හැදින්වීම
හරවත්, ගුණාත්මක ජනමාධ්‍ය සංස්කෘතියක් රට තුළ ගොඩනැගීමේ ඉලක්කය සහ රජය ඉටු කරන ජාතික සංවර්ධන කාර්යභාරය හා මෙහෙවර, නිල ප්‍රවෘත්ති සන්නිවේදකයා වශයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කාර්යක්ෂමව සහ ඵලදායීව ඉටු කරනු ලබන කාර්යභාරය පිළිබඳ පසුවිපරම් කිරීම, ඇගයීම, පර්යේෂණ සිදු කිරීම සහ ජනමාධ්‍ය වෘත්තීයභාවය, මාධ්‍ය සාක්ෂරතාවය ජනගත කිරීම, ප්‍රබුද්ධ පරිකල්පනයෙන් යුත් ශ්‍රී ලාංකේය ජන සමාජයක් බිහිකිරීම උදෙසා ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය හා පුරවැසි මාධ්‍ය පිළිබඳව සමීක්ෂණ, පර්යේෂණ සිදු කිරීම.
+94 11 251 4283
govinformediaresearch@gmail.com
ජනමාධ්‍යවේදීන් විසින් ඉටු කරනු ලබන සමස්ථ කාර්යභාරය ඇගයීම, පසුවිපරම් කිරීම සහ පර්යේෂණ සිදු කරමින් ජනමාධ්‍ය හැසිරීම පිළිබඳව රජයට අවශ්‍ය තොරතුරු සැපයීම, වාර්තා කිරීම.
ජනමාධ්‍ය මගින් විචාරයට හා විවේචනයට ලක් වන රාජ්‍ය අංශයේ තොරතුරු නිරීක්ෂණය සහ විමර්ශනය, ඒ පිළිබඳ අදාළ රාජ්‍ය අංශ දැනුවත් කිරීම.
ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය දැනුම සංවර්ධනය සහ යාවත්කාලීන කිරීම.
ජනමාධ්‍යවේදීන්ට අවශ්‍ය පුහුණුව ලබාදීම.
ජනමාධ්‍ය පර්යේෂණ පිළිබඳව ජනමාධ්‍යවේදීන්, විද්‍යාර්ථීන් උනන්දු කිරීම.
විශ්වවිද්‍යාල ජනසන්නිවේදන අධ්‍යයන අංශ හා ඒකාබද්ධව ශාස්ත්‍රීය හා වෘත්තිය වැඩසටහන් සංවිධානය කිරීම.
මාධ්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය උදෙසා පාසල්, විශ්වවිද්‍යාල සහ ජන ප්‍රජාව උනන්දු කිරීම.
දේශීය හා ජාත්‍යන්තර ජනමාධ්‍යවේන් හා ජනමාධ්‍ය සංවිධාන සමග සහයෝගිතාව පවත්වා ගෙන යාම හා දිරිමත් කිරීම.
ජාත්‍යන්තර සමුළු, වැඩමුළු හා දේශන සම්මන්ත්‍රණ මෙහෙය වීම සහ ඊට අවශ්‍ය මාර්ගෝපදේශ ලබාදීම.
පර්යේෂණ කෘති එළිදැක්වීම.
අධ්‍යාපන අමාත්‍යාංශය හා ජාතික අධ්‍යාපන ආයතනය විසින් 2000 වසරේ දී හඳුන්වා දුන් පාසල් මාධ්‍ය සමාජ වැඩසටහන යාවත්කාලීන කරමින් මාධ්‍ය සාක්ෂරතාවය හා සන්නිවේදනය පාසල් ප්‍රජාව තුළ ඵලදායී ලෙසත්, කාර්යක්ෂම ලෙසත් ප්‍රවර්ධනය කර සබුද්ධිමත්, සවිඥානික, විචාරශීලි සිසු පරපුරක් නිර්මාණය කිරීම සදහා මාර්ගෝපදේශකත්වය සහ සහය ලබා දීම පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන ඒකක විසින් සිදු කරනු ලබයි.
+94 011 251 4283
ශ්‍රී ලාංකේය අනන්‍යතාවය සහ ජාතික අභිලාෂ ජාත්‍යන්තර වශයෙන් මුදුන්පත් කිරීමෙහිලා සහ ශ්‍රී ලාංකේය ජාතික ප්‍රතිරූපය වර්ධනය කරමින් ලෝක ප්‍රජාව (ජාත්‍යන්තර සංවිධාන, ජාත්‍යන්තර ආයතන) වෙත නිවැරදි තොරතුරු ලබාදීම, විදේශ රටවල ජීවත් වන ශ්‍රී ලාංකේය ජන ප්‍රජාව හා ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාල හරහා සිදු කෙරෙන ජනතා මෙහෙවර පිළිබඳව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දැනුවත් කිරීම සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සහයෝගිතාවය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාවෙහි ගුණාත්මක වර්ධනයක් සිදු කිරීම.



