‘ආරෝග්‍යා පරමා ලාභා’ යැයි ධම්ම පදයේ සඳහන් වේ. එහි සරල සිංහල අදහස වන්නේ ‘නීරෝගීකම ලොක-ම ලාභය’ යන්නයි. නීරෝගීකම ලොකුම ලාභ වන්නේ කෙසේද ? ඒ ලෙඩ වුණොත් හරි හම්බ කළ සියල්ල පමණක් නොව ඇතැම් විට ජීවිතය පවා අහිමි වන නිසාය. කොටින්ම ලෙඩ වීම නිසා මහ මගට වැටුණු කෝටිපතියන් සේම ලෙඩ වීම නිසා අකාලයේ ජීවිතයට සමුදුන් මහා වීරයෝ පවා අපට නිතර නිතර හමුවෙති.
වෛද්‍ය විද්‍යාව මෙතරම් දියුණු ලෝකයක, ජනතාව මේ තරම් දැනුම්වත් සමාජයක නීරෝගීකම දැවැන්ත අභියෝගයක් වී තිබෙන්නේ ඇයි ? මේ ගැන අප වඩ වඩාත් අවධානය යොමු කළ යුතු වන්නේ අප රටක් වශයෙන් දැවැන්ත සෞඛ්‍ය අර්බුදයක් අභිමුවට ගමන් කරමින් සිටින නිසාය.
මේ තරම් ලෙඩ ඇයි ?
මෙම ලිපියේ මුලින් සඳහන් කළ ආකාරයට මේ රටේ මිනිස්සු මේ තරම් ලෙඩ වෙන්නේ ඇයි ? බෙහෙත් වලට මාසික ආදායමෙන් සැලකිය යුතු ප‍්‍රතිශතයක් වැය කරන්නේ ඇයි ? වැඩ කළ හැකි, විවේකයෙන් ගත කළ හැකි වටිනා කාලය ආණ්ඩුවේ ඉස්පිරිතාලවල, පෞද්ගලික වෛද්‍ය සායනවල අඟුපිල්වල ගත කරන්නේ ඇයි ?
මේ සම්බන්ධයෙන් මෙම ලියුම්කරු ඇහැළියගොඩ ප‍්‍රජා වෛද්‍ය නිලධාරී වෛද්‍ය සේනක සිසිත ගමගේ මහතාගෙන් විමසා සිටි විට වෛද්‍ය ගමගේ මහතා කරුණු කිහිපයක් පැහැදිලි කළේය.
මෙහිදී වෛද්‍ය ගමගේ නිදසුනක් වශයෙන් ගත්තේ මේ වන විට වසංගත අවදානමක් දක්වා පවත්ව තිබෙන ‘ඩෙංගු’ රෝගයයි.
‘‘ඩෙංගු’ කියන්නේ වෛරසයක් මගින් බෝ වන රෝගයක්. ‘ඊඩිස්’ වර්ගයේ මදුරුවන් තමයි මෙම වෛරසයේ වාහකයින් / මිනිසුන් වෙත ගෙන යන්නන් වශයෙන් සැලකෙන්නේ. මෙම මදුරුවන් රෝගී පුද්ගලයෙකුගෙන් නිරෝගී පුද්ගලයෙකු වෙත වෛරසය ගෙන යාම කරනවා.
