• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රී ලංකාවේ ඇති අත්භූත ස්ථාන

Lakegala 2017 2 1දානිගල කන්ද- අරලගංවිල



මාදුරු ඔය මිටියාවතන්  අහස උසට නැගෙන දානිගල කන්ද නොහොත් දන වානා ගල පර්වතය ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවස දක්වා දිවෙන අතීතයක් සහිතය. 


පිටසක්වල ජීවින් පැමිණෙන ඉසව්වක් ලෙසින් සැළකෙන බැවින් මෙම පර්වතය Alien Mountain ලෙසින්ද හදුන්වයි. කන්දේගම ගම්මානයේ පිහිටා ඇති මෙහිදී අත්භූත භූ විෂමතාවයක් දැකගත හැකි නමුත් මේ පිළිබඳව විධිමත් හැදෑරීමක් කිසිවකු විසින් හෝ මේ වන තෙක් සිදුකර නොමැත.



වන පෙත මැද කටාරම් කොටන ලද ගුහා සංකීර්ණයක සැතපෙන බුදු පිළිමයක් සහිත පිළිම කීපයක් ම දක්නට ලැබෙයි. සැතපෙන පිළිමයේ සිරස නැත. නිදන් හොරුන්ට එය බිලිව ඇත.



අතිශය සුන්දර වන පෙත මැදින් වැටී ඇති ගිරි දුර්ගය ඔස්සේ සැදුම්ලත් මෙම ස්ථානය කෙසේ නිර්මාණය වූවක් දැයි තවමත් මනාවිසඳුනු අභිරහසකි.



නාලන්දා ගෙඩිගේ


මාතලේ ප්‍රදේශයේ ඉදිකර  ඇති මෙය දිවයිනේ මධ්‍ය ලක්ෂයේ පිහිටා ඇති බව බොහෝ දෙනාගේ මතයයි. පැරණි ගෘහ නිර්මාණ ශිල්පයේ එක් ලක්ෂණයක් වූ ගෙඩිගේ හෙවත් ගිංජිකාවත්ත සහිත වහළ ක‍්‍රමය මෙම ගෙඩිගේ සඳහා පියස්ස කොට ගෙන ඇත. 



සූර්යයාගෙන් ලැබෙන ශක්තිය අවශෝෂණය කරගත හැකි අපූරු වාස්තු විද්‍යාත්මක ක්‍රමයකට මෙය නිමවා තිබීම සුවිශේෂීත්වයකි.


අනුරාධපුරය යුගයට අයත් නිර්මාණයක් බවට විශ්වාස කරන මෙහි ක්‍රි.පූ.6 වන සියවසේ සිට 9 වන සියවස දක්වා පැවති පල්ලව අධිරාජ්‍යය සමයේ තිබුණු පල්ලව ගෘහ නිර්මාණ ශිල්පයේ දියුණුතම අවදිය ලෙස සැලකෙන නරසිංහවර්මන් හෙවත් මාමල්ල ශෛලිය ගුරු කරගනිමින්  නිර්මාණයකොට තිබේ.
ගල්පුවරු වලින් නිමවූ  උස් වේදිකාවක් මත පිහිට වූ මෙම ගෘහය දකුණු ඉන්දිය පල්ලව සම්ප‍්‍රදායට නෑකම් ඇති වාස්තු විද්‍යාත්මක ලක්ෂණ ගුරුකොට නිමැවූවකි.


එලෙස පල්ලව ශෛලිය යටතේ ඉදිකළ වර්තමානය වනවිට ලංකාවේ ඉතිරිව තිබෙන එකම බුද්ධ ප්‍රතිමා මන්දිරය වන්නේ නාලන්ද ගෙඩිගෙයයි.


කෝවිලක ස්වරූපයෙන්ම  නිර්මාණය කර ඇති නාලන්ද ගෙඩිගේ ඉදිකිරීම් කටයුතුවලදී ථේරවාද මෙන්ම මහායාන ඇදහිලිත් ඊට අමතරව  හින්දු ඇදහිලිත් මිශ්‍ර කර තිබේ. 


මේ ආසන්නයේ ඉදිකෙරුණු ජලාශය නිසා නාලන්දා ගෙඩිගේ මුල් පිහිටීම වර්තමානය වන විට වෙනස් වී ඇත.



තිවංක පිළිමගෙය


තොරතුරු අනුව පොළොවට අඩිතාලම් නැති ලංකාවේ එකම ගොඩනැගිල්ල මෙය වේ.


