• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ලෝක වකුගඩු දිනය අදයි

Kidney2017ලෝක වකුගඩු දිනය අදට (09) යෙදී ඇත.

ලෝකය පුරා අද දින ඒ වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වේ. ලෝක වකුගඩු දිනය නම් කෙරෙන්නේ International Society of Nephrology (ISN) සහ  International Federation of Kidney  Foundations (IFKF) යන ජාත්‍යන්තර සංවිධාන ද්විත්වයෙ මුලපිරීමක් ලෙසටයි.

මීට වසර 10කට පමණ පෙර මෙහි ආරම්භය සිදුවී තිබුණත් මෙම දිනය ලොව පුරාම කථාබහට ලක්වන සංසිද්ධියක් බවට පත්වන්නේ මෑත කාලයක සිටයි. සෑම වසරක ම මාර්තු මාසයේ දෙවන බ්‍රහස්පතින්දා දිනය ලෝක වකුගඩු දිනය ලෙස හඳුන්වනු ලැබෙන අතර මේ වසරේ එය යෙදී ඇත්තේ අද දිනට එනම් මාර්තු 09වනදාටයි. මේ සෑම වකුගඩු දිනයකදී ම ලොව පුරා වෙසෙන වෛද්‍ය වෘතිකයන්, රජයේ නිලධාරීන්, සාමාන්‍ය ජනතාව මෙන්ම වකුගඩු රෝගීන් පවා ලෝක වකුගඩු දිනය සැමරීමේ ලොව පුරා පවත්වන උත්සව සඳහා සහභාගී වීම දක්නට ලැබෙනවා. සමස්තයක් වශයෙන් ගත් විට සාමාන්‍යයෙන් ලෝක වකුගඩු දිනයේදී එහි සංවිධයකයන් විසින් තමන්ගේ මූලිකත්වය ලබාදෙන අරමුණු පහත පරිදි ඉදිරිපත් කළ හැක.    වකුගඩු පිළිබඳ දැනුම්වත් භාවය වැඩි කිරීම.

    දීර්ඝකාලීන වකුගඩු අකරණිය සඳහා මූලික හේතුවන්නේ අධික රුධිර පීඩනය හා දියවැඩියාව බවට ජනතාව දැනුම්වත් කිරීම

    අධික රුධීර පීඩනයෙන් හා දියවැඩියාවෙන් පෙලෙන සියලු ම රෝගීන් වකුගඩු වල කියාකාරීත්වය පරික්ෂා කෙරෙන පරීක්ෂණ සඳහා යොමු කිරීම

    දීර්ඝකාලීන වකුගඩු අකරණිය හඳුනා ගැනීම හා එය අවම කිරීම සඳහා ගතහැකි කියාමාර්ග පිළිබඳ සියලු ම වෛද්‍ය වෘතිකයන් දැනුම්වත් කිරීම

දැනට වසංගතයක් සේ වැඩිවෙමින් පවතින වකුගඩු රෝගය පාලනය කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග කඩිනම් කරන ලෙස වගකිවයුතු සියලු ම රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටීම.සෑම වසරකදී ම මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන් ලොව පුරා වෙසෙන සියලු ම දෙනා දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතී.Kidney20

වර්තමානය වන විට ශ්‍රීලංකාව මුහුණ දී ඇති ප්‍රධානත ම අභියෝගයන්ගෙන් එකක් ලෙස මෙම වකුගඩු රෝගය හඳුනාගත හැකිය. විශේෂයෙන් රසායනික පොහොර භාවිතයෙන් ගොවිතැන් කෙරෙන උතුරුමැද පළාතේ මෙන්ම දිවයින් පුරා සෑම පළාතකින්ම පාහේ මේ වන විට විශාල වකුගඩු රෝගීන් ප්‍රමාණයක් හඳුනාගෙන ඇත. නමුත් අප රට තුළ මෙම රෝගයේ තත්ත්වය තවත් දරුණු තත්ත්වයට පත්වන්නේ මෙම රෝගයට නිවැරදි හේතුව සොයා ගැනීමට අප තවමත් අපොහොසත් වීම තුළයි.

විවිධ විද්වතුන් හා පර්යේෂණ කණ්ඩායම් විසින් විවිධ පරීක්ෂණ පවත්වා රෝගය සඳහා හේතු විය හැකි කාරණා බොහෝ ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණත් ඒ ඔස්සේ යමින් මීට හේතු විය හැකි නිවැරදිම හේතුව හෝ හේතූන් සෙවීම අප විසින් කඩිනම් කළ යුතු ව ඇත. එසේත් නැතිනම් වකුගඩු රෝගය මෑතකදී ම අප රටේ විශාල ව්‍යයසනයක් බවට පත්වනු ඇත. එම නිසා අද  දිනට යෙදෙන ලෝක වකුගඩු දිනය තවත් එක් හුදු සැමරීමක් කර නොගනිමින් රෝගය මැඩපැවැත්වීම සහ තුරන් කිරීමට ගත යුතු ක්‍රියා මාර්ග ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අදාළ බලධාරීන් කටයුතු කිරීම වඩාත් කාලෝචිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.