• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාධ්‍ය හැඳුනුම්පත් ඒකකය


මෙම ඒකකය හඳුන්වාදෙන ලද්දේ 1984 වර්ෂයේ දී ය. ශ්‍රී ලංකාවේ සිටින දේශීය හා විදේශීය මාධ්‍යවේදීන් සඳහා රජය මගින් හැඳුනුම්පතක් නිකුත් කිරීම මේ ඒකකයේ කාර්යභාරය වෙයි. ශ්‍රී ලංකාවේ පිළිගත් මාධ්‍ය ආයතනවල ජනමාධ්‍යවේදීන්ට මේ සඳහා අවස්ථාව හිමිවෙයි. විදේශ රවටලින් පැමිණෙන මාධ්‍යවේදීන් සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය ඇති ව වීසා දින ගණනට අනුව තාවකාලික මාධ්‍ය හැඳුනුම්පතක් නිකුත් කිරීම සිදුකරයි.

මේ සඳහා අවශ්‍ය ඉල්ලුම් පත්‍රය news.lk හා dgi.gov.lk යන වෙබ් අඩවියන් ඔස්සේ බාගත කළ හැකිය.

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.