ක්‍රි ව. 1153-1186 කාලයේ මහා පරාක්‍රමබාහු රජු විසින් සාදා මහා සංඝයා වෙත පිරි නැමූ බව කියවේ. මහල් තුනකින් සමන්විත වූ මෙය උසින් අඩි 133ක් වන අතර පලල අඩි 67.6ක් වේ. එසේම ගඩොල් බිත්තියක ඝනකම අඩි 7-12 අතර වේ. මෙහි ඇතුලත  ඇති කැටයම් වලත්  ගගනගාමී ඇඳුම් සහිත මිනිසුන් සිටීමත් නිසා අතීතයේ පිටසක්වල ජීවීන් මෙහි පැමිණි බවට සාක්ෂි දරයි. මෙහි බාහිර ස්වරූපය හින්දු කෝවිල් සම්ප්‍රදාය අනුගමනය කරමින් සකස් කර ඇතැයි සිතිය හැක. ගඩොල් මත බදාමයෙන් සැකසූ විවිධ දේව රූප, වාමන රූප මෙන්ම සිංහ රූපද දැක ගත හැකිය. වසර 900ක කාලයක් පුරාවට ස්වභාදහමේ විවිධ අකාරුණිකකම් මෙන්ම ඉන්දීය චෝල, මාග වැනි ආක්‍රමණ නිසා ද මෙහි පිලිම ගෙය විනාශයට පත්ව ඇත. කෙසේ නමුත් එකල මෙම නිර්මාණය කරන්නට ඔවුන් කොයිතරම් වෙහෙසක් දරන්නට ඇත්දයි සිතිය නොහැකි තරම්ය.



Lakegala 2017 6 16ලකේගල කන්ද



ජනප්‍රවාදයන්ට අනුව මෙය රාවණ යුගයේ ස්වභාවික පිරමීඩයක් ලෙස භාවිත කළ බවද රාවණ රජුගේ දඩුමොණරය ගුවන් ගත කල ස්ථානය බවට ද මතයක් ඇත. ලකේගල බලන බලන විට වෙනස් වන කළු ගලක් බව කියවේ. එදෙස එක් වරක් බලා අඩි දහයක් පමණ ඉදිරියට ගොස් නැවතත් හැරී බැලූ විට එහි තිබූ හැඩය වෙනස්ව දිස් වෙයි. මෙලෙස එකල රජවරුන්ගේ යුධ උපක්‍රමයක් වූ ස්වභාවික මායා ක්‍රමය මෙහි ගැබ් වූ නිසා රාවනා රජු මෙය ස්වභාවික බලකොටුවක් ලෙස ද භාවිතා කර ඇත. එසේම ලකේගල කදු මුදුනේ රාවනා රජුගේ ආකාශ පරීක්ෂණ මධ්‍යස්ථානයක් තිබූ බවට සැලකෙන අතර එහි අදටත් පැරණි ගොඩනැගිලි වල නටබුන් දක්නට ලැබේ.‍ මෙම කන්ද ඉතාමත් අසීරුවෙන් තරණය කළ යුතු කඳු ශිඛරයක් වන අතර එම කන්ද ආශ්‍රිතව ජීවත් වන ජනතාවගේ දේහ ලක්ෂණ තුළින් පැරණි යක්ෂ ගෝත්‍රික දේහ ලක්ෂණ දක්නට ලැබේ. එසේම ඔවුන් අදටත් අදහන්නේ රාවණා දෙවියන් වන අතර වෙනත් දෙවිවරුන් පිළිබඳ ඔවුන් නොදන්නා තරම්ය. පැරණි රාවණා කවි අදටත් ඔවුන් කටපාඩමින් කියන අතර පැරණි බෙහෙත් හා මන්ත්‍ර වැනි දේ අදටත් නොනැසී පවතියි. 