වෛද්‍යවරු විදිහට අපි මේ වන විට ඩෙංගු වසංගත තත්ත්වය ගැන වඩාත් වැඩි අවධානයක් යොමු කරමින් සිටිනවා. අපි මෙම රෝගයේ ඉතිහාසය, වර්තමාන තත්ත්වය වගේම ඩෙංගු රෝගයේ ප‍්‍රවණතා ගැන ද මේ වන විට ප‍්‍රමාණවත් අවබෝධයකින් සිටිනවා. එහිදී අප මුලින්ම හඳුනා ගත් දෙයක් තමයි ඩෙංගු රෝගය හා මානව ප‍්‍රතිශක්තිකරණය අතර ඍජු සම්බන්ධයක් තිබෙනවා. ඩෙංගු කියන්නේ වෛරසයක්. වෛරස් අසාදනයේදී දැකිය හැකි වැදගත්ම කරුණ තමයි ප‍්‍රතිශක්තිකරණය දුර්වල පුද්ගලයින්ට ඉතා පහසුවෙන් වෛරස් රෝග වැළඳෙනවා. මෙය සරල ආකාරයෙන් පැහැදිලි කළහොත් රෝග වලට ඔරොත්තු දීම සඳහා ජීවීන් තුළ ස්වභාවිකව වර්ධනය වූ තත්ත්වයක් වශයෙන් ප‍්‍රතිශක්තිකරණය සැලකිය හැකියි. ඉතිං රෝග වලට ඔරොත්තු දීමේ මේ ස්වභාවික ශක්තිය හීන වුණාම ඕනෑම අයෙක් ඉතා පහසුවෙන් වෛරස් රෝගවලට ගොදුරු වෙනවා’
වෛද්‍ය සේනක සිසිත ගමගේ මහතා මෙහිදී අවධාරණය කරන්නේ ආහාර රටාව මේ සඳහා සෘජු බලපෑමක් කරන බවයි.
‘මේ මානව ප‍්‍රතිශක්තිකරණය නිසා ඩෙංගු මදුරුවා දෂ්ඨ කළ පුද්ගලයින් 1000 ක ගෙන් 100 දෙනකුට පමණයි රෝගය ආසාදනය වන්නේ. එය ඩෙංගු රක්තපාත තත්ත්වයක් දැක්වා වර්ධනය වෙන්නෙ මේ සිය දෙනාගෙන් එක් අයෙක් පමණයි. ඒ කියන්නේ ඩෙංගු මදුරුවා දෂ්ඨ කරන පුද්ගලයින් 1000ක ගෙන් ඩෙංගු රක්තපාත රෝගියෙක් බවට පත් වෙන්නේ එක් අයෙක් පමණයි. ඒත් මෙහි ඇති භයානක තත්ත්වය වන්නේ දිනපතා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ ඩෙංගු මදුරු දෂ්ඨ කිරීම්වලට ලක් වෙනවා. එවිට අද අපි දකින රෝගීන්ගේ සංඛ්‍යා ලේඛන එළියට එනවා. ඒ නිසා අපි මේ මදුරු දෂ්ඨනයෙන් මුළු රටම ගළවා ගැනීමට කඩිනම් පියවර ගත යුතුයි. මොකද මේ වන විට අප හඳුනා ගෙන තිබෙන තත්ත්වය ඉතාමත් අවදානම්’
වෛද්‍ය ගමගේ සඳහන් කරන්නේ මේ වන විට ඩෙංගු මදුරුවා විවිධ පාරිසරික තත්ත්වයන්ට හා මදුරු මර්ධන ක‍්‍රමෝපායන්ට පහසුවෙන් අනුවර්තනය වෙමින් සිටින බවයි.
කැළේ අනුව පුල්ලි වෙනස් කිරීම
මේ වන විට ලංකාව පුරාම ඩෙංගු වසංගත තත්ත්වයක් තිබෙන බව සෞඛ්‍ය අංශ නිල වශයෙන් පිළිගෙන තිබෙනවා. ශේෂයෙන්ම කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, යාපනය, රත්නපුර, කුරුණෑගල, පුත්තලම, මඩකළපුව සහ අම්පාර යන දිස්තක්කවල එම තත්ත්වය පවතින බවයි.
සෞඛ්‍ය අමාත්‍යවරයා උපුටා දක්වමින් වාර්තාවක් පළ කරන රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ, ඒ වගේම ඇතැම් වාර්තා සඳහන් කරනවා මේ වන විට අපි අවම මදුරු ගහණයක් දුටු, ඇතැම් විට මදුරුවන්ගෙන් තොර ප‍්‍රදේශ වශයෙන් සැලකපු නුවරඑළියේ පවා ඩෙංගු මදුරුවන් වාර්තා වී තිබෙන බව. ඒ අනුව අපට පැහැදිලි වන්නේ මේ වන විට ලංකාවම ඩෙංගු මදුරුවා සඳහා නිරාවරණය වී තිබෙන අවදානම් කලාපයක් වශයෙන් සැලකිය හැකි බවයි.
මෙහෙම වුණේ කොහොමද ?
