• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා නව වැනි පාර්ලිමේන්තුවේ පස් වැනි සැසිවාරය විවෘත කරමින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය 2024-02-07

අතීතයේ සිට මේ දක්වාම ලෝකය විවිධ අර්බුදයන්ට මුහුණ දුන්නා. රටවල් අර්බුදයන්ට මුහුණ දුන්නා. පුද්ගලික ජීවිත අර්බුදයන්ට මුහුණ දුන්නා. සමහර අවස්ථාවලදී අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් වුණා. තවත් සමහර අවස්ථාවන්වලදී අර්බුදයෙන් ගොඩ එන්න බැරි වුණා. අර්බුදයකින් ගොඩ එන්න පුළුවන් වෙන්නේ අර්බුදයකට සාප කර කර සිටීමෙන් නොවෙයි. අර්බුදයට හේතු කියමින් ඒවා විවේචනය කිරීමෙන් නොවෙයි.

ලෝකයේත්, රටවලත්, පුද්ගලික ජීවිතවලත් අර්බුද විසඳා ගත්තේ අර්බුදය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමෙන්. අර්බුද කළමනාකරණයේ මූලික පියවර විය යුත්තේ කුමක්ද?
බුදුන් වහන්සේගේ දේශනාවක් මම මෙතැනදී උපුටා දක්වන්නට කැමතියි.

”අත්තදීපා - විහරත”
තමා තමාටම පහනක් කොට ජීවත් වෙන්න.
අර්බුද ජය ගැනීමේ ක‍්‍රියාවලිය ආරම්භ කළ යුත්තේ තමාගෙන්මයි. අනුන් විවේචනය කර කර සිටීමෙන් අර්බුද ජයගත් අවස්ථාවක් ලෝකයේ කිසි තැනක නෑ. අප අපටම පහනක් වුණේ නැත්නම්, අපේ සිතිවිලි, අපේ අදහස් නිවැරදි කරගත්තේ නැත්නම් අපට යහපතකුත් නෑ. රටට යහපතකුත් නෑ. අර්බුදයට විසඳුමකුත් නෑ.

ක‍්‍රම වෙනසක් නැතිනම්, සිස්ටම් චේන්ජ් ගැන උගුර ලේ රහ වෙනකල් කෑ ගැහුවාට මුලින්ම අපි වෙනස් වුණේ නැතිනම් කිසි විටෙක ක‍්‍රමයක් වෙනස් කරන්න අපට පුළුවන් වෙන්නේ නෑ.

ඒ බවත් අවධාරණය කරමින් මම අතීතය, වර්තමානය සහ අනාගතය ගැන කරුණු ගණනාවක් මේ සභාව ඉදිරියේ ගෙනහැර දක්වන්නට කැමතියි.

2022 පෙබරවාරියේ මේ රට වැටී තිබුණ තත්ත්වය අප කාටත් මතකයි. 2023 පෙබරවාරි වෙද්දී ඊට වඩා යහපත් තත්ත්වයකට මේ රට ගෙන එන්න අපට පුළුවන් වුණා. මේ පෙබරවාරි වෙද්දී ගිය අවුරුද්දේ පෙබරවාරියට වඩා යහපත් මට්ටමකට අපේ රට ගොඩ නැංවී තිබෙනවා.

ගිය වසරේ පෙබරවාරියේ සහ මේ දක්වා අපේ ආර්ථික දර්ශක කිහිපයක් මම පෙන්වා දෙන්නම්.
ගිය වසරේ උද්ධමනය සියයට 50.6යි. අද එය සියයට 6ග4 දක්වා පහළ වැටිලා.
ආහාර උද්ධමනය සියයට 54.4ක්. අද එය සියයට 3.3යි
එදා ඩොලරයක අගය රුපියල් 362ක්. අද රුපියල් 314යි.

2022 අවසාන වෙද්දී අයවැය ප‍්‍රාථමික හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.7ක්. නමුත් 2023 වසරේ ප‍්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කර ගන්නට අප සමත් වුණා. නිදහසින් පසුව ගෙවුණු අවුරුදු 76 තුළම ප‍්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කර ගන්නට ශ‍්‍රී ලංකාවට හැකි වුණු 6 වැනි අවස්ථාව මෙයයි.

2022 අවසානයේ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.9ක්. 2023 වසරේ අවසානයේ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමෙහි අතිරික්තයක් ඇති කර ගැනීමට අපට පුළුවන් වුණා. 1977න් පසු ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමෙහි අතිරික්තයක් ඇති කර ගත් මුල්ම අවස්ථාව මෙයයි.

2023 දී සියයට 28ක් වූ පොලී අනුපාතය දැන් සියයට 12යි.

2022 අවසාන වෙද්දී ප‍්‍රධාන රාජ්‍ය ව්‍යවසාය 52ක් රුපියල් බිලියන 745ක පාඩුවක් ලැබුවා. 2023 සැප්තැම්බරය වෙද්දී මේ රාජ්‍ය ව්‍යවසාය 52 රුපියල් බිලියන 313ක ලාභයක් ලබා තිබෙනවා. හැබැයි මේ ආයතනවල ණය බර උසුලන්නට බැරි තරම් අගයක පවතින බවත් සඳහන් කළ යුතුයි.

තෝරාගත් ණය ගෙවා ගැනීමට බැරි තත්ත්වයකට පත්ව ඇති බව ශ‍්‍රී ලංකාව නිල වශයෙන් ප‍්‍රකාශ කළේ 2022 අපේ‍්‍රල් 12 වැනිදා. ඒ වෙද්දි අපේ ද්‍රවශීල විදේශ විනිමය සංචිත බින්දුවටම වගේ වැටිලා තිබුණා. දැන් ඒ තත්ත්වය වෙනස්.

2023 දෙසැම්බර් වෙද්දී අපේ නිල විදේශ විනිමය සංචිත ප‍්‍රමාණය ඩොලර් බිලියන 4.4ක්.

ගෙවුණු කෙටි කාලය තුළ සංචාරක ව්‍යාපාරයෙන් අප කැපී පෙනෙන ප‍්‍රගතියක් ලැබුවා. 2022 අපේ රටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 194,495ක්. 2023 වසරේ ඒ සංඛ්‍යාව 1,487,303ක් දක්වා ඉහළ නංවා ගන්න අපට පුළුවන් වුණා. මේ වසරේ ජනවාරියේදී 200,000කට අධික සංචාරකයන් පිරිසක් පැමිණියා.

ඒ වගේම 2023 වසර තුළ සාධනීය පියවර රැුසක් අප ගත්තා. ූඍ කේතය ඔස්සේ සිදු කළ ඉන්ධන සීමාව ඉවත් කළා. දැන් විදුලි බලය අඛණ්ඩව සැපයෙනවා. ගෑස් හිඟයක් නැහැග කෘෂි කර්මාන්තය වෙනුවෙන් හිඟයකින් තොරව පොහොර ලබා ගන්න පුළුවන්. ධීවර ජනතාවට ඉන්ධන හිඟයක් නෑග රථ වාහන හැරෙන්න අනෙකුත් සියලූ භාණ්ඩ සඳහා ආනයන සීමාවන් දැන් ඉවත් කරලා. අත්‍යවශ්‍ය ආහාර සහ බෙහෙත් රටට ගෙන්වා ගැනීමේ කිසිදු ගැටලූවක් නැහැ. ඒ වගේම නිෂ්පාදන කර්මාන්ත සඳහා ද අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයුම් ජාලයට දැන් කිසිදු අවහිරයක් නෑ.

දළ දේශීය නිෂ්පාදිතය 2022 දී සියයට 7.8කින් හැකිළුණා. 2022 සිට එක දිගට කාර්තු 6ක් සෘණ වර්ධනයක් තිබුණේ. නමුත් 2023 තුන්වන කාර්තුවේදී සියයට 1.6ක වර්ධනයක් අප අත්පත් කර ගත්තා.

