• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දෙසතිය සඟරාව

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් ඉතා දීර්ඝ කාලයක සිට ප්‍රකාශයට පත්කරනු ලබන සඟරාව වන්නේ දෙසතියයි. ජාතික ප්‍රතිපත්ති රාමුවක් වෙත ජනතාව පෙළගැස්වීමේ අපේක්ෂාවෙන් මෙම සඟරාව ප්‍රකාශයට පත්කරයි.

සමාජයිය, ආර්ථික, සංස්කෘතික හා කලා කටයුතු, ජාත්‍යන්තර තොරතුරු, ක්‍රීඩා ඇතුළු බොහෝ ක්ෂේත්‍රයන් පිළිබඳ ලිපි සහිතව මේ සඟරවා නිර්මාණය කරයි. 

මෙමගින් සිදුකරන ප්‍රජා සේවාවක් ලෙස දීප ව්‍යාප්ත පාසල් මාධ්‍ය සම්මන්ත්‍රණ මාලාව හඳුන්වා දිය හැකියි. භාෂාව හා සන්නිවේදනය පිළිබඳ පාසල් දරු දැරියන්ගේ දැනුම වර්ධනය කිරීම එහි අරමුණ වෙයි.

දෙසතිය සඟරාව news.lk හා dgi.gov.lk යන වෙබ් අඩවියන් ඔස්සේ ඍජුව ම කියවීමේ හැකියාව ඇත. එමෙන් ම මෙම සඟරාව නිවසටම ගෙන්වා ගැනීමේ සේවාවක් ද ක්‍රියාත්මක වන අතර ඒ සඳහා වාර්ෂික දායකත්වය රුපියල් 768.00කි. ඒ සම්බන්ධයෙන් වන චෙක්පත් මෙන් ම මුදල් ඇනවුම් “ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්” නමට ලියා ගෙවන කාර්යාලය පොල්හේන්ගොඩ, උප තැපැල් කාර්යාලය, කොළඹ 05 ලෙස සටහන් කළ යුතුය. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 0112 515 759 හා 0112 513 757 ඔස්සේ ලබාගත හැකිය.

 

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.