• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වාර්තා වෙයි

Financeරජයේ සාර්ථක මූල්‍ය කළමනාකරණය හේතුවෙන්  වසර 63කට පසු රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වාර්තා වන බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඒ අනුව රජයේ සාර්ථක ආදායම් වියදම් කළමනාකරණයේ ප්‍රතිඵලයක් ලෙස වසර 63කට පමණ පසුව අයවැයේ රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික ශේෂය රුපියල් බිලියන 21.9ක අතිරික්තයක් වාර්තා වී ඇත. නිදහස් ශ්‍රී ලංකාවේ පළමු වරට අයවැය අතිරික්තයක් පෙන්නුම් කළේ 1954 වසරේ දීය. එය සටහන් වූයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.5%ක් ලෙසිනි. පසුව 1956 වසරේ දී ද දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.2%ක අයවැය අතිරික්තයක් වාර්තා විය.

1950 සිට 1970 දක්වාත්, 1973 සිට 1993 දක්වාත් අයවැය ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා විය. එහෙත් 1994 සිට මේ දක්වා අයවැය පරතරය, ජංගම ගිණුමේ පරතරය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික ගිණුමේ පරතරයේ ද ඍණ අගයක් එම කාලවල අඛණ්ඩව පැවැතිණි.

2017 වසරේ ගෙවී ගිය මාස දහයක කාලය අවසානයේ රාජ්‍ය ප්‍රාථමික මූල්‍ය ශේෂය රුපියල් බිලියන 21.9ක් ලෙස දැක්වෙයි. 2016 වසරේ මුල් මාස දහය අවසානයේ එම අගය දැක් වූයේ රුපියල් බිලියන 37ක ඍණ අගයක් ලෙස ය. ප්‍රාථමික ශේෂයේ අතිරික්තයක් වාර්තා වීම රටක ආර්ථිකයේ වර්ධනීය ලක්ෂණයක් වන අතර මෙය ණය ගෙවීමේ කළමනාකරණ හැකියාව මෙමගින් තවත් ඉහළ යනු ඇත. 2017 වසරේ අවසානයේ සමස්ත ප්‍රාථමික මූල්‍ය ශේෂ අතිරික්තය තව දුරටත් සාධනීය මට්ටමක පවතිනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. පොලී ගෙවීම් හැර සමස්ත රාජ්‍ය වියදමට වඩා රාජ්‍ය ආදායමේ ඇති අතිරික්තය ප්‍රාථමික මූල්‍ය ශේෂ අතිරික්තයක් ලෙස සැලකේ.

2016 වසරට සාපේක්ෂව 2017 වසරේ මුල් මාස 10 තුළ රාජ්‍ය ආදායම 10.4%ක වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 1473 දක්වා ඉහළ ගොස් තිබේ. 2016 එම කාල වකාවනුව තුළ එම ආදායම වූයේ රුපියල් බිලියන 1333කි. එසේ ම එම මාස දහයක කාලය තුළ  රටේ බදු ආදායම ද රුපියල් බිලියන 1332 සිට1470 දක්වා 14.2%කින් වර්ධනය වී ඇත.

2017 වසරේ මුල් මාස 10 තුළ රාජ්‍ය වියදම පසුගිය වසරට සාපේක්ෂව 9.5%කින් ඉහළ ගොස් තිබේ. 2016 වසරේ මුල් මාස දහය තුළ රාජ්‍ය වියදම රුපියල් බිලියන 1881ක් වූ අතර 2017 වසරේ එම කාලය තුළ රාජ්‍ය වියදම රුපියල් බිලියන 2060කි. පොලී ගෙවීම රුපියල් බිලියන 510 සිට 608 දක්වා 19.3% ඉහළ ගොස් ඇත. මීට අමතරව රාජ්‍ය සේවා වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා වන වියදම් ද පිළිවෙළින් 3.1%කින් සහ 5.8%කින් ඉහළ ගොස් තිබේ.

නවතම පුවත්

බැඳුම්කර සහ බරපතල වංචා දූෂණ වාර්තා පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාර දෙයි

17 January 2018
බැඳුම්කර සහ බරපතල වංචා දූෂණ වාර්තා  පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාර දෙයි

බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ බරපතල වංචා...

රුසියාවේ තේ තහනම අවසන් - රුසියානු තානාපති

17 January 2018
රුසියාවේ තේ තහනම අවසන් - රුසියානු තානාපති

ශ්‍රී ලංකාව හා රුසියාව අතර ඉතා සමීප මිත්‍රත්වයක් පවතින බවත්,...

ජල රොකට්ටුවෙන් කොළඹ රාජකීයයන් ගිනස් පොතට

17 January 2018

තත්පර පහක කාලයක් තුළ ජල රොකට් 2000 ක් ගුවන්ගත කිරීමෙන්...

ඇමැති රවි ශංකර් ප්‍රසාද් අගමැති හමුවෙයි

16 January 2018
ඇමැති රවි ශංකර් ප්‍රසාද් අගමැති හමුවෙයි

ඉන්දීය නීතිය හා සාමය සහ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය...