අපේ ආර්ථිකය කඩා වැටුණේ උල්කාපාත වේගයකින්. නමුත් දැන් අපිට එය ආපිට හරවන්න පුළුවන් වෙලා තිබෙනවා. එය රොකට් වේගයෙන් යළි ඔසවන්නට අප සමත් වුණා. වී :ඪ* ෂේප් රිකවරි නැත්නම් වී :ඪ* හැඩයේ ප‍්‍රතිසාධනයක් අප ලබමින් ඉන්නේ.

එය අප ලැබූ සුවිශේෂී ජයග‍්‍රහණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. කඩා වැටුණු රටවල ආර්ථික ප‍්‍රතිසාධනය ඉතා දුෂ්කර හා වේදනාකාරී එකක් වුණා. නමුත් වෙනත් රටවල් වගේ දීර්ඝ කාලීන දුෂ්කරතා සහ වේදනාවන්ගෙන් තොරව අපේ ආර්ථිකය ප‍්‍රතිසාධනය කර ගැනීමට අපට පුළුවන් වුණා.

මම එක් උදාහරණයක් ගෙනහැර දක්වන්නම්.
ග‍්‍රීසිය තමන්ට ණය ගෙවාගන්න බැරි තරමේ ආර්ථික කඩා වැටීමක් සිදුව ඇති බව 2009දී ප‍්‍රකාශයට පත් කළා. ඉන්පසු මුළු රටම වේදනා විඳිමින් යළි තමන්ගේ ආර්ථිකය ප‍්‍රතිසාධනය කර ගැනීමට වෙහෙසුණා. ඒ කාලය තුළ අනේක දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. යළිත් ආර්ථිකය ප‍්‍රකෘතිමත් කර ගැනීමට ඔවුනට අවුරුදු 10කට වැඩි කාලයක් ගත වුණා.

නමුත් අපේ රටට කෙටි කාලයකදී සුවිශේෂී ජයග‍්‍රහණ ලබා ගැනීමට හැකිවීම ඇත්තෙන්ම ලෝක වාර්තාවක්. අපට ඒ ආකාරයේ වාර්තාගත පෙරළියක් කරන්න පුළුවන් වුණේ ඇයි?
2022 වසර පුරාම ආර්ථිකය කඩා වැටුණා. 2022ට වඩා 2023 වසරේ කිසියම් වාර්තාගත ආර්ථික ප‍්‍රගතියක් අපේ රටට ලබා ගන්න පුළුවන් වුණේ අහම්බයකින් නෙවෙයි. ඉතා පරිස්සමින් හා දුරදිග බලා සකස් කළ සියුම් ආර්ථික ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාවට නැංවීම නිසයි.

ඒ වගේම අප සකස් කරන ප‍්‍රතිපත්ති, අනුගමනය කරන ක‍්‍රියාමාර්ග හා සැලසුම් සියල්ලම වරින් වර, අවස්ථානුකූලව මම මේ පාර්ලිමේන්තුව ඉදිරියේත්, ජනතාව ඉදිරියේත් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළා. ඒවා ගැන සාකච්ඡුා කරන්න, විවාද කරන්න අවස්ථාවන් පාර්ලිමේන්තුව තුළදීත්ල ඉන් පිටතදීත් ලබා දුන්නා. ඒ ප‍්‍රතිපත්ති කිසි විටෙකත් සඟවා තැබුවේ නෑ. හැම පියවරක්ම අප සිදු කළේ පාරදෘශ්‍යභාවයෙන් යුතුවයි.

මම කිසි විටෙක දේශපාලන වාසිය තකා තීරණ ගත්තේ නෑ. මම හැම තීරණයක්ම ගත්තේ රටේ වාසිය ගැන හිතලයි. අපට අවාසි වුණත් රටට හිතකර තීන්දු තීරණ ගැනීමට අප පසුබට වුණේ නෑ. අප පුද්ගලික අභිලාෂ පසෙක ලා රට වෙනුවෙන් නිවැරදි ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කළා.

පාර්ලිමේන්තුවේ සමහර කණ්ඩායම් ඒ තීන්දු තීරණවලට විරුද්ධ වුණා. නමුත් බහුතරය තම තමන්ගේ පුද්ගලික දේශපාලන වාසි සහ ඉලක්ක නොතකා, රට වෙනුවෙන් ඒ තීන්දු තීරණ වෙනුවෙන් අත් ඉස්සුවා. මතු යම් දවසක ඒ අයට ජාතියේ කෘතවේදීත්වය හිමිවන බව මට විශ්වාසයි.

අප මේ ගමන ඉදිරියට ගියේ පියවරෙන් පියවර. 2022 වසරේ ඉදිරිපත් කළ අතුරු අයවැය මඟින්, රටේ එවකට තිබුණු සැබෑ තත්ත්වය මම පෙන්වා දුන්නා. ආර්ථිකයේ කඩා වැටීම වළකාලීම ඒ අතුරු අයවැය ලේඛනයේ අරමුණ වුණා. 2023 වසරේ අයවැය ඔස්සේ ආර්ථිකය කිසියම් ස්ථාවර මාවතකට යොමු කරලීමේ යෝජනා කිහිපයක් මම ඉදිරිපත් කළා. 2024 අයවැය යෝජනා ඉදිරිපත් කළේ ආර්ථික සංවර්ධනය වේගවත් කරලීම උදෙසා අවශ්‍ය ප‍්‍රතිසංස්කරණවල ආරම්භක පියවරක් ලෙසයි.

අසීරුවෙන් වුණත්, සමහර අවස්ථාවල අකැමැත්තෙන් වුණත් අප ක‍්‍රියාත්මක කළ ආර්ථික ප‍්‍රතිසංස්කරණ සහ ප‍්‍රතිපත්ති නිසා ස්ථාවර ආර්ථිකයක් ඇති කර ගැනීමේ ගමන් මාර්ගයට දැන් අප අවතීර්ණ වෙලා ඉන්නවාග ජාත්‍යන්තර මූල්‍ය ආයතන අපේ ඉලක්කගත ගමන ගැන ප‍්‍රසාදය පළ කරනවා.

අඳුරු ආර්ථික බිම් ගෙයක සිරවී සිටි අපි දැන් බිම් ගෙය කෙළවර ආලෝකය දකිනවා. දැඩි සත්කාර ඒකකයේ පණ අදිමින් සිටි ආර්ථිකය දැන් අසාධ්‍ය තත්ත්වයෙන් මුදවාගෙන තිබෙනවා.

ගෙවුණු කාලයේ පැවති දැඩි ආර්ථික අර්බුදය නිසා රටේ ජනතාවගෙන් බොහෝ දෙනකුට නොසිතූ විරූ දුක්ගැහැටවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. සමහරුන්ට රැුකියා නැති වුණා. තවත් සමහරුන්ට ආදායම් මාර්ග නැති වුණා. තවත් සමහරුන්ට ව්‍යාපාර අවස්ථා අහිමි වුණා. තවත් සමහරුන්ට අයිතිය අහිමි වුණා. මේ බොහොමයක් දුක් කරදර උරුම වුණේ සාමාන්‍ය පන්තියේ ජනතාවටයි.

වර්තමානයේ අප උත්සාහ කරන්නේ මේ අහිමි වූ අවස්ථා ටිකෙන් ටික හෝ යළිත් ජනතාවට ලබා දීමටයි. ජනතාවට අහිමි වූ අයිතීන් යළි ලබා දීමේ වැඩපිළිවෙළ උරුමය නමින් පෙරේදා අප ආරම්භ කළා. උරුමය වැඩසටහන ඔස්සේ අප මූලික කරුණු දෙකක් ගැන අවධානය යොමු කරනවා. එකක් ඉඩම්. අනෙක නිවාස.

