම් වගා කරන පිරිස් සඳහා ලබාදීමට...

රණවිරුවන්ගේ ආරක්ෂාවට අදාළව රජයේ ප‍්‍රතිපත්තිමය වැඩපිළිවෙළ ඉතා ශක්තිමත් බව ජනපති පවසයි

11 September 2017
රණවිරුවන්ගේ ආරක්ෂාවට අදාළව රජයේ ප‍්‍රතිපත්තිමය වැඩපිළිවෙළ ඉතා ශක්තිමත් බව ජනපති පවසයි

හමුදාපතිවරයාගේ සිට අවසාන යුද සෙබළා දක්වා ඉහළ සිට පහළට සියලු...

මි.මි.75-100ක තද වැඩි ඇතිවිය හැකියි- වැසි තත්ත්වය තව දුරටත්

09 September 2017
මි.මි.75-100ක තද වැඩි ඇතිවිය හැකියි- වැසි තත්ත්වය තව දුරටත්

දිවයිනේ, විශේෂයෙන් නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි...

ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ සේවයේ නියුතුව සිටියදී මියගිය පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් නව නිවසක්

09 September 2017
ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ සේවයේ නියුතුව සිටියදී මියගිය පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් නව නිවසක්

ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ සේවයේ නියුතුව සිටියදී 2015-09-10 වන දින සිදුවූ...

මියන්මාරයෙන් ජනපතිට තෑගි ලැබුණු ඇත් පැටවා ඓතිහාසික දළදා මාලිගාවට පූජා කෙරේ

09 September 2017
මියන්මාරයෙන් ජනපතිට තෑගි ලැබුණු ඇත් පැටවා ඓතිහාසික දළදා මාලිගාවට පූජා කෙරේ

ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මියන්මාර් රජයෙන් කරන ලද විශේෂ ඉල්ලීමක්...

දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා සාමූහික වැඩපිළිවෙළකට එක්විය යුතු බව ජනපති අවධාරණය කරයි

09 September 2017
දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා සාමූහික වැඩපිළිවෙළකට එක්විය යුතු බව ජනපති අවධාරණය කරයි

  එදිනෙදා සමාජයේදී දරුවන්ට මුහුණදීමට සිදුව තිබෙන හිංසනයන්ගෙන් ඔවුන් මුදා...

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.

world wesak conferace final logo