බොහෝ අය අහන ප‍්‍රශ්නයක් තමයි මේ තරම් මදුරුවෝ ජීවත් වෙන්නේ කොහෙද ? කියන එක. මේ තත්ත්වය අපට ඉතාම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ අතරින් ප‍්‍රධාන කරුණ වන්නේ ඩෙංගු ඇතුළු සියලූ ම ආකාරයේ මදුරුවන්ගේ ගහණය ස්වභාවිකව පාලනය කළ ඔවුන්ගේ ස්වභාවික හතුරන්, විරෝපීන් අද ස්වභාවික පරිසරය තුළ නැහැ. විශේෂයෙන් මදුරු කීටන් ආහාරයට ගන්නා බව හඳුනා ගෙන තිබෙන සමනළුන්, බත්කූරන් ආදි සතුන් අද ස්වභාවික පරිසරය තුළ දැඩි වඳවීමකට ලක්වෙලා. ස්වභාවික පරිසරය තුළ විලෝපීන් අඩු ඕනෑම ජීවි විශේෂයක් දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කරනවා. මදුරුවන් සම්බන්ධයෙන් වන බරපතළ ප‍්‍රශ්න වන්නේ මෙයයි. ඒත් අපි බොහෝ දෙනෙක් මේ කාරණ ගැන ප‍්‍රමාණවත් අවධානයක් යොමු කරන්නේ නැහැ.

අනෙක් කාරණය තමයි මේ වන විට සොයා ගෙන තිබෙනවා ඩෙංගු මදුරුවා පිරිසිදු ජලයේ පමණක් නොව අපිරිසිදු ජලයේ පවා වර්ධනය වන බව. මෙය ඉතාමත් බරපතළ තත්ත්වයක්. අනෙක් අතට ඇතැම් පර්යේෂකයින් බිය පළ කරනවා ඩෙංගු මදුරුවා මිනිසුන් වෙත එන දිවා කාලය ( හිරු උදාවී පැය 2 ක් හා හිරු බැස යාමට පැය 2 කට පෙර මේ වන විට යම් වෙනසකට ලක්ව තිබෙන්න පුළුවන් කියලා.
මදුරුවා කෑවේ කොතැනදීද?
අපි බොහෝ විට දකින තත්ත්වයක් තමයි පසුගිය කාලයේ වාර්තා වූ ඩෙංගු රෝගීන් අතර අති බහුතරය පාසල් ළමුන් සහ විවිධ වෘත්තිකයන් වීම. විශේෂයෙන්ම සෞඛ්‍ය සම්බන්ධයෙන් විශාල අත්දැකීම් ඇති හෙදියන් විශාල පිරිසක් ඩෙංගු රෝගයෙන් මිය ගියා.
මේක සිදුවන්නේ කොහොමද ?
අපි නිතර නිතර ගේ දොර වත්ත පිටිය පිරිසිදු කරමින් ඩෙංගු මර්ධනය කරන්න පූර්ණ දායකත්වය දෙනවා. සෞඛ්‍ය අංශත් මේ සම්බන්ධයෙන් දැඩි පියවර ගෙන තිබෙනවා. ඒ නිසා නිවාස ආශ‍්‍රිත පරිසරය බොහෝ විට ඩෙංගු මදුරුවන්ගෙන් තොර කලාප වෙලා තිබෙනවා. ඒත් අපි බොහෝ දෙනෙක් උදේ පාන්දර ගෙදරින් පිට වෙලා දවසේ ඉතුරු කාලය ගත කරන්නේ රැකියා ස්ථානයේ, පාසලේ හෝ වෙනත් පොදු ස්ථානයක. සරලව පැහැදිලි කළහොත් අප දවස ගත කරන්නේ ඩෙංගු මදුරුවා මිනිසුන් සොයා එන කාල පරාසය ඇතුළේ.