මෙතැනදී ඉඩම් අයිතිය මූලික ස්ථානයක් ගන්නවා. 1897 මුඩුබිම් පනත මඟින් ජනතාවගේ ඉඩම් අයිතිය බි‍්‍රතාන්‍ය යටත්විජිත රජය ලබා ගත්තා. නිදහසින් පසුව බලයට ආ කිසිදු ආණ්ඩුවක් මේ පැහැර ගත් ඉඩම් අයිතිය යළිත් ජනතාවට ලබා දීමට කවරාකාරයේ හෝ පියවරක් ගත්තේ නෑ. අප ඒ ඉඩම් අයිතිය යළි ලබා දීමේ වැඩ කටයුතු ආරම්භ කළා. එමඟින් මිලියන දෙකකට අධික ජනතාවකට යළි ඉඩම් අයිතිය ලබා දෙනවා. ඉඩම් හිමියන් මිලියන දෙකක් අපේ සමාජයට එක් කරනවා. මෙය ඓතිහාසික මෙන්ම විප්ලවකාරී පියවරක්. ඒ වගේම සහලින් ස්වයංපෝෂණය ලබා දීම පිණිස දශක ගණනාවක් තිස්සේ ගොවි ජනතාව විඳි දුක් මහන්සිය වෙනුවෙන් කෙරෙන උපහාරයක්.

ඒ වගේම මේ රටේ ජනතාවගෙන් තුනෙන් එකකට පමණ හරිහමන් ආදායමක් නෑ. සුදුසු නිවසක් නෑ. මේ ජනතාවට ආදායම් මාර්ග සහ නිවාස උරුමය ලබා දීමට අප ඉදිරියේදී පියවර ගන්නවා. නාගරික අඩු ආදායම්ලාභී නිවාස 50000කට වැඩි ප‍්‍රමාණයක පූර්ණ අයිතිය ඒවායේ ජීවත් වන ජනතාවට ලබා දෙනවා.

සාර්ථක ආර්ථික සංවර්ධන මාවතකට පිවිසෙද්දී රටේ සියලූ කොටස් වෙත විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. විශේෂයෙන්ම දිළිඳු හා අසරණ ජනතාව වෙත. බරපතළ ආර්ථික අර්බුද මැද්දේ වුණත් ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් අප පියවර ගත්තා.

මේ වසරේදී අස්වැසුම හරහා ලක්ෂ 24ක ජනතාවට ප‍්‍රතිලාභ ලබා දීමට අපේක්ෂා කරනවා. මෙමඟින් රටේ පහළම තලයේ වෙසෙන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අපට හැකි වෙනවා. මේ සා විශාල ප‍්‍රමාණයක මුදල් සහනාධාරයක් අපේ රටේ ඉතිහාසයේ කිසි කලෙක ලබා දී නෑ.

අඩු ආදායම්ලාභී ජනතාවට සහනයක් වශයෙන් එක් පවුලකට සහල් කිලෝ 20ක ප‍්‍රමාණයක් එළැඹෙන උත්සව සමයේ ලබා දෙනවා.

2022 අගෝස්තු මස වෙද්දී ජනාධිපති අරමුදල සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී තිබුණා. වෛද්‍යාධාර ඉල්ලා ඉදිරිපත් කළ අයදුම්පත් 9000කට අධික ප‍්‍රමාණයක් ගෙවීමකින් තොරව ගොඩ ගැසී තිබුණා. අගෝස්තු සිට දෙසැම්බර් දක්වා තවත් අයදුම්පත් 4000ක් පමණ ලැබුණා. අප ඒ සියල්ල සඳහා ගෙවීම් කළා. 2023 වසර පුරා රෝගීන් 4917 දෙනකු සඳහා රුපියල් මිලියන 915ක් ලබා දුන්නා. ඒ වගේම දැන් ගෙවීම් අපේක්ෂාවෙන් මාස ගණන් ළතැවෙන්නට අවශ්‍ය නෑ. රාජකාරි දින තුනත්, පහත් දක්වා කාලය තුළ ගෙවීම් සිදු කිරීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මකයි. මේ වසරේ සිට සියලූ වෛද්‍යාධාර සියයට 50 සිට 100 දක්වා වැඩි කිරීමටත් පියවර ගන්නවා. මේ වෛද්‍යාධාරවලට අමතරව පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩපිළිවෙළක් ද ජනාධිපති අරමුදල හරහා ක‍්‍රියාවට නංවා තිබෙනවා.

අපි රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක් ලබා දුන්නා. විශ‍්‍රාමිකයන්ගේ වැටුප් වැඩි කළා. 2016 සිට 2020 දක්වා විශ‍්‍රාම ලැබූ රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතාවක් තිබෙනවා. ඒ ගැටලූවට නොබෝ කාලයකින් විසඳුම් ලබා දීමට අප පියවර ගන්නවා.

රජයේ ආදායම් තහවුරු වෙද්දී ඊට අනුකූලව වැඩි වැඩියෙන් සහන ලබා දීමට අප පියවර ගන්නවා.

අප ලබමින් සිටින වර්ධනය සමාජයේ කතා බහ කරන මාතෘකාවලින්ම පිළිබිඹු වෙනවා. කලෙකට කලින් කතා කළේ විදුලිබල කප්පාදුව නිසා විඳින්නට වෙන කරදර ගැන. එදා ඉල්ලා සිටියේ කීය වුණත් කමක් නෑ අඛණ්ඩව විදුලි බලය ලබා දෙන්න කියලා. අද කතා කරන්නේ විදුලි බිල ගැන. කලෙකට කලින් කතා කළේ කළු කඩයේ පෙට්රල් ලීටරයක් රුපියල් 3000ක් වීම ගැන. තෙල් පෝලිම්වල දවස් තුන හතර රස්තියාදු වීම ගැන. අද කතා කරන්නේ ශ‍්‍රී ලංකාවේ අලූතෙන් ආයෝජනය කරන තෙල් සමාගම් ගැන. එදා කතා කළේ එළවළුවක් ගන්න විදිහක් නැති එක ගැන. අද කතා කරන්නේ කැරට් අලයක මිල ගැන. එදා කතා කළේ පොතක් පතක් මුද්‍රණය කරගන්න කඩදාසි නැති එක ගැන. අද කතා කරන්නේ වැට් බද්ද ගැන.

ඔව්. වැට් බද්ද බොහෝ අයට බරක්. අප ඒ ගැන නොදන්නවා නෙවෙයි. ඒ ප‍්‍රශ්නය අපට නොදැනෙනවා නෙවෙයි. අප ඒ ගැටලූවටත් පියවරෙන් පියවර විසඳුම් ලබා දෙමින් ඉන්නෙ. 2022 වසරේ ලියාපදිංච් සංඛ්‍යාව 437,547යි. 2023 අවසන් වෙද්දී එම සංඛ්‍යාව 1,000,029ක් දක්වා ඉහළ නැංවුණා. සියයට 130ක වැඩි වීමක්. බදු ජාලය පුළුල් වෙන්න වෙන්න තනි පුද්ගලයකුට හෝ තනි ආයතනයකට දරන්න වෙන බදු බර අඩු වෙනවා.

ඒ වගේම අපේ ආර්ථික ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කරමින් ඉදිරියට යද්දී ආර්ථිකය තව තව ස්ථාවර වෙද්දී අප බදු බර අඩු කරනවා. ඒ සමඟම වැට් බදු ප‍්‍රතිශතය සංශෝධනය කරන්නත් අවකාශ සැලසෙනවා.