ඡන්දය ලකුණු කිරීමට සහායකයෙකු අවශ්‍ය නම් යෝග්‍යතා සහතිකය ලබාගන්න

15 January 2018
ඡන්දය ලකුණු කිරීමට සහායකයෙකු අවශ්‍ය නම් යෝග්‍යතා සහතිකය ලබාගන්න

2011 අංක 28 දරන මැතිවරණ ( විශේෂ විධිවිධාන) පනත මඟින්...

පොල්ගහවෙල ගුවන් පාළම 17 දා ජනතා අයිතියට

15 January 2018
පොල්ගහවෙල ගුවන් පාළම 17 දා ජනතා අයිතියට

පොල්ගහවෙල ගුවන් පාලම අනිද්දා (17) ජනතා අයිතියට පත්  කිරීම උසස්...

සහෝදරත්වය රජයන මානව සමාජයක් ගොඩනැගීමට හැකි වේවා- අගමැති

14 January 2018
සහෝදරත්වය රජයන මානව සමාජයක් ගොඩනැගීමට හැකි වේවා- අගමැති

සොබාදහම සමඟ සහසම්බන්ධතාවයෙන් එහි සුරක්ෂිත බව උදෙසා කැපවන්නටත්, වාර්ගික, ආගමික...

තෛපොංගල් උළෙල රජය ගන්නා උත්සාහය අර්ථවත් කරයි- ජනපති

14 January 2018
තෛපොංගල් උළෙල රජය ගන්නා උත්සාහය අර්ථවත් කරයි- ජනපති

කෘෂිකර්මාන්තයට නිසි බුහුමන පුදන තෛපොංගල් උළෙල ආහාර නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිතවීම කරා...

1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම හෙට

14 January 2018
1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම හෙට

2018 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය හෙට...

අපරාධ 14991ක් අඩුවෙලා- ඇමැති සාගල

12 January 2018
අපරාධ 14991ක් අඩුවෙලා- ඇමැති සාගල

බල අපරාධ වාර්තාවීම 2014 වර්ෂයට සාපේක්ෂව 2017 වර්ෂයේ දී 14991...

පිළිසරු ව්‍යාපෘතියේ ගිවිසුමක් අත්සන් කරයි

12 January 2018
පිළිසරු ව්‍යාපෘතියේ ගිවිසුමක් අත්සන් කරයි

අපද්‍රව්‍ය කළමනාකරණය කරමින් සුන්දර පරිසරයක් පවත්වාගෙන යාම සඳහා මධ්‍යම පරිසර...

විදුලි බස් රථ සේවාවක් ආරම්භ කිරීමට පියවර

12 January 2018
විදුලි බස් රථ සේවාවක් ආරම්භ කිරීමට පියවර

කොළඔ නගරයේ මගි ප්‍රවාහනය සඳහා විදුලි බස් රථ 18ක් ධාවනයට...

තරුණ ව්‍යවසායකයන් බිහි කිරීමේ වැඩසටහනක් මාර්තු ඇරඹේ

11 January 2018
තරුණ ව්‍යවසායකයන් බිහි කිරීමේ වැඩසටහනක් මාර්තු ඇරඹේ

ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන මාර්තු මස අරඹන බවත් මේ සඳහා...

ගණේමුල්ල ගුවන් පාලම අද ජනතා අයිතියට

11 January 2018
ගණේමුල්ල ගුවන් පාලම අද ජනතා අයිතියට

ගණේමුල්ල දුම්රිය මාර්ගය මතින් ඉදි කරන ලද ගුවන් පාලම අද...

පාසල් නිල ඇඳුම් වවුචර්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

10 January 2018
පාසල් නිල ඇඳුම් වවුචර්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් ලබාගැනීමට දී තිබූ වවුචර්වල වලංගු...

මොරගහකන්ද මහා වාරි ව්‍යාපෘතිය ජනපති අතින් ජාතියට දායාද කෙරේ

08 January 2018
මොරගහකන්ද මහා වාරි ව්‍යාපෘතිය ජනපති අතින් ජාතියට දායාද කෙරේ

දශක හතරකට පසුව මෙරට ඉදිවූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන...

ශ්‍රී ලංකාවේ අලංකාරම ගුවන් පාලම විවෘත වෙයි

08 January 2018
ශ්‍රී ලංකාවේ අලංකාරම ගුවන් පාලම විවෘත වෙයි

දීර්ඝ කාලයක් පුරා මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් රාජගිරියේ පැවති...

නව රෝහල් 2ක් ඉදිකිරීමට සැලසුම්

08 January 2018
නව රෝහල් 2ක් ඉදිකිරීමට සැලසුම්

නව රෝහල් 02 ක් ඉදිරියේ දී ඉදිකිරීමට සැළසුම් කර තිබෙන...

රාජගිරිය ගුවන් පාලම අද විවෘත කෙරේ

08 January 2018
රාජගිරිය ගුවන් පාලම අද විවෘත කෙරේ

දීර්ඝ කාලයක් පුරා මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් රාජගිරියේ පැවති...

වරිපනම් ගාස්තු, බලපත්‍ර ගාස්තු ගෙවීමට ONLINE ක්‍ර‍මවේදයක්

07 January 2018
වරිපනම් ගාස්තු, බලපත්‍ර ගාස්තු ගෙවීමට ONLINE ක්‍ර‍මවේදයක්

පළාත් පාලන ආයතන සඳහා මහජනතාව ගෙවිය යුතු වරිපනම් ගාස්තු, බලපත්‍ර...

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.

world wesak conferace final logo