ප්‍රචාරක අංශය
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන සියලුම මාධ්‍ය ආවරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම හා ඒ සම්බන්ධ සියලු කටයුතු සංවිධානය කිරීම සිදු කරයි.
රජයේ නිල ප්‍රවෘත්ති නිවේදන, රජයේ සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති නිවේදන ඇතුලු ප්‍රවෘත්ති නිවේදන මාධ්‍ය ආයතන වෙත නිකුත් කිරීම, අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡා සංවිධානය කිරීම,අමාත්‍ය මණ්ඩල තීරණ භාෂා ත්‍රිත්වයෙන්ම සකස්කර මාධ්‍ය වෙත නිකුත් කිරීම, මාධ්‍ය සාකච්ඡා සංවිධානය කිරීම, ජාතික සහ ජාතික වශයෙන් වැදගත්වන උත්සව අවස්ථාවන්වල මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු කිරීම, විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ ශ්‍රී ලංකා නිල සංචාර සම්බන්ධයෙන් මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු කිරීම, Guide to Media සහ Guide to Ministry දුරකථන නාමාවලීන් පිළියෙල කිරීම, මාධ්‍ය වැඩමුළු හා සාකච්ඡා සංවිධානය කිරීම, කාලීන අවශ්‍යතාවය අනුව මාධ්‍යවේදීන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම, ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි විශේෂ වාර්තා සකස් කිරීම ආදිය සිදු කරයි.
දුරකතන
+94 11 2 51 2017