අපි මේ සියල්ලම කරන්නේ ණය කන්දක බර දරමින්. පසුගිය කාලය පුරාම අප දැඩි ලෙස වෙහෙසුණේ මේ ණය ආපසු ගෙවීමේ ක‍්‍රමවේදය පිළිබඳව ප‍්‍රති සැලැස්මක් සකස් කර ගැනීම සඳහායි. පළමු පියවර ලෙස දේශීය ණය ප‍්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම නිම කළා. දෙවන පියවර ලෙස ද්වීීපාර්ශවීය විදේශ ණය හිමියන් සමඟ ප‍්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ප‍්‍රතිපත්තිමය එකඟතාවකට එළැඹුණා. තුන්වැනි පියවර ලෙස පුද්ගලික ණය හිමියන් සමඟ දැනට සාකච්ඡුා කරගෙන යනවා.

මේ වසරේ මුල් මාස හය තුළ මේ සංකීර්ණ ප‍්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම ක‍්‍රියාත්මක කරලීමට අප අපේක්ෂා කරනවා. මෙය අපේ ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමේ මූලික පදනම බවට පත්වේවි. ඒ වගේම ණය පීඩනයෙන් මිදීමේ මාර්ගයේ සංධිස්ථානයක් බවට පත්වේවි.

මේ වසරේදී සියයට 2කල සියයට 3ක ධන ආර්ථික වර්ධනයක් අපට අත්පත් කරගන්න පුළුවන් බව ෂඵත්‍, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර තිබෙනවා. 2025 වසරේ එය සියයට 5 දක්වා ඉහළ නංවා ගැනීමට අප ක‍්‍රියා කරනවා.

2022 වසරේ ගින්දරකට වැටී තිබුණු රට ඉන් මුදවා ගැනීමේ මෙහෙයුම් අප ආරම්භ කළා. 2022ට වඩා 2023 යම් යම් කාරණාවලින් යහපත් කරගත්තා. 2024 ඊටත් වඩා යහපත් වන බවට පුරෝකථනය කර තිබෙනවා. මේ මාර්ගයේම ඉදිරියට ගියොත් 2025 ඊටත් වඩා යහපත් වෙනවා.

නමුත් ඒ පමණින් අපට සෑහීමකට පත් වෙන්න පුළුවන්ද?
අප තවමත් ද්වීීපාර්ශවීය හා බාහිර වාණිජ පදනමෙන් ලබාගත් කිසිදු ණයක් ගෙවන්නේ නෑ. නමුත් ප‍්‍රතිව්‍යුහගතකරණයෙන් පසු අප ණය ගෙවීම් ආරම්භ කළ යුතුයි. ණය ගෙවන්න රුපියල් වගේම ඩොලර් අප සතු විය යුතුයි.

2023 සැප්තැම්බරය වෙද්දී අපේ මුළු ණය බර ඩොලර් බිලියන 91ක් පමණ වෙනවා. මේ ණය ගෙවා අවසන් කරන්නට දීර්ඝ කාලයක් ගත වෙනවා. ණය ගෙවීමට මුදල් අප දේශීය වශයෙන් උපයා ගත යුතුයි. නැතිනම් වෙන්නේ නැවතත් අප ණය උගුලේ සිරවීම පමණයි.

ණය ප‍්‍රතිව්‍යුහගතකරණය නිසා අපට වසරකට ගෙවිය යුතු ණය මුදල අඩු කර ගන්න හැකි වෙනවා. ඒ යටතේත් අප වසරකට ඩොලර් බිලියන 3ක පමණ ප‍්‍රමාණයක් ගෙවිය යුතුයි. මේ ආකාරයෙන් හැමදාමත් ණය ගෙව ගෙවා ඉන්නට බැහැ. දිගින් දිගටම ණය වෙන්නත් බැහැ.

ඒ වගේම අපේ ආදායම සහ වියදම අතර සමබරතාවක් ඇති කර ගැනීමට අප කඩිනම් පියවර ගත යුතුයි. අපේ අයවැය හිඟය බරපතළයි. මේ වසරේ රජයේ ආදායම රුපියල් බිලියන 4127ක්. වියදම රුපියල් බිලියන 6978ක්. මෙයින් රුපියල් බිලියන 2651ක් වියදම් වෙන්නේ පොලී ගෙවීම සඳහායි. අපේ ණය කන්දරාවේ බර එයින් පිළිබිඹු වෙනවා.

එක්දහස් නවසිය පනස් ගණන්වලින් පස්සෙ අපි කළේ ණය වෙන එක. හැමදේටම ණය ගන්න එක. පාලකයනුත් ණය ගන්න පුරුදු වුණා. ජනතාවත් මේ ණය ආර්ථිකයටම හැඩ ගැහුණා. හාල් නිකම් දෙනවාග විදුලි බිලට සහන දෙනවාග පඩි වැඩි කරනවාග රජයේ රැුකියා ලක්ෂ ගණන් දෙනවාග ඔන්න ඔය වගේ මැතිවරණ පොරොන්දු දීලා බලයට පත් වුණාම ඒවා ඉෂ්ට කළේ ණය වෙලා.

මෙන්න මේ ණය මානසිකත්වයෙන් අප අත් මිදෙන්න ඕනෑග ණය ආර්ථිකයෙන් ගැලවුණේ නැත්නම් මේ රටට අනාගතයක් නෑ. හෙට දවසක් නෑ.

එහෙනම් අප ණය ආර්ථිකයෙන් මිදී, අපටම කියා ශක්තිමත් ආර්ථිකයක් ගොඩනංවා ගැනීමට වෙහෙසිය යුතුයි.

අපනයන ආදායම් සහ විදේශ ආයෝජන කඩිනමින් ඉහළ නංවා ගැනීම අත්‍යවශ්‍ය වෙන්නේ මෙන්න මේ කරුණු සාක්ෂාත් කර ගැනීමටයි.

ඒ සඳහා අවශ්‍ය පදනම සකසමින්, ආර්ථික ප‍්‍රතිසංස්කරණ ගණනාවක් දැන් අප ක‍්‍රියාත්මක කරමින් සිටිනවා. එහි අවසාන ප‍්‍රතිඵලය තරගකාරී ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමයි. ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැංවීමයි. හරිත ආර්ථිකයක් සකස් කර ගැනීමයි. මේ ක‍්‍රියාවලියේ මූලික ගුණාංග වෙන්නේ ¥ෂණය තුරන් කිරීම සහ සමාජ නවීකරණයයි.

¥ෂණය මෙරටට පිළිලයක් වී ඇති බව බොහෝ දෙනෙක් පිළිගන්නවා. ඒත් ¥ෂණය තුරන් කළ හැක්කේ ක‍්‍රමවත් හා විධිමත් නීතිරීති මාලාවකින් පමණක් බව හුඟ දෙනෙක් අවබෝධ කරගෙන නැහැ. හොරු අල්ලනවා, හොරු අල්ලනවා කියා කෑ ගැසුවාට හොරු අල්ලන්න බෑ. හොරු අල්ලන්න නම් ඒ සඳහා පදනම් කර ගත හැකි ශක්තිමත් නීති රීති පද්ධතියක් වගේම, විද්‍යාත්මක ක‍්‍රමවේදයක් ද අවශ්‍ය වෙනවා. ඒවා ක‍්‍රියාත්මක කළ හැකි පුහුණු නිලධාරීන් ද අවශ්‍ය වෙනවා.

බොහෝ අය හිතාගෙන ඉන්නේ ¥ෂිතයන් නීතිය ඉදිරියට පැමිණවීමෙන් ප‍්‍රශ්නය අවසන් කියායි. එය මිථ්‍යාවක්. ¥ෂණයක් සිදුවීම වැළැක්වීම සඳහා ද තදබල නීති රීති සකස් කළ යුතුයි. ඒ වගේම ¥ෂිතයන්ට දැඩි දඬුවම් ලබා දිය යුතුයි. ¥ෂණ මැඬ පැවැත්වීමට මේ කරුණු දෙකම එකට සමාන්තරව ක‍්‍රියාත්මක කළ යුතුයි.

