• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාධ්‍ය සංදර්ශන නැති තිරසර සංවර්ධනයක්

Moragahakanda 02නියඟය, සහල් මිල ඉහළ යාම වැනි සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතය හා බැඳී පවතින ගැටලූ වලින් මුළු මහත් සමාජයම මෝහනයට පත්ව සිටින අතරතුර ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට පමණක් නොව හත්මුතු පරම්පරාවක අනාගතයට ද බලපාන සුවිශේෂ සිදුවීම් දෙකක් පසුගිය සති කිහිපය තුළ වැඩි සද්ද බද්දයකින් තොරව සිදුවිය.

ඉන් එකක් වූයේ පසුගිය ජනවාරි11 වැනි දින සිදු වූ ‘මොරගහකන්ද ව්‍යාපෘතියේ’ මංගල දියවර රැඳවුම් මංගල්‍යයයි. අනෙක ඊට මාසයකට පමණ පසු පෙබරවාරී 13 වැනි දා ආරම්භ වූ ‘වයඹ පළාත් ඇළ ව්‍යාපෘතියයි’මෙම ව්‍යාපෘති ද්විත්වයම සමස්ත ශ‍්‍රී ලංකා වාසීන් කෙරෙහි ම ප‍්‍රතිලාභ ලබා දෙන දැවැන්ත ව්‍යාපෘති දෙකක් වනවා පමණක් නොව ශ‍්‍රී ලංකා ඉතිහාසය තුළ සිදුවන දැවැන්ත ම වාරි සංවර්ධන ව්‍යාපෘති ද්විත්වය වශයෙන් ද සැලකිය හැකිය. එමෙන් ම මෙම ව්‍යාපෘති ද්විත්වය ම තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා සියයට සියයක් සැලසුම් සහගත වූ ව්‍යාපෘති වශයෙන් ද සැලකිය හැකි බව වාරි විශේෂඥයින්ගේ අදහසයි.Moragahakanda 04

මොරගහකන්ද - කලූගඟ ව්‍යාපෘතිය

මොරගහකන්ද - කලූගඟ ව්‍යාපෘතිය සැලකෙන්නේ ලංකාවේ වාරි කර්මාන්ත ඉතිහාසයේ දැවැන්තම ව්‍යාපෘතිය වශයෙනි. සංඛ්‍යා ලේඛන දක්වන ආකාරයට එය පරාක‍්‍රම සමුද්‍රය මෙන් හය ගුණයක් විශාලවේ. සංඛ්‍යාත්මක ව දැක්වුවහොත් මොරගහකන්ද කලූගඟ ජලාශයන්හි සම්පූර්ණ ධාරිතාව අක්කර අඩි 660,000ක් වන අතර යල මහ දෙකන්නය සඳහා ම හෙක්ටයාර් 82,000ක් සඳහා ජලය සැපයිය හැකිය.මෙම දැවැන්ත ව්‍යාපෘතිය හුදු පරිමාණයෙන් ඔබ්බට ගොස් ඍජු සහ වක‍්‍ර ආකාරයෙන් දැවැන්ත ආර්ථික ප‍්‍රතිලාභ ලබාදෙන සක‍්‍රිය ව්‍යාපෘතියක් වශයෙන් ද සැලකිය හැකිය. මේ වන විට ඇස්තමේන්තු කර ඇති ආකාරයටමෙම ව්‍යාපෘති මගින් වගා තීව‍්‍රතාවයේ සාමාන්‍ය අගය සියයට 100 සිට සියයට 181 දක්වා ඉහළ නැංවීමට හැකි වෙතැයි අපේක්ෂා කරන අතර සමස්ත ව්‍යාපෘතිය මගින් කෘෂිකාර්මික අංශයේ වාර්ෂික ප‍්‍රතිලාභය රුපියල් මිලියන 4000ක් පමණ වෙතැයි ගණනය කර ඇත. සමස්ත ව්‍යාපෘතිය මගින් වාර්ෂික ව රුපියල් මිලියන 5000 කට අධික ප‍්‍රතිලාභ ලැබෙතැයි අපේක්ෂා කෙරේ. මොරගහකන්ද - කලූගඟ ව්‍යාපෘතිය මගින් ලංකාවේ ප‍්‍රධානත ම කෘෂිකාර්මික දිස්ත‍්‍රික්ක වන අනුරාධපුර, පොලොන්නරුව, මාතලේ, ත‍්‍රිකුණාමලය හා කුරුණෑගල යන දිස්ත‍්‍රික්ක පහේ ම ජනතාව ඍජු ප‍්‍රතිලාභ ලබති.

Moragahakanda 03 1

 

 

 

 

 

 

 

 

 

 

වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය

වර්තමානයේ පවතින වියළි කාලගුණය සමඟ පවා පැහැදිලි වන කරුණක් වන්නේ විධිමත් හා තිරසර වාරි කළමනාකරණයකින් තොරව වියළි කලාපයේ වාරි මාර්ග පද්ධතියට අවශ්‍ය ජලය අවශ්‍ය පරිදි සම්පාදනය කිරීම අභියෝගාත්මක බවයි. විශේෂයෙන් කෙටි නියං තත්ත්වයක් හමුවේ පවා මහා ජලාශ ප‍්‍රමුඛ වැව් පද්ධතිය උග‍්‍ර ජල හිඟයකට මුහුණ පෑම අද සාමාන්‍ය තත්ත්වයකි. මොරගහකන්ද - කලූගඟ ව්‍යාපෘතිය මගින් මෙම ගැටලූවට තිරසර විසඳුමක් ලබාදීමට යන්නේ ලොකු කුඩා වැව් 1547 කට වාරි ජලය සැපයීමට පියවර ගැනීම සමගිනි. මොරගහකන්ද - කලූගඟ ව්‍යාපෘතියට සමාඟාමී ව රුපියල් මිලියන 16,000ක ආයෝජනයකින්‘මහවැලි ජල සුරක්ෂිතා ආයෝජන වැඩසටහන’ යටතේ ක‍්‍රියාත්මක වන ‘වයඹ පළාත් ඇළ ’ ව්‍යාපෘතිය ද සැලකිය හැක්කේ මෑත යුගයේ ලංකාව තුළ ක‍්‍රියාත්මක වන සුවිශේෂ වාරි ව්‍යාපෘතියක් වශයෙනි. මී ඔය ඉහළ ජලාධාර පෝෂක ප‍්‍රදේශයට හා හක්වටුණා ඔය ජලාශයට වාර්ෂිකව මහවැලි ජලය අක්කර අඩි 105,000ක් හරවා කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ උතුරු ප‍්‍රදේශයන්හි පිහිටි කුඩා වැව් 300ක් හා ප‍්‍රධාන වැව් 8 ක් මහවැලි ජලයෙන් පෝෂණය කිරීම මෙහි ප‍්‍රධාන අරමුණක් වන අතර ප‍්‍රදේශයේ දැනට පවතින වකුගඩු රෝගය සඳහා ද හේතුවන උග‍්‍ර පානීය ජල ගැටලූවට පිළියම් ලබාදීම ද ප‍්‍රමුඛ අරමුණක් වශයෙන් සැලකේ. Wayamba ela 2017

සැඟවුණු සංවර්ධනය

ඉහත සඳහන් කළ මොරගහකන්ද - කලූගඟ සහ වයඹ පළාත් ඇළ ව්‍යාපෘති ද්විත්වය සැලකිය හැක්කේ ශ‍්‍රී ලංකාවේ වියළි කලාපීය ජනතාවගේ සමස්ත ජීවන පැවැත්මම ධනාත්මක පරිවර්තනයකට ලක් කරන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති වශයෙනි. සංඛ්‍යාත්මකව ගත්විට මෙම ව්‍යාපෘති ද්විත්වය සඳහා පමණක් සිදුවන ආයෝජනය රුපියල් මිලියන 49,872.6 කි. මෙම ව්‍යාපෘති හරහා යල මහ දෙකන්නයේම වාරි ජලය ලැබෙන වගාබිම් ප‍්‍රමාණය හේකටයාර් 96,000 කි. වාරිජලය ලැබෙන ලොකු කුඩා වැව් සංඛ්‍යාව 1547 කි. මේ සංවර්ධනයේ ප‍්‍රතිලාභ ලැබෙන්නේ රටේ හුදකලා එක් දිස්ත‍්‍රික්කයකට හෝ ප‍්‍රදේශයකට නොව ලංකාවේ ප‍්‍රධාන කෘෂිකාර්මික දිස්ත‍්‍රික්ක 05 කටය. එහෙත් ප‍්‍රශ්නය වන්නේ මෙම දැවැන්ත සංවර්ධනය කිසියම් හේතුවක් නිසා ජනතාවගේ ඇස් මානයෙන් වසංව පැවතීමය. නැතිනම් ජනතාවගෙන් වසං කිරීමය. මෙය සිදුවන්නේ කෙසේද ? මේ ගැන අප ගැඹුරින් විමසා බැලිය යුතුය.

මාධ්‍ය සංදර්ශන නැති සංවර්ධනයක්

යහපාලනය තුළ, ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ භාවිතය තුළ සිදුවන තිරසර සංවර්ධන ව්‍යාපෘති තුළ මාධ්‍ය සංදර්ශන හෝ ප‍්‍රදර්ශනකාමය දැකිය නොහැකිය. ඒ වෙනුවට දැකිය හැකි වන්නේ මාධ්‍ය සංදර්ශන සඳහා ද වැයවන ජාතික ධනය මහත් අරපිරිමැස්මකින් යුතුව ජාතික සංවර්ධන කටයුතු සඳහා භාවිත කිරීමකි. මේ සඳහා රුපියල් මිලියන 50,000 කට ආසන්න මුදලක් ආයෝජනය වන මොරගහකන්ද - කලූගඟ ව්‍යාපෘතිය, වයඹ ඇළ ව්‍යාපෘතිය පමණක් නොව රුපියල් මිලියන 10,000ක් පමණ ආයෝජනය කළ‘පිබිදෙමු පොලොන්නරුව’ දිස්ත‍්‍රික් සංවර්ධන වැඩසටහන ද උදාහරණ වශයෙන් දැක්විය හැකිය.මෙම දැවැන්ත සංවර්ධන කාර්යයන් ත‍්‍රිත්වයේදීම අප දුටුවේ හුදු ප‍්‍රදර්ශනකාමය ඉක්මවා ගිය තිරසර සංවර්ධන භාවිතය පිළිබඳ වුවමනාවකි. ජනතාවට, රටට ලැබෙන තිරසර ආර්ථික සහ සංවර්ධන ප‍්‍රතිලාභ ගැන මිස ප‍්‍රතිරූප සංවර්ධනය ගැන නොසිතන භාවිතයකි. මෛත‍්‍රීපාල සිරිසේන පාලනය තුළ සිදුවන තිරසර ඵලදායී සංවර්ධනයේ ආදර්ශය වන්නේ එයයි.

සටහන

තුෂාල් විතානගේ

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.