• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ප‍්‍රමිතියෙන් යුතු හිස් ආවරණ කෙසේ විය යුතුද?

National council for road safety
සීඝ‍්‍රයෙන් ඉහළ යන මාර්ග රිය අනතුරු හේතුවෙන් අප රට තුළ දිනකට පුද්ගලයන් 7 - 8ක් මිය යන අතර, තුවාල ලබන ප‍්‍රමාණය ද දිනෙන් දින ඉහළ යමින් පවතී.

ඒ අනුව මිය යන හා තුවාල ලබන පුද්ගලයන් ප‍්‍රමාණය අවම කරමින්, රටේ සංවර්ධනයට ඇති මිලියන දහස් ගණනක මුදල් අපතේ යාම නවත්වා ගැනීමට කටයුතු කළහොත් එය සමාජයට මහත් අත්වැසිල්ලක් වනු ඇති බව මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති, වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.

එහිදී  ශී‍්‍ර ලංකාවාසී ජනතාවට සුරක්‍ෂිත මාර්ග පද්ධතියක් ලබාදීම, මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ වගකීම වනු ඇති බවද සභාපතිවරයා තවදුරටත් පැවසීය. 2016 ජනවාරි 01 වන දින සිට ජූලී 31 වෙනිදා දක්වා මාරක රිය අනතුරු 1568  සිදු වී ඉන් මිය ගිය සංඛ්‍යාව 1632  වේ.

ඉන් යතුරුපැදි වලින් සිදු වූ මාරක රිය අනතුරු ප‍්‍රමාණය 666 හා ඉන් මිය ගිය සංඛ්‍යාව 686 ඇත. මෙම මියගිය පුද්ගලයන් බොහෝ ප‍්‍රමාණයක් තරුණයන් වන අතර රැකියාවන් හි නිරත පිරිසක්ද වේ.

එබැවින් මාර්ග රිය අනතුරු හේතුවෙන් රටට ආර්ථික වශයෙන් මහත්වූ පාඩුවක් විඳදරා ගැනීමට සිදු වි ඇත. මෙලෙස අනතුරු වලට ලක්වුවන්ට ප‍්‍රතිකාර ලබාදීම සඳහා වැය වන විශාල මුදල් ප‍්‍රමාණය රටේ අධ්‍යාපනය ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා යොදා ගත හැකි වේ. යතුරුපැදි අනතුරු ගැන අවධානය යොමු කිරීමේදී ආරක්‍ෂිත හිස් වැසුම් නිවැරදි ලෙස නොපැළදීම සහ ප‍්‍රමිතියෙන් යුතු හිස් වැසුම් නොපැළදී හේතුවෙන් හිසට සිදු වන බරපතල තුවාල හේතුවෙන් මරණ සහ බරපතල ලෙස තුවාල ලැබීමෙන් සදාකාලික අබාධිත තත්ත්වයට පත් වන ප‍්‍රමාණයද ඉතා අධික බව පැහැදිලිව පෙනි යයි.

ආරක්‍ෂිත ප‍්‍රමිතියෙන් යුතු හිස් වැසුමක තිබියු යුතු කරුණු අතර, ප‍්‍රමුඛ වන කරුණක් නම් හිස්වැසුමේ මතුපිට ආවරණය හා ඇතුලත ඇති රිජීෆෝම් ආවරණය අතර හිස් අවකාශයක් නොතිබිය යුතු බවත්, මතුපිටින් එල්ල වන බාධාවන් ඇතුලත ඇති රිජීෆෝම් ආවරණය මගින් උරා ගත යුතු බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළහ.

කෙසේ වෙතත් වර්තමානයේදී වෙළඳපොළ තුළ SLS  සහතිකය සහිත හිස් ආවරණ නොමැති බවත්, ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය මගින් වසරක කාලයක් SLS සහතිකය ලබා ගැනීමට හිස් ආවරණ මෙරටට ආනයනය කරනු ලබන ආයතන වලට අවස්ථාව ලබා දුන්නද මේ වන තෙක් ඊට කිසිදු ප‍්‍රතිචාරයක් නොදැක්වීම කණගාටුවට කරුණක් බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.