ඒ සඳහා අප ¥ෂණ විරෝධී පනත සම්මත කරගත්තා. දැන් ඒ පනත ක‍්‍රියාත්මකයි. එවැනි පනත් ක‍්‍රියාවට නැංවීමේදී අප කිසිවිට දේශපාලන හෝ වෙනත් බලපෑම් කරන්නේ නෑ. ඒ බව දැන් මුළු රට ඉදිරියේ සනාථ වී තිබෙනවා.

ආර්ථික හා සමාජ නවීකරණයේදී අප අවධානය යොමු කරන ප‍්‍රධාන කරුණු කිහිපයක් ගැනත් මම මේ ගරු සභාවට අවධාරණය කරන්නට කැමතියි.

සංචාරක ව්‍යාපාරය අපට පහසුවෙන් දියුණු කරගත හැකි ක්ෂේත‍්‍රයක්. ඒ ක්ෂේත‍්‍රයේ ප‍්‍රගමනයට අවශ්‍ය මිනිස් සහ භෞතික සම්පත් දියුණු කරලීමටත්, රටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ඉහළ නංවාලීමටත් අප පියවර ගනිමින් ඉන්නවා. වසරකට ශ‍්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප‍්‍රමාණය මිලියන 5ක් දක්වා ඉහළ නැංවීම අපේ අපේක්ෂාවයි.

පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන්ගෙන් අපේ රට පොහොසත්. ඒ අවස්ථාවෙන් අප උපරිම පල නෙළා ගත යුතුයි. ජාත්‍යන්තර තාක්ෂණය මෙරටට ලබාගෙන අපේ රටේ පුනර්ජනනීය බල ශක්තිය උත්පාදනය කළොත් බලශක්ති අපනයනය කරන රටක් ලෙස විදේශ විනිමය ඉපැයීමට අපට පුළුවන්.

හරිත හයිඩ‍්‍රජන් සහ හරිත ඇමෝනියා නිෂ්පාදනයෙන් ඉහළ තලයකට පත් වෙන්න අපට අවස්ථාව තිබෙනවා. මේ අවස්ථාවලින් ප‍්‍රයෝජන ගැනීමට දැනටමත් මූලික සැලසුම් සකස් කර හමාරයි.

දේශගුණික විපර්යාස සඳහා දැනටමත් අප දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. මේ පිළිබඳ පර්යේෂණ කාර්යයන් ඉටු කරලීම උදෙසා ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයක් ශ‍්‍රී ලංකාවේ පිහිටු වීමේ මූලික පියවර දැනටමත් ගෙන අවසන්.

අතීතයේ සිට මේ දක්වාම අපි කෘෂිකර්මාන්තයේ යෙදෙනවා. වගා කරනවා. නමුත් තවමත් අප අනුගමනය කරන්නේ යල් පැන ගිය ක‍්‍රමවේදයන්ග දශක ගණනාවක් තිස්සේ කෘෂි නවීකරණ කාර්යයන් කිසිවක් අප සිදු කර නැහැ.

වියළි කලාපයේ කෘෂි ඉඩම්වල ඵලදායීතාව ඉදිරි කන්න තුන හතර තුළ දෙගුණ තෙගුණ කරලීමේ සැලසුම අප ක‍්‍රියාත්මක කරනවා. ඒ පිළිබඳ ප‍්‍රතිපත්ති තීරණ අප තීන්දු කර අවසන්. මේ මාසයේ සිට දිස්ත‍්‍රික්කයකින් එක් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය බැගින් තෝරා ගෙන මෙම වැඩපිළිවෙළ ආරම්භ කරනවා. මේ අයුරින් වියළි කලාපයේ කෘෂි භෝග ඵලදායීතාව වැඩි කර ගැනීමත් සමඟ තෙත් කලාපයේ ඉඩම් වෙනත් වාණිජ වගාවන්ට යොදා ගන්න අවස්ථාව ලැබෙනවා.

හැත්තෑ ගණන්වලදී ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසම යටතේ පවරා ගත් ඵලදායී ඉඩම් අක්කර ලක්ෂ ගණනාවක් මේ වෙද්දී නාස්තියට ගොස් තිබෙනවා. සමහර ඉඩම්වලින් නිසි ප‍්‍රයෝජන ගන්නේ නැහැ. සමහර ඉඩම් කිසිදු වැඩකට යොදාගෙන නෑ. ජනවසම, වැවිලි සංස්ථාව ආදී විවිධ රාජ්‍ය ආයතන සතු මේ ඉඩම් ඔහේ නාස්ති වෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ රාජ්‍ය ආයතන නඩත්තු කිරීම සඳහා මහජන මුදල් බිලියන ගණන් වැය වෙනවා. දෙපැත්තකින්ම රටට පාඩුවක්. මහා නාස්තියක්.

අප මේ ඉඩම්වලින් උපරිම ඵලදායීතාව ලබා ගැනීම උදෙසා ක‍්‍රියාත්මක වැඩපිළිවෙළක් සකසා තිබෙනවා. ස්වදේශීය ව්‍යවසායකයන්ට මේ ඉඩම් අපනයන වාණිජ වගාවන් උදෙසා දිගු කාලීන බදු පදනම මත ලබා දෙනවා. අවශ්‍ය නම් ඒ ව්‍යවසායකයන්ට විදේශ තාක්ෂණය හා ආයෝජන ලබා ගැනීමේ අවසරය ද අප ලබා දෙනවා. නිසි ලෙස භාවිතයට නොගෙන නාස්තියට යමින් තිබෙන ඉඩම් විදේශ විනිමය උල්පත් බවට පත් කර ගෙන ආර්ථික සංවර්ධනයට ශක්තිමත් ලෙස යොදා ගැනීම මෙහි අරමුණයි.

පසුගිය නිදහස් උළෙල සඳහා ප‍්‍රධාන ආරාධිතයා ලෙස මෙහි පැමිණි තායිලන්ත අගමැතිතුමා එතුමාගේ රටේ කෘෂි විප්ලවය ගැන කරුණු සඳහන් කළා. සම්ප‍්‍රදායේ සිර නොවී නවීන තාක්ෂණය හරි හරියට ප‍්‍රයෝජන ගැනීම නිසා තායිලන්තය කෘෂිකර්මය ඔස්සේ විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් උපයනවා. මේවායින් අප පාඩම් ඉගෙන ගත යුතුයි.

අපේ අවධානය යොමු කෙරෙන තවත් ක්ෂේත‍්‍රයක් තමයි විදේශ ආයෝජන. අපේ ආර්ථිකය කඩිනමින් ශක්තිමත් කරලීමේදී විදේශ ආයෝජනවලින් ලැබෙන්නේ විශාල අනුබලයක්. නමුත් වර්තමානයේ විදේශ ආයෝජකයන් ශ‍්‍රී ලංකාවට එන්න මැලි වෙනවා. ශ‍්‍රී ලංකාවේ ආයෝජනය කිරීම හිසරදයක්. කරදරයක්. අවසර ගැනීම් සඳහා නිල තහංචි ගණනාවක් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. සමහර පුද්ගලයන් සහ ආයතනවලට අල්ලස් දෙන්නත් සිද්ධ වෙලා තිබෙනවා. ඒ සියල්ලට නැවතීමේ තිතක් තබමින් මහා පරිමාණයෙන් විදේශ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමේ වැඩ සැලැස්මක් දැන් අප සකස් කර අවසන්. සරල ක‍්‍රියාවලියක් ඔස්සේ ආයෝජන අවස්ථා සැලසීමට එමඟින් හැකි වෙනවා. ¥ෂණ වංචා කිරීමේ ඉඩකඩ එමඟින් ඇහිරෙනවා.