උස්සන්ගොඩ 



උස්සන්ගොඩ ශ්‍රී ලංකාවේ පිහිටි සුවිශේෂී පරිසර පද්ධතියකි. මෙය අභය භූමියක් සේ නම් කර ඇති අතර හෙක්ටයාර 111 ක් ක පමණ ප‍්‍රදේශයක ව්‍යාප්තව ඇති ශුෂ්ක පරිසර පද්ධතියක පිහිටි දුර්ලභ  පුරා විද්‍යාත්මක උරුමයක් ලෙස සළකන ප‍්‍රදේශයකි. විද්‍යාඥයින්ගේ මතය වන්නේ වසර මිලියන 15කට පමණ ඉහතදී උල්කාපාතයක් කඩා වැටීම නිසා මෙම භූමිය නිර්මාණය වී ඇති බවයි. මෙහි ඇති මදටිය ඇට මෙන් රතු  පැහැයෙන් යුතු පස් මත තැනින් තැන උණු වූ යකඩ නොහොත් පාෂාණ විශේෂයක් දැකගත හැකිය. උල්කාපාතයක්‌ පිපිරීමේ දී පිට වන අධික තාපය මඟින් පාෂාණ උණු වී ගොස්‌ මෙසේ සිදුව ඇති බව මෙම විද්‍යාඥයින්ගේ මතයයි. අද වන විටත් මෙම භූමිය තුල ශාක නොවැඩෙන අතර තෘණ විශේෂයක්‌ අතරින් පතර තැන් කිහිපයක පවතින කුඩා පඳුරු කිහිපයක්‌ හැර වෙනත් ශාකයක් නොමැති තරම්ය. පිටසක්වළ ජීවීන් සමග සෘජු සබඳතාවක් පවත්වා ගන්නා බිමක් ලෙස හඳුන්වන උස්සන්ගොඩ වටා ගෙතී ඇති ජනකතා අතර හනුමන්තා ගෙන ආ බෙහෙත් කන්දෙන් පතිත වූ කුඩා කැබැල්ලක් ලෙසටත් හඳුන්වා දෙනවා. දුර්ලභ ඖෂධ වර්ග රැසක් දැකගත හැකි මෙම භූමිය ශ්‍රී ලංකාවේ 21 වැනි ජාතික උද්‍යානය ලෙස නම්කොට ඇත. උද්‍යානයේ දකුණු මායිම් ප්‍රදේශය තද බෑවුම් සහිත වන අතර ගල්පර වලින්ද  යුක්‌තය. එසේ විහිදී යන බෑවුම අවසානයේ මනරම් සාගර පරිසර පද්ධතියකට විවර වේ.  



Lakegala 2017 88
රූමස්සල කන්ද 



ගාල්ල නගරය ආසන්නයේ ඇති අත්භූත කතා ‍රැසකට සම්බන්ධ  මෙම කන්ද ආශ්‍රීතව ඉතා දුර්ලභ ඖෂධ ශාක වර්ග රාශියක් හමුවී ඇත. නොගැඹුරු ගාලු මුහුදු තීරයේ බොනවිස්‌ටාව නමැති සුන්දර කොරල් පරයත්, උණවටුනත් රූමස්‌සල නිසාම බිහිවුණු මන බඳනා ප්‍රදේශ ලෙස සළකයි. ආතර් සී. ක්ලාක් මහතා පවසා ඇත්තේ මෙම කන්ද  අවුරුදු දහස් ගණනකට පෙර වැටුණු උල්කාපාතයක කොටසක් බවයි. ජනප්‍රවාදයේ සඳහන් වන්නේ මෙය හිමාලයේ කොටසක් බවයි.දුර්ලභ ගණයේ ඖෂධ වර්ග 150 කට වැඩි ප්‍රමාණයක් එහි පැවතීමෙන් එය හනුමාන් ගෙන ගිය ඖෂධ වනාන්තරයෙන් කැඩී වැටුණ කෑල්ල ලෙස ජනප්‍රවාදයේ සඳහන් වෙයි. කෙසේ වුවද රූමස්සල කඳු වැටිය මෙම ස්ථානයට ආගන්තුකව ලැබුණු එකක් බව ඉතිහාසයද කියයි. එයට හොඳම නිගමනය දක්වන්නේ රාමායනයයි. මෙහි ඇති ජෛවවිධත්වයත් පාරිසරික අගයත් සලකා 2003 දී රජය විසින්  අභය භූමියක්‌ බවට රූමස්‌සල පත්කර ඇති අතර හෙක්‌ටයාර් 170 ක්‌ වන රූමස්‌සල අභය භූමියේ හෙක්‌ටයාර් 20 ක්‌ම රක්‍ෂිත වනාන්තරයක් වේ. මෙම කඳු මුදුනේ පලතුරු ගස් වලින් අනූන පලතුරු  උයන් ඇති අතර වසර පුරා ඒවායේ ඉදුණු පලතුරු පවතී. එහි යන කෙනෙකුට ඕනෑතරම් පලතුරු කෑ හැකිය නමුත්  ආපසු යන විට ගෙන යා නොහැකි බවද කියවේ. මෙම කඳු වැටිය පිළිබඳ ජනප්‍රවාද රාශියක්ම අති අතර ඉන් ප්‍රධාන වන්නේ රාවණා රජුගේ කථාවයි. එනම් හනුමන්තාගේ අත්වැරුද්දකින් හිමාල කන්දේ කොටසක් වැටී රූමස්සල කන්ද ලෙසට නිර්මාණය වූ බවටයි.