මේ අවස්ථාවේ තමයි මම ඉහතින් සඳහන් කළ ගැටලූව උද්ගත වන්නේ. ඒ කියන්නේ හෙදියන්, පාසල් සිසුන් ඇතුළු පිරිස වැඩිම ඩෙංගු රෝගීන් අතරට එක් වුණේ මේ පාසල් පරිසරයේ හෝ සේවා පරිසරය තුළදී බව පැහැදිලියි. අපි හොඳටම දන්නවා දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ වන පාසල්, රෝහල් හා රජයේ කාර්යාල පරිශ‍්‍රයන් කියන්නේ ඩෙංගු මදුරුවන්ගේ රජදහන්. මෙවැනි මහජනයා බහුලව හා නිරන්තරයෙන් ගැවසෙන පොදු ස්ථානවල මදුරු මර්ධනය සම්බන්ධයෙන් අපි මීට වඩා ප‍්‍රබල අවධානයක් යොමු කළ යුතුයි. එවැනි ප‍්‍රවේශයකින් තොරව ඩෙංගු තුරන් කිරීම ප‍්‍රායෝගික කරුණක් නොවිය හැකියි.
නෙට් දාලා පළක් නැහැ
මේ තත්ත්වය තුළ අපට කියන්න තියෙන්නේ ඩෙංගු මදුරුවාගෙන් බේරෙන්න ගෙදර ගිහින් නිදා ගන්න යන කොට මදුරු දැල් දාලා රූපවාහිනිය බලන කොට මදුරු දඟර පත්තු කළාට පළක් නැහැ. තමන්ගේ හතර මායිම රැක ගත්තට පළක් නැහැ. පොදු ස්ථාන වගේම තමන් අවට අනෙකාගේ පරිසරයේ පිරිසිදුකම ගැනත් වඩ වඩාත් සැලකිලිමත් විය යුතුයි. කොටින්ම ඩෙංගු තුරන් කළ හැක්කේ වගකීමක් වශයෙන් තමන්ගේ වත්ත පිටිය සුද්ද කිරීමෙන් පමණක් නොවෙයි වගවීමක් ( වගවීම කියලා කියන්නේ යම්කිසි දෙයක් ගැන ස්වේච්ඡාවෙන් ඇති කර ගන්නා බැඳීම) වශයෙන් සලකා ක‍්‍රියාකිරීමෙන් ම පමණයි.
මේසය යටත් මදුරුවෝ
මෙහිදී අප තවත් වැදගත් කරුණක් ගැන අවධානය යොමු කළ යුතුයි. ඒ ඩෙංගු මදුරුවා ජීවත් වෙන ස්ථාන ගැන අපි සැලකිලිමත් විය යුතුයි. අපි හඳුනා ගෙන තිබෙන ආකාරයට ඩෙංගු මදුරුවා ජීවත් වීමට වඩාත් ප‍්‍රිය කරන්නේ අඳුරු ස්ථානවල. ඔබ මදක් කල්පනා කළොත් ඔබ සේවය කරන කාර්යාල කාමරය, ඉගෙන ගන්නා පන්ති කාමරය තුළ මදුරුවාට සතුටින් ජීවත් විය හැකි ස්ථාන සිය ගණනක් තිබිය හැකියි. ඒ නිසා ඔබගේ අවධානය දුර්වල වන එක් මොහොතක ඔබ වෙත පියඹා එන ඩෙංගු මදුරුවා ඔබගේ ජීවිතයට බින්දුව දමා යා හැකියි. ඒ ගැනත් ඔබ වඩ වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඒ කියන්නේ මදුරු කීටයන් වැනසීම පමණක් නොව රුධිර පිපාසාවෙන් පෙළෙන මදුරුවන්ට සුඛෝපභෝගී නවාතැන් පහසුකම් ඔබ විසින් ලබා නොදිය යුතුයි.
මේ ගැන කොපමණ දැන ගත්තත් පාඩු නැහැ
සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු බොහෝ ආයතන පසුගිය කාලය පුරාම ඩෙංගු රෝගය ගැන ජනතාව දැනුවත් කිරීමට දැවැන්ත වැඩපිළිවෙළක් ගෙන ගියා. ඒත් අපිට ඉතා පැහැදිලිව පේනවා ජනතාව මේ මොහොතේදීත් ඒ ගැන නිවැරදි දැනුවත් වීමක නැහැ. ඒ නිසා අපි ඩෙංගු රෝගයේ ලක්ෂණ ගැන නිසි දැනුවත්භාවයක් ලබාගත යුතුයි.