චීනය, වියට්නාමය වැනි රටවල ආයෝජන සඳහා සියලූ අවසර සහ පහසුකම් දින දෙක තුනකට අඩු කාලයකදී එක වහලක් යටින් ලබා ගැනීමේ පහසුකම් සපයා තිබෙනවා. ඉඩම් පමණක් නොව, විදුලි බල සහ ජල පහසුකම් ද, ප‍්‍රවේශ මාර්ග ද ඉතා කඩිනමින් ලබා දෙනවා. මේ බොහෝ කාර්යයන් පරිගණක හරහා සිදුවන නිසා නීති විරෝධී ක‍්‍රියාවන් සිදු කිරීමේ හැකියාවක් නෑ.

මේ සියලූ කරුණු සහ ජාත්‍යන්තර ප‍්‍රමිතීන් පදනම් කරගෙන වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන ආර්ථික කොමිසමක් පිහිටු වීමට මූලික කටයුතු දැන් සකස් කර අවසන්. පුළුල් පරාසයක ක‍්‍රියාත්මක වන ආයෝජන නීති සහ වැඩසටහන් මෙම කොමිසම හරහා ක‍්‍රියාවට නංවනවා.

අවධානය යොමු කළ යුතු තවත් ක්ෂේත‍්‍ර දෙකක් තමයි, අධ්‍යාපන හා සෞඛ්‍ය. ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත‍්‍රවල මූලික නීති සැකසුණේ 2 වන ලෝක යුද්ධ සමයේ. අප ඒ කාලයේ යටත්විජිතයක්. අප එවක බොහෝ දිළිඳු රාජ්‍යයක්. එවැනි සමාජයක් සඳහා සකස් කළ අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා පිළිවෙතක් පදනම් කරගෙන නූතන ලෝකයට ප‍්‍රවේශ වෙන්න බෑ. 21 වන සියවසේ අභියෝගයන් ජය ගන්නත් බෑ.

ඒ නිසා ජාත්‍යන්තර අත්දැකීම් හා ප‍්‍රවණතා පදනම් කරගෙන නව පිළිවෙත් හා නව නීති රීති මේ ක්ෂේත‍්‍රයන් දෙක සඳහාම හඳුන්වා දිය යුතු වෙනවා. නවීන පරිසරයට ඔබින ආකාරයට මානව සම්පත් පෝෂණය කරගත යුතු වෙනවා. සීග‍්‍ර ආර්ථික වර්ධනයක් මෙන්ම දිළිඳු සහ අවදානම් කොටස් ආරක්ෂා කර ගත හැකි පරිදි මෙම ක්ෂේත‍්‍රයන්හි ගැඹුරු නවීකරණ වැඩ පිළිවෙතක් ක‍්‍රියාවට නැංවීමට අප කටයුතු කරනවා.

විශේෂයෙන්ම අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ගණනාවක් වහාම ක‍්‍රියාත්මක කළ යුතු වෙනවා. ලෝකයේ හෙට දවස රඳා පවතින්නේ නව තාක්ෂණ දැනුම මතයි. තොරතුරු තාක්ෂණ, කෘතිම බුද්ධිය ආදී ක්ෂේත‍්‍රයන්හි පරිපූර්ණ වශයෙන් සන්නද්ධ වූ තරුණ පරපුරක් අප නිර්මාණය කරගත යුතුයි. මෙන්න මේ නිසයි උසස් පෙළ සමත් වෙන හැම දරුවෙකුටම තෘතීය අධ්‍යාපනය ලබා දිය හැකි පිළිවෙතක් අප සකසමින් සිටින්නේ. ඒ අනුව විද්‍යා හා තාක්ෂණ විද්‍යාල ගණනාවක් අලූතින් පිහිටුවීමට අප ක‍්‍රියා කරනවා. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත් නොවන හැම දරුවකුටම වෘත්තීය අධ්‍යාපනය ලබා ගැනීමේ පිළිවෙතකුත් අප සකසනවා. ඒ සඳහා වෘත්තීය විද්‍යාල බිහි කරනවා.

මේ අයුරින් කි‍්‍රයා කරමින් අලූත් දැනුමෙන් හා අලූත් තාක්ෂණයෙන් සන්නද්ධ නව පරපුරක් බිහි කරන්න අවශ්‍ය පසුබිම අප සකස් කරනවා.

ඒ වගේම ¥පත් රාජ්‍යයක් හැටියට අපේ රටේ ආරක්ෂාව තහවුරු වන ආකාරයේ වැඩපිළිවෙළක් අප ක‍්‍රියාත්මක කළ යුතු වෙනවා. ඊට සරිලන පරිදි රටේ සියලූ ආරක්ෂණ ජාලයන් නවීකරණය කරනවා. බුද්ධි අංශ, ආරක්ෂක උපකරණ, පුහුණු වීමේ ක‍්‍රමල භට පිරිස්, තාක්ෂණික උපාංගල ක‍්‍රමෝපායික කටයුතු ආදී සියලූ අංශ රටට මතුවිය හැකි විවිධාකාර අභියෝගයන්ට ශක්තිමත්ව මුහුණ දිය හැකි ආකාරයට සකස් කරනවා.

අපේ විදේශ සම්බන්ධතා පිළිබඳව ද යළි සලකා බැලීම යුගයේ අවශ්‍යතාවක්. භූ දේශපාලනික ප‍්‍රවණතා මෙන්ම, ආර්ථික විභවතාවන්ගෙන් නිසි පල ලබා ගත හැකි ආකාරයට විදේශ සම්බන්ධතා ජාලය යළි නිර්මාණය කර ගත යුතුයි. ඒ නිසා නොබැඳි ප‍්‍රතිපත්තිය හා සියලූ රාජ්‍යයන් සමඟ මිත‍්‍රශීලීත්වය පදනම් කරගෙන විදේශ සම්බන්ධතාවන් සකස් කර ගත යුතුයි. ඒ වගේම රටේ ආර්ථික විභවය ශක්තිමත් කරන ආකාරයේ නව ආරක විදේශ ප‍්‍රතිපත්ති අප අනුගත කර ගත යුතුයි. මේ අනුව අපේ විදේශ ප‍්‍රතිපත්තිමය දිශානතිය යුගයට ගැළපෙන පරිදි වෙනස් කරනවා.

අපේ නිෂ්පාදන විදේශ වෙළෙඳපොළ සඳහා ප‍්‍රවේශ කරලීමට අවකාශ සැලසෙන නව ආර්ථික සබඳතා ජාලයක් නිර්මාණය කර ගැනීමට ද අප ක‍්‍රියා කරනවා. ඒ අරමුණින් රටවල් ගණනාවක් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇතිකර ගැනීම අප ආරම්භ කළා. පසුගියදා අප තායිලන්තය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹුණා. ඉන්දියාව සමඟ අත්සන් කර ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම පරිපූර්ණ ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුමක් දක්වා පුළුල් කරනවා. සිංගප්පූරුව සමඟ ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම පූර්ණ ලෙස කි‍්‍රයාත්මක කරනවාග ඉදිරියේදී චිනයල ඉන්දුනීසියාවල බංග්ලාදේශය සමඟත් නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරීත්වයට :ආර්-සෙප්* ඇතුළු වෙනවාග යුරෝපීය සංගමයේ වෙළෙඳ වරණයන් පිළිබඳ පොදු ක‍්‍රමය හා සම්බන්ධ වෙනවා.

විවිධ ක්ෂේත‍්‍ර මේ අයුරින් වෙනස් වීම් හා නවීකරණයට ලක් කිරීමේ අවසාන ප‍්‍රතිඵලය වන්නේ රටේ ජන ජීවිතය ඉහළ තලයකට පත් වීමයි. රටේ හැම ජන කොටසකටම ප‍්‍රතිලාභ බෙදී යන සාර්ථක වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන අතරම, සංහිඳියාව සහ සමාජ සාධාරණත්වය තහවුරු කරලීමයි.

