• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඡායාරූප අංශය

1948 වර්ෂයේ දී ම ස්ථාපති කරන ලද ඡායාරූප අංශය සමාජයීය, සංස්කෘතිකමය, සංවර්ධනමය හා දේශපාලනික ඇතුළු විවිධ ආකාරයෙන් වැදගත් වන්නා වූ ඡායරූප සේයාපට දස දහස් සංඛ්‍යාවක් සංරක්ෂණය කර ඇත. මාධ්‍ය ආයතන වෙත ඡායාරූප ලබා දීම, අධ්‍යාපනික අරමුණු සඳහා සහ විවිධ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු සඳහා ඡායාරූප ගැනීම ද මේ අංශය මගින් සිදුකරනු ලැබේ. විදේශ රාජ්‍යතාන්ත්‍රික අවස්ථාවන්වල ද ජාතික වශයෙන් වැදගත්වන සිදුවීම්, නිල උත්සවවල  ඡායාරූපමය ආවරණ කටයුතු සිදුකරන්නේ ද මේ අංශය මගිනි.

ඓතිහාසික වටිනාකමකින් යුතු මෙන් ම රජයේ වැදගත් සිදුවීමේ සම්බන්ධයෙන් වන ඡායාරූප ද රජයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පූර්ණ අනුමැතිය යටතේ අවශ්‍යතාවයන් පවතින්නන් හට ලබාදීම සිදු කෙරේ.

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.