• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පර්යේෂණ හා විමර්ශන ඒකකය

විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි හැසිරීම නිරීක්ෂණය කර රජයට අවශ්‍ය තොරතුරු සැපයීම හා ඊට අදාල දත්ත ගොනු කිරීම මේ අංශය මගින් සිදුකරයි. පැය විසිහතර පුරාම ක්‍රියාත්මක ඒකකයකි.

සිංහල, දෙමළ හා ඉංග්‍රීසි වෙබ් අඩවිවල ප්‍රචාරය වන්නා වූ රජය විසින් කඩිනමින් පිළිතුරු දිය යුතු සහ රජයේ අවධානයට ලක්විය යුතු තොරතුරු ද නිරීක්ෂණය කරමින් දෛනික වාර්තාවක් හා සතිපතා සංක්ෂිප්ත වාර්තාවක් සැකසීම මේ අංශය මගින් සිදුකරයි.

ජනාධිපතිතුමා විවිධ උත්සව අවස්ථාවන්වලදී සිදු කරන ලද කතා ඇතුළත් මාසික ලේඛකනයක් සැකසීම ද මෙහි අතිරේක කාර්ය භාරයකි. එමෙන් ම රටේ එදිනෙදා සිදුවන විශේෂ සිදුවීම් සම්බන්ධයෙන් පක්ෂ සහ විපක්ෂ මතයන් පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම ද මෙම ඒකකය මගින් සිදුකරයි. සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ තොරතුරු එකතු කිරීම හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ස්ථාපිත කර ඇති දිස්ත්‍රික් මාධ්‍ය ඒකක සම්බන්ධීකරණය ද මෙහි තවත් එක් කාර්යයකි.

මෙම අංශය සතුව එදිනෙදා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය වන සියලු වැඩසටහන් ගබඩා කර තබාගැනීමේ පහසුතාවය පවතින අතර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය යටතේ මහජන අවශ්‍යතාවය මත එම වැඩසටහන් පටිගත කොට ලබාදීමේ සේවාවක් ද ක්‍රියාත්මක වේ. මෙම සේවාව පර්යේෂකයන් හා විශ්ව විද්‍යාල මෙන් ම පාසල් සිසු සිසුවියන් වෙනුවෙන් ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.