අපි තවත් කරුණක් ගැන විශේෂ අවධානය යොමු කරනවා. අද අපේ ආර්ථිකය කොළඹ නගරය හා බස්නාහිර පළාත වටා කේන්ද්‍රගතවයි තිබෙන්නේ. රටේ ආර්ථිකයෙන් සියයට 46ක් හසුරුවන්නේ බස්නාහිර පළාත තුළ.

මේ තත්ත්වය වෙනස් කරලීම අත්‍යවශ්‍ය කරුණක්. අපි බස්නාහිර පළාතෙන් පිටතට ආර්ථිකය ව්‍යාප්ත කරනවා. යාපනය, ත‍්‍රිකුණාමලය, බිංගිරිය, හම්බන්තොට, මහනුවර ආදී නගර කරා අපේ ආර්ථික ශක්තිය පුළුල් කිරීමේ වැඩ සැලසුමක් අප ක‍්‍රියාත්මක කරනවාග දැනටමත් ත‍්‍රිකුණාමලය ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය කිරීමේ වැඩපිළිවෙළ අප ඉන්දියාව සමඟ ආරම්භ කර තිබෙනවා.

ඒ වගේම පළාත් නවයේම ආර්ථිකය ශක්තිමත් කරලීමට පියවර ගන්නවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පළාත් සභා බලතල පිළිබඳ සඳහන් තුන්වැනි ලැයිස්තුවේ අදාළ බලතල කීපයක් අප නිසි පරිදි පළාත් සභා වෙත ලබා දෙනවා. වෘත්තීය අධ්‍යාපනය, කෘෂිකර්මය, සංචාරක වැනි කේෂ්ත‍්‍ර උදාහරණ ලෙස දක්වන්නට පුළුවන්. එමඟින් ඒ ඒ පළාත් තුළ ආර්ථික වර්ධනය වේගවත් කර ගැනීමට අපට හැකි වෙනවා. එමඟින් පළාත් අතර ආර්ථික තරගයක් ඇති කිරීමෙන් පළාත් නවයම එකවර ඉදිරියට ගැනීමට අවකාශ සලසනවා.

අපේ රටේ භූගෝලීය පිහිටීමෙන් උපරිම ප‍්‍රයෝජන ගැනීමට සැලසුම් සකස් කරමින් පවතිනවා. වරාය තුනක් අපි අලූතෙන් සංවර්ධනය කරනවා. ඉන්දීය සාගරයේ සේවා මධ්‍යස්ථානයක් හා ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට අපේ රට පත් කරවීමට වෙහෙසෙනවා.

මේ සඳහා උත්තේජනයක් ලබා දීමේ අරමුණෙන් වරාය නගරය කොළඹ සුවිශේෂී මූල්‍ය කලාපයක් ලෙස නම් කරනවා. එම කලාපය තුළ එතෙර මූල්‍ය ගනුදෙනු සිදු කිරීමට අවශ්‍ය නීති රීති හා අණ පනත් සම්මත කරනවා.

අපේ රටේ සැබෑ ජාතික සම්පත තරුණ පරපුර බව මම අවස්ථා කීපයකදීම පෙන්වා දී තිබෙනවා. ඒ ජාතික සම්පත ආරක්ෂා කර ගැනීමයි අපේ ඒකායන අරමුණ විය යුත්තේ. රට ආරක්ෂා වෙන්නේ තරුණ පරපුරේ ආරක්ෂාව තහවුරු වුණොත් විතරයි.

පසුගිය කාලයේ තරුණ පරපුර රට හැර ගියා. තවමත් ඒ ප‍්‍රවණතාව අප දකිනවා. ඒ නිසා අපේ තරුණ පරපුරට යහපත් අනාගතයක් උදා කර දීම අපේ වගකීම සහ යුතුකම. ඒ වගකීම සහ යුතුකම ඉටු කරන්න ඔබත්, මමත් ඇතුළු සියලූ දෙනාම බැඳී සිටිනවා.

මතක තියාගන්න.මේ ආර්ථික අර්බුදයට දේශපාලන විසඳුම් නැහැග ආර්ථික අර්බුදයට ඇත්තේ ආර්ථික විසඳුම්. විද්‍යාත්මක විසඳුම්. නමුත් තවමත් අපේ සමහර දේශපාලන කණ්ඩායම් යල් පැන ගිය දේශපාලන විසඳුම් ඉදිරිපත් කරමින් ජනප‍්‍රිය වෙන්න බලනවා.

මෙතැනින් ඉදිරියට යෑමට නම් නවීන, ශක්තිමත් ආර්ථිකයක් කරා අප පරිවර්තනය විය යුතුයි. මම ඒ සඳහා ළඟදීම ආර්ථික පරිවර්තන පනත මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඊට අදාළ ආයතන අලූතෙන් ස්ථාපිත කරනවා.

අපට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ දේශපාලන අභිලාෂයන් හිස මත තියාගෙන, මැතිවරණයකදී ලබන ඡුන්දය ඉලක්ක කරගෙන, ඉටු කළ නොහැකි පොරොන්දු දීමෙන් හෝ ප‍්‍රලාප දෙඞීමෙන් නොවෙයි. අපේ අනාගත තරුණ පරපුර වෙනුවෙන්, රට ගොඩනැංවීමේ වැඩපිළිවෙළ තවදුරටත් අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමෙන්.

මෙම පරිවර්තනය කෙටි කලෙකින් කළ හැකි දෙයක් නොවෙයි. එය දීර්ඝකාලීන වෙහෙසකර ව්‍යායාමයක්. මේ මාර්ගයේම ගියොත් 2048 වෙද්දී සංවර්ධිත රාජ්‍යයක් විය හැකි බව මම පෙන්වා දුන්නේ ඒ නිසයි. කිසිදු අර්බුදයකට කෙටි කාලීන විසඳුම් නෑ. කිසිදු ඉලක්කයක් දවසින් දෙකෙන් ජය ගන්නට බැහැ.

බෝසතාණන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීම සඳහා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් වෙහෙසුණාග පෙරුම් පිරුවා. බුද්ධත්වය ලැබූ ආත්මයේදීත් උන්වහන්සේට දුෂ්කරක‍්‍රියා කරන්නට සිදුවුණා. ඒ බව මෙනෙහි කරමින් අප සීරුවෙන්, ඉවසිල්ලෙන් සහ සැලසුම් සහගතව මේ ගමන ඉදිරියට යා යුතුයි.

මගේ අදහස් දැක්වීම ආරම්භයේ මම බුදුන් වහන්සේගේ දේශනාවක් ගැන සඳහන් කළා. බුදුන් වහන්සේගේ දේශනාවෙන් වසර ගණනාවකට පස්සෙ, ක‍්‍රිස්තු පූර්ව පන්සිය ගණන්වලදී චීනයේ ජීවත් වූ දාර්ශනික කොන්ෆියුසියස්තුමා මෙන්න මෙහෙම කියා තිබෙනවා.

ලෝකය ගොඩනැංවීමට නම්, ඊට පළමුව දේශය ගොඩනැංවිය යුතුයි. දේශය ගොඩ නැංවීමට නම් ඊට පළමුව පවුල ගොඩනැංවිය යුතුයි. පවුල ගොඩනැංවීමට නම් ඊට පළමුව අපේ පුද්ගලික ජීවිත ගොඩ නැංවිය යුතුයි. පුද්ගලික ජීවිත ගොඩනැංවීමට නම් ඊට පළමුව අපේ හදවත් නිවැරදි කරගත යුතුයි.”

