• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දෙසතිය පුවත් සඟරාවේ රූ රටා නිර්මාණය සඳහා මිල ගණන් කැඳවීම

මෙම දෙපාර්තමේන්තුව මගින් මසකට වරක් ප්රලකාශයට පත්කරනු ලබන දෙසතිය පුවත් සඟරාවේ 2016.12.31 දක්වා නිකුත් කෙරෙන සඟරාවන්හි රූ රටා නිර්මාණය වෙනුවෙන් මිල ගණන් කැඳවනු ලැබේ.

02. පහත සඳහන් පිරිවිතරයන්ට යටත්ව ඔබ විසින් මිලකියුම් ඉදිරිපත් කල යුතුය.

1. සඟරාවේ පිටු සංඛ්යාවව 56 වන අතර ඉදිරිපස හා පසුපස කවරය ඇතුළුව නිර්මාණය (Desin) කළ යුතු මුළු පිටු ගණන 60 කි. සියල්ල වර්ණ පිටුය. (4 Colour) මිල ගණන් ඉදිරිපත් කිරීමේදී පිටුවක් සඳහා යන මිල සඳහන් නොකර සම්පූර්ණ සඟරාව සඳහා යන මිල සඳහන් කල යුතුය.
2. පළල අඟල් 8 ¾ හා දිග අඟල් 11 ¼ වේ.
3. සෑම මසකට වරක් එක් කලාපයක් නිකුත් වේ.
4. සඟරාව පුවත් සඟරාවක් වන බැවින් ප්රිවෘත්ති විශේෂාංග වල‍ට අදාලව උචිත ඡායාරූප ප්රඉස්ථාර, කාටුන් ආදිය ඔබ විසින් සොයාගත යුතුවන අතර එය ඔබගේ ප්රවධාන කාර්යයකි.
5. ඉහත (4) ට අමතරව විශේෂ අවස්ථා වලදී, මාධ්යි ආවරණ වලදී සංස්කාරක මණ්ඩලය විසින්ද ඡායාරූප ලබාදීමට කටයුතු කෙරේ.
6. කවරය ඇතුළුව සෑම පිටුවකම පුවත් සඟරා සංකල්පයට ගැලපෙන අයුරින් නිර්මාණාත්මක පිටු සැලසුමක් කළ යුතු වේ.
7. සඟරාවේ පල කෙරෙන සියළුම විශේෂාංග ලිපි එකවර සපයනු නොලැබේ. කොටසක් පළමුව සපයන අතර කවරයේ කතාව ඇතුළුව අනෙකුත් ලිපි ඊට ආසන්න දින දෙකක් තුළ සංස්කාරක මණ්ඩලය විසින් සපයනු ලැබේ. එහි නිර්මාණ කටයුතු කිරීමේ පහසුකම් මෙම දෙපාර්තමේන්තුවේ අවශ්යසතාවය අනුව මෙම පරිශ්රලයේදී කිරීමට සිදුවේ.
8. පඨිතය සැපයීමෙන් පසු ආසන්නම දින දෙකක් තුළ මූලික පිටු සැලසුම සංස්කාරක වෙත සැපයිය යුතුවන අතර එහි දී පිටු සැලසුම් වෙනසක් (උදා: ඡායාරූප, පිටුව වැනි) සිදුකිරීමට සිදුවුවහොත් එය ඉටුකිරීමට ඔබ බැඳී සිටී.
9. මීට අමතරව කලාපයෙන් කලාපයට මතුවන අවශ්යමතා ඔබවෙත දැනුම්දෙනු ලබන අතර එම උපදෙස් අනුව කටයුතු කිරීම‍ට සිදුවනු ඇත.
10. ඉදිරි කවරය, පිටුපස කවරය හා ඉදිරිකවරයේ ඇතුළත හා පසුපිට කවරයේ ඇතුළතද ඔබ විසින් සැලසුම් (Desin) කළ යුතුවේ.
11. දෙසතිය සඟරාව පිළිබඳව පූර්වාදර්ශයක් අවශ්ය නම් දෙපාර්තමේන්තු පරිශ්රයයට පැමිණ පරිශිලනය කළ හැකිය.

03. ඉහත පිරිවිතරයන්ට අනුව සකස්කර මුද්රා තබන ලද මිල ගණන් 2016.09.19 වන දින පෙ.ව. 10.00 ට පෙර ලැබෙන සේ රජයේ ප්රහවෘත්ති අධ්යවක්ෂ ජනරාල්, රජ‍යේ ප්ර1වෘත්ති දෙපාර්තමේන්තුව, අංක 163, කිරුළපණ මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ එම ලිපිනයේම ගිණුම් අංශයේ ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලීමට කටයුතු කරන මෙන් කාරුණිකව දන්වමි.

04. මිල ගණන් ඉදිරිපත් කරනු ලබන කවරයේ වම්පස ඉහළ කෙළවරේ “දෙසතිය සඟරාවේ රූ රටා නිර්මාණය සඳහා මිල ගණන්” යනුවෙන් සඳහන් කල යුතු අතර ලංසු භාරගැනීම අවසන් වූ වහාම ඒවා විවෘත කරනු ලැබේ.

05. පසුව ලැබෙන ලංසුපත් නොසලකා හරිනු ලැබේ.

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.