• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දිස්ත්‍රික් මාධ්‍ය ඒකක


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ දිස්ත්‍රික්ක 22ක් පුරා දිස්ත්‍රික් මාධ්‍ය ඒකක ස්ථාපිත කර ඇත. එම දිස්ත්‍රික් මාධ්‍ය ඒකක ස්ථාපිත කිරීම 1999 දෙසැම්බර් මස 01වන දින සිදු කෙරිණ. මුල්ම දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහා ප්‍රවෘත්ති නිලධාරීන් පත් කිරීම සිදු කෙරුණේ, එවකට ජනමාධ්‍ය අමාත්‍යවරයාව සිටි මංගල සමරවීර අමාත්‍යවරයා විසිනි.

ආරම්භයේදී ප්‍රවෘත්ති නිලධාරියෙකු පමණක් අනුයුක්ත කෙරුණ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකවල කාර්යක්ෂමතාවය වර්ධනය කිරීමේ අරමුණින් පසුකාලීනව රජයේ උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගනු ලැබූ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ සහකාරවරයෙකු සහ සංවර්ධන නිලධාරීවරයෙකු මෙම දිස්ත්‍රික් මාධ්‍ය ඒකක වලට අනුයුක්ත කරනු ලැබීය.

එතැන් සිට දිස්ත්‍රික්ක පුරා විසිරී පවතින සංවර්ධන පුවත් එක් රැස් කරන්නා වූ මහ ගෙදර ලෙසින් දිස්ත්‍රික් මාධ්‍ය ඒකක ක්‍රියාත්මක වේ. ඒ හරහා රජයේ සංවර්ධන පුවත් සියලු ම මාධ්‍ය ආයතන වෙත බෙදා හැරීම සිදු කෙරෙනු ඇත.

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.