ඒ නිසා මම මේ ගරු සභාවේ සිටින සියලූ දෙනාගෙන් ඉල්ලා සිටින්නේ අපි පළමුව අපේ හදවත් නිවැරදි කරගනිමු කියායි. අනාගත තරුණ පරපුරට රැුකියා අවස්ථා නිර්මාණය කර දෙන්නට නම්, ඔවුන්ට යහපත් දේශයක් තනා දෙන්නට නම් අප සියලූ දෙනාම නිවැරදි මඟට පිවිසිය යුතුයි. අපේ හදවත් නිවැරදි කරගත යුතුයි.

අපේ ගමන තවත් වේගවත් කරගන්න පුළුවන් වෙන්නේ අප සියලූ දෙනා එකට එක් වී සමඟියෙන් මේ අභියෝගයට මුහුණ දුන්නොත් විතරයි. තම තමන්ට ලැබෙන පදවි තානාන්තර ගැන සිහින මවන සමහරු රටට වඩා ඒ තනතුරුවලට ආදරේ කරනවා. ඒ තනතුරු වෙනුවෙන් රටට අසත්‍ය ප‍්‍රකාශ කරනවා. රටත් ජනතාවත් රවට්ටනවා. යථාර්ථයට පිටුපා සිහින මාවතේ ගමන් කළොත් යළිත් අපි වැටෙන්නේ මහා අනතුරකට.

මම නැවතත් සියලූ දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ රට ගොඩනැංවීමේ සිහිනය සැබෑ කරගන්න එකට එකතු වෙන්න කියලයි. අපි එකට එකතුව සාකච්ඡුා කරමු. අප මේ ක‍්‍රියාත්මක කරන පිළිවෙතට වඩා යහපත් විකල්ප ක‍්‍රමවේද ඇත්නම් ඒවා ඉදිරිපත් කරන්න. අපි ඒවා ගැන ගැඹුරින් සලකා බලමු. සාකච්ඡුා කරමු. අපි එකට එක්වී සාකච්ඡුා කර රටට වඩාත්ම යහපත් ක‍්‍රමවේදය ක‍්‍රියාත්මක කරමු. එවැනි සාකච්ඡුාවන්ට අප නිරතුරුවම සූදානම්.

ඔබ එවැනි සාකච්ඡුා මාලාවකට එකඟ නම්, ඒ සාකච්ඡුා සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනයන්හි ඉහළම පෙළේ නිලධාරීන්ට ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කරන්නත් මම සූදානම්.

දැන් මම පෙරදිගින් සහ අපරදිගින් උදාහරණ දෙකක් ගෙනහැර දක්වන්නට කැමතියි.
19 වැනි සියවසේ ඇමරිකාවේ විසූ ලේඛිකාවක සහ සමාජ කි‍්‍රයාකාරිනියක වන හෙලන් කෙලර් මෙසේ ප‍්‍රකාශ කළා.
ර්‍ණතනිවම අපට කළ හැක්කේ ටිකයි. එක් වූවොත් අපට බොහෝ දේ කළ හැකියි.”
19 වැනි සියවසේ දකුණු ඉන්දියාවේ විසූ දෙමළ මහා කවි භාරතී මෙන්න මෙහෙම කවියක් ලියා තිබෙනවා. මේ කවිය සිංහලට පරිවර්තනය කළේ මහාචාර්ය සුනිල් ආරියරත්න.
ර්‍ණතිස් කෝටියක් මුහුණු
අපේ භාරත මාතාව සතු වෙතත්
ඇයට ඇත්තේ එකම ආත්මයකි.
භාෂා දහ අටකින් ඇය කතාබහ කළත්
ඇයට ඇත්තේ එකම සිතුවිල්ලකි.”

මම ඔබ සැමගෙන් ප‍්‍රශ්න කරන්නේ අපට එහෙම හිතන්න බැරි ඇයි? විවිධ අදහස් තිබුණත්, විවිධ ජන වර්ගවලට අයත් වුණත්, විවිධ භාෂාවන් කතා කළත්, විවිධ පළාත්වල ජීවත් වුණත්, විවිධ ඇදහිලි, විවිධ විශ්වාස තිබුණත්, විවිධ දේශපාලන පක්ෂවලට අයත් වුණත් අපට රට වෙනුවෙන්, රටේ අනාගතය වෙනුවෙන් එක පොදු සිතිවිල්ලකට එක් වෙන්න බැරි ඇයි? අපේ රටේ තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් පොදු එකඟතාවකට එන්න බැරි ඇයි? එකට එක් වී මහා කාර්යයක් කරන්න බැරි ඇයිි?

මේ සභාව නියෝජනය කරන දේශපාලන පක්ෂ අතුරින් දශක ගණනාවක් තිස්සේ මාව තදින්ම විවේචනය කළ අය තමයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන්නේ.

නමුත් රටේ යහපත වෙනුවෙන්ල තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන් පොදුජන පෙරමුණේ බහුතරය පැරණි එදිරිවාදිකම් අමතක කළා. පොදු මතයකට එකඟ වුණා.

සමගි ජන බලවේගයේ ඉන්නේ මා සමඟ බොහෝ කාලයක් එකට දේශපාලනය කළ අය. මම දේශපාලනයට හඳුන්වා දුන් අයත් එහි ඉන්නවා. රට වෙනුවෙන් පොදු ගමනකට එකතු වෙන්න පොදුජන පෙරමුණට පුළුවන් වුණා නම් සමගි ජන බලවේගයට එහෙම කරන්න බැරි ඇයි?
ජනතා විමුක්ති පෙරමුණ යහපාලන ආණ්ඩුව සමයේ අපත් සමඟ සමීපව වැඩ කටයුතු කළා. ¥ෂණ විරෝධී කාර්යාලය මෙහෙයවීම සඳහා ආනන්ද විජේපාල මහතාගේ නම යෝජනා කළෙත් දිසානායක මහතාමයි. ඒ කාර්යාලයේ ලිපිගොනු පිටපත් තවමත් අනුර දිසානායක මහතා ළඟ තිබෙනවා. ඉතින් රට වෙනුවෙන් පොදු ගමනකට එකතු වෙන්න ජනතා විමුක්ති පෙරමුණට බැරි ඇයි?
අපි මැතිවරණවලදී වෙන් වී තරග කරමු. ඒත් රට ගොඩනැංවීමේදී එකට එක් වී කටයුතු කරමු.
ඒ නිසා රට වෙනුවෙන් පොදු සිතිවිල්ලකට - පොදු එකඟතාවකට එක්වෙන්න කියා නැවත නැවතත් මම ඔබ සැමට ආරාධනා කරනවා. වෙනස අපෙන්ම පටන් ගනිමු. අපේ හදවත් නිවැරදි කර ගනිමු. අපි අපටම පහනක් වෙමු.

අපි අලූත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරමු. තමන්ගේ පුද්ගලික සිහිනය වෙනුවෙන් නොව රටේ පොදු සිහිනය සැබෑ කරලීම වෙනුවෙන් කැප වෙමු. තරුණ පරපුරේල ඊළඟ පරම්පරාවේ ජීවිත සුගන්ධවත් කරන්නට කැපවෙමු. අපට පැවරී ඇති මෙම වගකීම ඉටු කරමු. විවිධ පුද්ගලික ප‍්‍රශ්න සහ අභිමතාර්ථ නිසා මේ වගකීම පැහැර හැරියොත් ඉතිහාසය විසින් අප ද්‍රෝහීන් හැටියට නම් කරාවි. ඒ නිසා අපි අලූත් ගමනක් යමු. අලූත් හෙටක්, අලූත් රටක් නිර්මාණය කරමු.
එන්න. එකට එක්වී අපි හදමු අලූත් රටක්...!

නවතම පුවත්

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.12

12 June 2024

2024.06.11 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.04

04 June 2024

2024.06.03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.05.27

28 May 2024

2024.05.27 දින එළඹුණු අමාත්‍ය මණ්ඩල තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - Cabinet Decisions -22 .05.2024

23 May 2024

2024.05.22 දිනැති පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.05.13

15 May 2024

2024.05.13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.