About Us

Image

රජයේ ප්‍රවෘත්ති
දෙපාර්තමේන්තුව

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතී.

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ. රාජ්‍ය සේවයේ වගවීම හා පාරදෘෂ්‍ය භාවය ස්ථාපනය කරමින් ද මාධ්‍යයේ අනන්‍යතාව හා ස්වාධීනත්වය සුරක්ෂිත වන පරිදි මාධ්‍ය ක්ෂේත්‍රයේ සුහදශීලී පරිසරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය මෙහෙයවීම සිදුකිරීම ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අපේක්ෂාවයි.

රටේ මහජනතාවට නිවැරදි තොරතුරු දැනගැනිමේ අයිතිය තහවුරු කිරීම, සමස්ත රජයේ තොරතුරු ජනමාධ්‍ය වෙත නිකුත් කිරීම, විශේෂ අවස්ථා පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම, තොරතුරු වාර්තා කිරීම, දත්ත රැස්කිරීම හා ඒවා මහජනතාව වෙත බෙදා හැරීමේ යාන්ත්‍රණය ක්‍රියාවට නැංවීම, ප්‍රවෘත්තිමය හා තොරතුරු ලෙස වැදගත් වන වාර්තා, පුවත් හා වෙනත් දත්ත ඒකරාශී කර පවත්වාගෙන යාම හා සංරක්ෂණය කිරීම ද මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.

ජනමාධ්‍යවේදීන්ට අවශ්‍ය පුහුණුව, පහසුකම් හා ඉඩ ප්‍රස්ථාවන් සැපයීම, ඔවුන්ගේ වෘත්තීය මට්ටම නගාසිටුවීමට හා වෘත්තීය ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීම, රජයේ දත්ත විශ්ලේෂණය මෙන් ම තොරතුරු ඒකරාශී කරමින් ශ්‍රව්‍ය දෘෂ්‍ය හා ලේඛනමය සාධක මාධ්‍යවේදීන්ට පරිශීලනය සඳහා ලබාදීම ද මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යයන් අතර වේ.

Image

දැක්ම

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක යෙදෙන වගකීමක් සහිත ස්වාධීන මාධ්‍ය සංස්කෘතියක් ආරක්ෂා කිරීම, පවත්වාගෙන යාම හා මගපෙන්වීම