• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රාජගිරිය ගුවන් පාලම අද විවෘත කෙරේ

rajagiriya fly over 2දීර්ඝ කාලයක් පුරා මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් රාජගිරියේ පැවති දැඩි වාහන තදබදයට විසඳුම් ලබාදෙමින්, රාජගිරිය මංසන්ධියේ ඉදිකෙරුණු ගුවන් පාලම අද (08) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පැවරේ.



මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව තිබුණේ මෙම වසර අවසානයේ වුවද මගී ජනතාවගේ පහසුව සඳහා එහි කටයුතු මාස 11කට පෙර නිම කිරීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පියවර ගැනිණි.

ස්පාඤ්ඥ සමාගමක් සහ දේශීය සමාගමක් එක්ව 2016 වසරේ මෙහි ඉදිකිරීම් ආරම්භ කළ අතර, වැයකර ඇති මුදල රුපියල් මිලියන 4700 කි.

මංතීරු හතර බැගින් වූ මෙම ගුවන් පාලම දිගින් මීටර් 534 ක් වන අතර මීටර් 180 ක පිවිසුම් මාර්ගයක් ද ඊට ඇතුළත්ය.

මීට සමගාමීව අවට මාර්ග රැසක් සංවර්ධනය කෙරෙන අතර නාරාහේන්පිට දෙසට ගමන් කිරීම සඳහා විකල්ප මාර්ගයක් මෙන්ම බුත්ගමුව දෙසට මාර්ගය මංතීරු 03 ක් සහිතව සංවර්ධනය කෙරේ.

ඉහළ නවීන තාක්ෂණය යොදාගනිමින් ඉංජිනේරු ප‍්‍රමිතීන්ට අනුකූලව ඉදිකර තිබෙන පාලම යකඩ මත කොන්ක්‍රීට් අතුරා ලංකාව තුළ ඉදිකළ ප‍්‍රථම ගුවන් පාලම ලෙස ද ඉතිහාසයට එක්වන අතර එමෙන්ම ලංකාවේ ඉදිකළ අලංකාරවත්ම ගුවන් පාලම ද වෙයි.

දිනකට වාහන ලක්ෂයකට වැඩි ප‍්‍රමාණයක් එහා මෙහා ගමන් කරන රාජගිරිය මංසන්ධිය යනු මෙරට තුළ තිබෙන අධික වාහන තදබදයක් සහිත මංසන්ධියක් ලෙස සැලකේ.

මෙම අධික වාහන තදබදය පවතින අවස්ථාවල එම මාර්ගයේ වාහනවල වේගය පැයට කිලෝමීටර් දෙකක පමණ ඉතාම මන්දගාමී තත්ත්වයක පවතින අතර මෙම පාලම විවෘත කිරීමෙන් අනතුරුව රාජගිරිය අවට මාර්ගවල පවතින තදබදය තුරන් වී දැනට පවතින වේග සීමාව අට ගුණයකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

තිරසර සංවර්ධනයේ අරුණළු රටට උදාකර දෙමින්, ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ වත්මන් රජය රට තුළ ක්‍රියාත්මක කර තිබෙන සංවර්ධන වැඩපිළිවෙළේ මාර්ග සංවර්ධනය හා සමගාමීව සිදුවන තවත් එක් සුවිශේෂ ව්‍යාපෘතියක් ලෙස මෙම ගුවන් පාලම හඳුන්වා දිය හැකි අතර මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ගෙනයන වැඩපිළිවෙළේ සුවිශේෂී අවස්ථාවක් ලෙසද සැලකිය හැකිය.

නවතම පුවත්

අමාත්‍ය මණ්ඩල තීරණ 2019.09.17

18 September 2019
අමාත්‍ය මණ්ඩල තීරණ 2019.09.17

අමාත්‍ය මණ්ඩල තීරණ 2019.09.17  

මාධ්‍ය නිවේදනය- 2019.09.06- යාපනය එන්ටර්ප්‍ර‍යිස් ශ්‍රී ලංකා ප්‍ර‍දර්ශනය

06 September 2019
මාධ්‍ය නිවේදනය- 2019.09.06- යාපනය එන්ටර්ප්‍ර‍යිස් ශ්‍රී ලංකා ප්‍ර‍දර්ශනය

යාපනයේ එන්ටර්ප්‍ර‍යිස් ශ්‍රී ලංකා ප්‍ර‍දර්ශනයට සියලු කටයුතු සූදානම්

මාධ්‍ය නිවේදනය- 2019.09.04

04 September 2019

"කැමරාවෙන් ලියවුණු මානව කතාන්දරය"කෘතිය ජනගත කිරීම සහ වාර්තා චිත්‍රපට දැක්ම...

අමාත්‍ය මණ්ඩල තීරණ- 2019.09.04

04 September 2019
අමාත්‍ය මණ්ඩල තීරණ- 2019.09.04

 2019.09.03 වැනි දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ පහත...

මාධ්‍ය නිවේදනය- 2019.08.29

29 August 2019

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15ක වැඩිකළ විශ්‍රාම වැටුප් ගණනයන් 68%ක් අවසන්...

මාධ්‍ය නිවේදනය- 2019.08.26- රට වෙනුවෙන් එකට සිටිමු යාපනය දිස්ත්‍රික්ය

26 August 2019

රට වෙනුවෙන් එකට සිටිමු- යාපනය දිස්ත්‍රික් වැඩසටහන - 2019.08.26

මාධ්‍ය නිවේදනය- 2019.08.24 - රට වෙනුවෙන් එකට සිටිමු යාපනය දිස්ත්‍රික්ය

24 August 2019

රට වෙනුවෙන් එකට සිටිමු- යාපනය දිස්ත්‍රික් වැඩසටහන - 2019.08.24

මාධ්‍ය නිවේදනය- 2019.08.23- රට වෙනුවෙන් එකට සිටිමු යාපනය දිස්ත්‍රික්ය

23 August 2019

රට වෙනුවෙන් එකට සිටිමු - යාපනය දිස්ත්‍රික් වැඩසටහන - 2019.08.23

ප්‍රවෘත්ති නිවේදනය - 2019.08.20

21 August 2019
ප්‍රවෘත්ති නිවේදනය - 2019.08.20

රට ‌වෙනුවෙන් ඒකට සිටිමු -දීප ව්‍යාප්ත වැඩසටහ‌ෙනෙහි සත්වැන්න  2019 අගෝස්තු...

කැබිනට් තීරණ - 2019.08.13

13 August 2019
කැබිනට් තීරණ - 2019.08.13

කැබිනට් තීරණ - 2019.08.13  

මාධ්‍ය නිවේදනය- 2019.08.04

04 August 2019

"රට ‌වෙනුවෙන් එකට සිටිමු" ..ගම්පහ දිස්ත්‍රික්  වැඩසටහන් 4038ක් නිම ‌‌‌‌‌කෙරේ

මාධ්‍ය නිවේදනය- 2019.08.02

03 August 2019
මාධ්‍ය නිවේදනය- 2019.08.02

  රබර් වගාවේ අසාමාන්‍ය ලෙස  කොල හැලීයාමක් දක්නට ඇත්නම් තොරතුරු...

ප්‍රවෘත්ති නිවේදන 2019.08.02

02 August 2019
ප්‍රවෘත්ති නිවේදන 2019.08.02

රට වෙනුවෙන් එකට සිටිමු- 2019.08.02 වැනි දින නිකුත් කළ ප්‍රවෘත්ති...

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.

world wesak conferace final logo