දිඹුලාගල රජමහා විහාරය 



පොලොන්නරුව නගරයේ සිට කිලෝමීටර් 20ක් පමණ දුරකින් පිහිටා ඇති මෙය දුම්රග්ගල, දූමරක්ඛ පබ්බත ආදී නම් වලින්ද හඳුන්වා ඇත. මෙහි ඉතිහාසය විජය රජුගේ සමය තෙක් දිව යයි. එනම් විජය කුවේණී පලවා දැමීමෙන් පසු පැමිණ තම නෑදෑයන් ජීවත් වූයේ මෙම ප්‍රදේශයේ බව ජනප්‍රවාදයන්හි සඳහන් වෙයි. මෙම විහාරයට අයත් දිඹුලාගල කඳු වලල්ලෙහි ලෙන් කිහිපයක්ම  පිහිටන අතර ඒවායේ කටාරම් වලට ඉහලින් බ්‍රාහ්මි අක්ෂර කොටා ඇත.
පියාසර වස්තූන්වලින් පැමිණෙන පිටසක්වල ජීවීන්ගේ නවාතැන්පොළක් දිඹුලාගල පර්වතය මුදුනෙහි පිහිටා තිබූබව ගවේෂන කණ්ඩායමක් විසින් සොයාගෙන ඇත. රාත්‍රී කාලයේදී මෙම ස්ථානයට විවිධ වර්ණයන්ගෙන් යුත් ආලෝක ධාරා පැමිණෙන අයුරු ආරණ්‍ය සේනාසනයේ වැඩවසන භික්ෂූන් වහන්සේලාට දැක ගන්නට ලැබෙන බවත් සඳහන් වේ.



මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න,
ජන සන්නිවේදන අධ්‍යනාංශය,
කැලණිය විශ්ව විද්‍යාලය

නවතම පුවත්

ආචාර්ය ධර්මසේන පතිරාජ මහතාගේ කලා දිවියට වසර 50ක් සැපිරීමේ උපහාර උළෙල හෙට

25 June 2017
ආචාර්ය ධර්මසේන පතිරාජ මහතාගේ කලා දිවියට වසර 50ක් සැපිරීමේ උපහාර උළෙල හෙට

ශ්‍රී ලාංකීය සිනමාවේ ප්‍රගමනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ...

සර්ටිස් ලංකා සමූහයේ හතළිස් වන සංවත්සර සැමරේ

25 June 2017
සර්ටිස් ලංකා සමූහයේ හතළිස් වන සංවත්සර සැමරේ

සර්ටිස් ලංකා සමූහයේ හතළිස් වන සංවත්සර සැමරුම හා සම්මාන රාත්‍රිය...

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් පාසල් දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සහන පැකේජක්

24 June 2017
   ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් පාසල් දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සහන පැකේජක්

ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යළි...

ජලයට තනි අයිතිකරුවෙක් නොමැතිවීම ජල කළමනාකරණයේදී බරපතල ගැටලුවක්

24 June 2017
ජලයට තනි අයිතිකරුවෙක් නොමැතිවීම ජල කළමනාකරණයේදී බරපතල ගැටලුවක්

රටේ ජල සම්පතට වගකියන තනි ආයතනයක් නොමැතිවීම ජල කළමනාකරණයේදී බරපතළ...

‘සංහිඳියාව යනු...’ මැයෙන් පැවැත්වෙන ඡායාරූප තරගාවලියට අයැදුම්පත් කැඳවේ

23 June 2017
‘සංහිඳියාව යනු...’ මැයෙන් පැවැත්වෙන ඡායාරූප තරගාවලියට අයැදුම්පත් කැඳවේ

ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය (ONUR) ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ...

2017 - ජාතික පෝෂණ මාසයේ සමාරම්භක උත්සවය අද ගම්පහදී

23 June 2017
2017 - ජාතික පෝෂණ මාසයේ සමාරම්භක උත්සවය අද ගම්පහදී

2017 - ජාතික පෝෂණ මාසයේ සමාරම්භක උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා...

පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තා පිළිගැන්වීම

23 June 2017
පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තා පිළිගැන්වීම

8 වැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සැසිවාරය සඳහා වූ රජයේ ගිණුම් පිළිබඳ...

ධර්මසේන පතිරාජ මහතාගේ කලා දිවියට 50 සපිරීම

23 June 2017
ධර්මසේන පතිරාජ මහතාගේ කලා දිවියට 50 සපිරීම

විෂය - ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය ධර්මසේන පතිරාජ මහතාගේ කලා...

