• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ප්‍රචාරක අංශය

රජයේ තොරතුරු පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම සඳහා පුවත්පත් සාකච්ඡා සංවිධානය කිරීම, මාධ්‍ය සම්බන්ධීකරණය මේ අංශය මගින් සිදුකරයි. කැබිනට් තීරණ දැනුම් දීම ඇතුළු මාධ්‍ය සාකච්ඡා සංවිධානය කරනු ලබන්නේ මේ අංශය විසිනි. ජනාධිපතිවරයා හා අගමැතිවරයා සහභාගීවන උත්සව ආවරණය කිරීම, විවිධ අමාත්‍යාංශ සිදුවීම් හා පුවත්පත් සාකච්ඡා හා ප්‍රචාරක කටයුතු සිදුකිරීම මෙහි කාර්යභාරය වෙයි.

රජයේ උත්සව, වැදගත් අවස්ථාවන් ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන් රැගෙන යාම සහ ඔවුන්ට පහසුකම් සැපයීම ද දේශීය හා විදේශීය වැඩමුළු මෙන්ම සම්මන්ත්‍රණ සඳහා ද මාධ්‍ය ආවරණ කටයුතු ඉටුකිරීම මේ අංශයෙන් සිදුකරයි.

වැදගත් අවස්ථාවන් සම්බන්ධයෙන් පුවත් හා විශේෂාංග ලිපි සම්පාදනය කිරිම ද සිදුකරයි.

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.