ඩෙංගු රෝගයේ ලක්ෂණ
තද උණ

වමනය / ඔක්කාරය
හිසරදය
ඇඟපත වේදනාව
ඇස් යට වේදනාව
මුහුණ හා උඩුකය ප‍්‍රදේශය රත් පැහැයක් ගැනීම (පැහැපත් සමක් ඇති අය තුළ මේ ලක්ෂණ පහසුවෙන් හඳුනාගත හැකියි.

සම යට කුඩා ලේ ( රතු) පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ ගැලීම් තත්ත්වයන්.
මෙහිදී අවධාරණය කළ යුතු කරුණක් තමයි දින දෙකකට වඩා උණ තිබෙනවා නම් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගත යුතු වීම.
ඩෙංගු වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු අවදානම් තත්ත්වයට පත්වන විට විශේෂ ලක්ෂණ කිහිපයක් දැකිය හැකියි.
අවදානම් රෝග ලක්ෂණ
උණ බැස ගිය ද රෝගියාගේ රෝග ලක්ෂණ වල වැඩිවීමක් පෙන්නුම් කිරීම.

ආහාර හා දියර ගැනීම ප‍්‍රතික්ෂේප කිරීම.
අප‍්‍රාණිකත්වය / නොසන්සුන්බව/ නොරුස්සනාභාවය/ අධික නිදිමත බව.
උදරයේ ඇතිවන වේදනාව.
පැය 06 ක් තුළ හෝ ඊට වැඩි කාලයක් තුළ මුත‍්‍රා අඩුවෙන් පිටවීම/ මුත‍්‍රා පිට නොවීම.
රුධිර වහන වීමේ තත්ත්වයන් ( නාසයෙන්, විදුරු මසෙන්, සමෙන්, යෝනි මාර්ගයෙන්) කලූ / කුඹුරු පැහැයෙන් වමනය / මළපහ පිටවීම.
ඉහත සඳහන් වුණේ ඩෙංගු රෝගයේ අවදානම් ලක්ෂණ. මේ ලක්ෂණ තිබෙන විට ඔබ පහත සඳහන් වන කිසිවක් නොකළ යුතුයි.
ඩෙංගු උණ ලක්ෂණ ඇත්නම් නොකළ යුතු දේ
වෙහෙසකර කටයුතුවලිව් වැළකී විවේක ගන්න. දැරුවන් පාසල් යැවීමෙන් වළකින්න.

උණ පවතින කාලයේ හැකිතාක් දුරට මදුරු දැළක් යට විවේකීව සිටින්න.
නියමිත මාත‍්‍රාවට හා නියමිත කාල පරාසයන් තුළ පමණක් පැරසිටමෝල් ඖෂධය ලබා ගන්න.
උණ හෝ වේදනා සමනය කිරීමට ඇස්ප‍්‍රීන්, ස්ටිරොයිඞ් හෝ වෙනත් වේදනානාශක ඖෂධ කිසිම ආකාරයකින් ( සපොසිටරි ආකාරයෙන් හෝ) ලබාදීමෙන් වළකින්න.
දියර වර්ග පානය කරන්න. මේ සඳහා කැඳ, සුප්, ජීවනී, කිරි, පලතුරු යුෂ වඩාත් යෝග්‍ය වේ.

පහසුවෙන් දිරවිය හැකි සැහැල්ලූ ආහාර ගන්න. රතු, දුඹුරු, කලූ පැහැති ආහාර ගැනීමෙන් වළකින්න.
මෙහිදී අවධානයට ගත යුතු වැදගත් ම කරුණක් වන්නේ ඩෙංගු උණ රෝගය සඳහා සුදුසු යැයි ප‍්‍රචාරය වන අත්බෙහෙත් හා ව්‍යාජ ඖෂධ භාවිත කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකීමයි. ඒ මන්ද ගොඩ වෙදකම් නිසා ජීවිත අහිමි වන ඩෙංගු රෝගීන් ද සැලකිය යුතු ප‍්‍රතිශතයක් පසුගිය කාලය පුරා වාර්තා වූ නිසයි.

විශේෂ ස්තූතිය, වෛද්‍ය සේනක සිසිත ගමගේ මහතාට.
සටහන
සටහන
තුෂාල් විතානගේ