අනෙකුත් ආගමික දර්ශනයන්ට හිමි ස්ථානය සුරක්ෂිත කරමින් බෞද්ධාගමික පරිසරයක් තුළ යහපත් සමාජයක් -ජනපති

23 June 2017
අනෙකුත් ආගමික දර්ශනයන්ට හිමි ස්ථානය සුරක්ෂිත කරමින් බෞද්ධාගමික පරිසරයක් තුළ යහපත් සමාජයක් -ජනපති

අනෙකුත් ආගමික දර්ශනයන්ට හිමි ස්ථානය සුරක්ෂිත කරමින් බෞද්ධාගමික පරිසරයක් තුළ...

නව ලග්ගල නගරයේ ඉදිකිරීම් අවසන් අදියරේ

23 June 2017
නව ලග්ගල නගරයේ ඉදිකිරීම් අවසන් අදියරේ

මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියෙන් යටවන පැරණි ලග්ගල නගරය වෙනුවට නව...

ගුරු පත්වීම් සහ ගුරු මාරු ක‍්‍රමය පිළිබඳ නව ප‍්‍රතිපත්තියක් මේ වසරේදී - ජනපති

23 June 2017
ගුරු පත්වීම් සහ ගුරු මාරු ක‍්‍රමය පිළිබඳ නව ප‍්‍රතිපත්තියක් මේ වසරේදී - ජනපති

ගුරු පත්වීම් සහ ගුරු මාරු ක‍්‍රමය පිළිබඳ නව ප‍්‍රතිපත්තියක් හඳුන්වාදීමට...

දේශපාලන හස්තයන්ගේ මෙහෙයවීමෙන් සිදුකෙරෙන කුමන්ත‍්‍රණවලට විශ්වවිද්‍යාල සිසුන්ට දොස් නැගීමෙන් පළක් නෑ

23 June 2017
දේශපාලන හස්තයන්ගේ මෙහෙයවීමෙන් සිදුකෙරෙන කුමන්ත‍්‍රණවලට විශ්වවිද්‍යාල සිසුන්ට දොස් නැගීමෙන් පළක්  නෑ

රජයේ විශ්ව විද්‍යාලවල වෛද්‍ය සිසුන්ට අසාධාරණයක් සිදු කරමින් ඔවුන්ගේ වරප‍්‍රසාද...

සෞඛ්‍ය අමාත්‍යාංශයට මිලියන ගණනාවක දේපළ හානි

22 June 2017
 සෞඛ්‍ය අමාත්‍යාංශයට මිලියන ගණනාවක දේපළ හානි

මාලඹේ සයිටම් ආයතනය ජනසතු කරන ලෙස බලකරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය...

ඩෙංගු රෝගය මහනුවරටත් තර්ජනයක්

22 June 2017
 ඩෙංගු රෝගය මහනුවරටත් තර්ජනයක්

මෙම වසරේ ජනවාරී මාසයේ සිට මැයි මාසය අවසන් වන විට...

කෑගල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 534 දෙනෙකු ට රුපියල් ලක්ෂය බැගින් විසිරි ණය චෙක්පත්

22 June 2017
කෑගල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 534 දෙනෙකු ට රුපියල් ලක්ෂය බැගින් විසිරි ණය චෙක්පත්

විවිධ බාධක මධ්‍යයේ වුවද ජනතාවගේ අවශ්‍යතා වලට සරිලන ආකාරයේ සහන...

හැටන් කුණු කසළ ගැටලු ව විසඳීමට කඩිනම් පියවර

22 June 2017
හැටන් කුණු කසළ ගැටලු ව විසඳීමට කඩිනම් පියවර

හැටන් නගරයේ කුණු කසළ ගැටලු ව විසඳීමට කඩිනම් පියවර ගැනිමට...

කෑගල්ලේ ඩෙංගු රෝගීන් 2809ක්

22 June 2017
කෑගල්ලේ ඩෙංගු රෝගීන් 2809ක්

මේ වසරේ ගත වූ මාස හය තුළ කෑගල්ලේ ඩෙංගු රෝගීන්...

මොරගහකන්ද ජල විදුලි බලාගාරය විදුලි උත්පාදනයට සූදානම්

22 June 2017
මොරගහකන්ද ජල විදුලි බලාගාරය විදුලි උත්පාදනයට සූදානම්

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 25 ක ධාරිතාවක් එක්කරන මොරගහකන්ද ජල...

ඉෆ්තාර් උත්සවය රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුවේදී

21 June 2017
ඉෆ්තාර් උත්සවය රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුවේදී

රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ ඉස්ලාම් බැතිමතුන්ගේ දෛනික රාමසාන්...

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.

world wesak conferace final logo