රජයේ චිත්‍රපට අංශය ශ්‍රී ලංකාවේ සමාජ සංස්කෘතික සහ ආර්ථික සංසිද්ධීන් ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයෙන් ප්‍රතිනිර්මාණය කළ පුරෝගාමීම ආයතනයයි. විශේෂයෙන් වාර්තා වැඩසටහන් නිර්මාණකරණය සහ ප්‍රවෘත්ති පට නිර්මාණය මගින් 1948 සිට මේ දක්වා මෙරට සිදුවූ සමාජ දේශපාලන සංස්කෘතිය සංසිද්ධීන් ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයෙන් ප්‍රතිනිර්මාණය කර අනාගතය වෙනුවෙන් සංරක්ෂණය කරනු ලබන එකම රාජ්‍ය ආයතනයයි. මුල් වකවානුවේ චිත්‍රපට මාධ්‍යයෙන් නිර්මාණකරණය කරන ලද නමුත් මේ වන විට නව තාක්ෂණය සමඟ සම්බන්ධව ඩිජිටල් වීඩියෝ මාධ්‍යයෙන් වාර්තා වැඩසටහන් සහ ප්‍රවෘත්තිපට ඇතුළු ශ්‍රව්‍ය දෘෂ්‍ය වැඩසටහන් නිර්මාණය කරමින් සිටින රාජ්‍ය ආයතනයකි.
රජයේ චිත්‍රපට අංශය මගින් නිපදවන සිනේ වාර්තා හා ප්‍රවෘත්ති චිත්‍රපට සංරක්ෂණ කාර්යයන් සහ ඒ සම්බන්ධිතව කාර්යයන් ඉටු කිරීම
පැරණි හා නව ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයන්ට අදාළ වීඩියෝ සහ ඡායාරූප අනාගතය සඳහා සුරක්ෂිත ආකාරයට සංරක්ෂණය කිරීම හා පරිශීලනය කිරීම සිදු කරයි.
+94 77 750 6705
+94 70 212 9679
+94 71 209 5371
රජයේ චිත්‍රපට අංශයේ පශ්චාත් නිෂ්පාදන කටයුතු සිදු කරයි. වාර්තා වැඩසටහන් සහ අනෙකුත් වීඩියෝ වැඩසටහන් සංරක්ෂණය කිරීම, සජීව මාධ්‍ය සාකච්ඡාවලට අදාළ බහු කැමරා නිෂ්පාදන කටයුතු කිරීම, මාධ්‍ය ආයතන වෙත හා මාධ්‍ය කටයුතුවල යෙදෙන පුද්ගලයින් සඳහා ප්‍රවෘත්ති හා අනෙකුත් වැඩසටහන් අන්තර්ජාලය හරහා මුදා හැරීම සිදු කරයි.
+94 11 251 4282
+94 71 441 3426
editgfu@gmail.com
FollowUs
Subscribe
රජයේ චිත්‍රපට අංශය 1948 පමණ කාල සීමාවේ සිට චිත්‍රපට කැමරා අංශය ආරම්භ කර ඇත. එතැන් සිට මේ දක්වා මෙම ආයතනයෙන් නිෂ්පාදනය වන වාර්තා වැඩසටහන් වෙනුවෙන් වීඩියෝ තාක්ෂණය භාවිත කිරීම මෙමගින් සිදු කරයි.
වාර්තා වැඩසටහන් සඳහා පර්යේෂණ හා සම්බන්ධීකරණ කටයුතු සැලසුම් කරමින් පූර්ව නිෂ්පාදන , නිෂ්පාදන හා පසු නිෂ්පාදන සිදු කරමීන් සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙමින් වැඩසටහන් නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කිරීම
+94 11 251 4267
+94 70 361 7223
රජයේ සියලු වැදගත් උත්සව අවස්ථා හා සිදුවීම් , විදේශ රාජ්‍ය නායකයින් හා සම්බන්ධ විදේශ සමුළු, ජනාධිපතිවරයා හා රජය සම්බන්ධ රාජ්‍යත්‍රාන්ත්‍රික කටයුතු ආවරණය කරමින් ඡායාරූප ලබා ගැනීම සිදු කරයි. ශ්‍ර්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවෙන ආකාරයේ දර්ශන, සංවර්ධන ඡායාරූප, කලාත්මක ඡායාරූප හා වෙනත් විවිධ ඡායාරූප ලබා ගැනීම සිදු කරනු ලබයි.
+94 11 251 3545
infophoto@dgi.gov.lk
ප්‍රවෘත්ති හා වාර්තා චිත්‍රපට අර්ධවෘතාන්තමය චිත්‍රපට, සාකච්ඡාමය වැඩසටහන්,ආදී නිෂ්පාදනයන් සඳහා ශබ්ද නිෂ්පාදන කටයුතු මෙහෙයවන ඒකකයයි. මෙම නිෂ්පාදනවලට අදාළ පටිගත කිරීම්, ශබ්ද පරිපාලනය කිරීම. ප්‍රධාන ශ්‍රවණාගාරයේ චිත්‍රපට, වීඩියෝපට හා වෙනත් ශ්‍රව්‍ය දෘශ්‍ය ඉදිරිපත් කිරීම් ප්‍රදර්ශනය කිරීම සිදු කරයි.
+94 11 251 4601
soundgfu@gmail.com







