• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් සිදු කරන ලද විශේෂ ප්‍ර‍කාශය - 2108.10.28

ආදරණීය දෙමව්පියනි, හිතවතුනි, මිත‍්‍රවරුනි, අද විශේෂයෙන් ම ජාතිය අමතා ප‍්‍රකාශයක් කිරීමට මා තීරණය කළේ පසුගිය දින කිහිපය තුළ රටේ ඇති වූ දේශපාලන වෙනස්කම් සමග රටේ අනාගතය, හෙට දවස වෙනුවෙන් අප යා යුතු ගමන්මග පැහැදිලි කරමින් විශේෂයෙන් ම මෙවන් වෙනසක් සිදු කිරීමට හේතු වූ කරුණු සහ ඊට පසුබිම් වූ බොහෝ කරුණු කාරණ සම්බන්ධයෙන් ඉතාම කෙටි සඳහනක් කිරීමේ බලාපොරොත්තුවෙන්.

මේ අවස්ථාව වර්ෂයක් ගෙවී ගොස් නව වර්ෂයක් අබියස සිටින අවස්ථාවක්. 2015 ජනවාරි මාසයේ 08 වනදා මේ රටේ ආදරණීය පොදු ජනතාව හැට දෙලක්ෂ පනස්දහසකට ආසන්න පිරිසකගේ අති විශාල ඡන්ද සංඛ්‍යාවකින් මා ඔබේ ප‍්‍රධාන සේවකයා වගේම රටේ රාජ්‍ය නායකයා වශයෙන් පත් කර ගත්තේ බලාපොරොත්තු රාශියක් ඇතිවයි. ඒ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම සඳහා ඔබ මා වෙත තැබූ විශ්වාසය පිළිබඳව මා ඔබට අදත් මගේ ගෞරවනීය ස්තූතිය සහ ප‍්‍රණාමය පුද කරනවා වගේම ඒ තැබූ විශ්වාසය ඉදිරියටත්, හෙට දවසේත් ඔබ වෙනුවෙන් මගේ ජීවිත පරිත්‍යාගයෙන් මා ඉටු කරන බව පළමුව ප‍්‍රකාශ කරන්නට ඕන.

රට සහ ජනතාව පෙරදැරිව දේශපාලනයේ නිරත වන අප විශේෂයෙන් විමසා බැලිය යුත්තේ කුමන දේශපාලන පක්ෂය ද, වම ද, දකුණ ද යන්න නොව ජනතාවගේ සහ රටේ සෞභාග්‍ය උදෙසා අප කළ යුතු වඩාත් සුදුසු කාර්යය කුමක් ද යන්න කියන එකයි මා විශ්වාස කරන්නේ. 2014 වසරේ පොදු අපේක්ෂකයා තෝරා ගත් අවස්ථාවත් එහි දී මා මුහුණ දුන් අවදානම් තත්ත්වයත් ඔබට මතක ඇතැයි කියා මා විශ්වාස කරනවා. එදා මා භාරගත්තේ මේ රටේ දේශපාලනයේ කිසියම් වූ පුද්ගලයෙක් භාර නොගත් අභියෝගයක්, බරපතළ දේශපාලන අභියෝගයක් ඒ වගේම අවදානමක්. ඒ අවදානම දේශපාලන වශයෙන් පමණක් නොවෙයි, මටත්, මගේ බිරිඳ සහ දරුවන් ඒ සියලු දෙනාටත් ඇති වූ ප‍්‍රධාන අවදානමක් සහිතවයි මා විසින් එම කාර්ය ඉටු කරනු ලැබුවේ කියා ඔබ දන්නවා. ඒ වගේම පසුගිය 26 වනදා මා විසින් ගනු ලැබූ තීරණය 2014 නොවැම්බර් මාසයේ 21 වනදා ගත් තීරණයටත් වඩා ප‍්‍රබල වූ අභියෝගාත්මක වූ අවදානම් සහිත තීරණයක් බව මා හිතනවා ඔබ විශ්වාස කරනු ඇතැයි කියා. ඒ සියල්ල මම කළේ ඔබෙත්, මගේත් ආදරණීය මාතෘභූමිය වෙනුවෙන් වගේම ආදරණීය පොදු මහ ජනතාව වෙනුවෙන් කියන එක ඉතා ගෞරවයෙන් සහ කාරුණිකව මෙන්ම නිහතමානව මා මෙහි දී ඔබට සඳහන් කරන්න ඕන.

මගේ ජීවිතය පරදුවට තබා ලබාගත් 2015 ඒ දේශපාලන ජයග‍්‍රහණය හෑල්ලුවට ලක්වන ආකාරයේ, ශිෂ්ට දේශපාලනයට නොගැළපෙන දේශපාලන කි‍්‍රයාවලියකට ගරු රනිල් වික‍්‍රමසිංහ මහතා අවතීර්ණ වුණා. ශ‍්‍රී ලංකාවේ අනාගතය කියලා කියන්නේ නැත්නම් හෙට දවස ඔහු සහ ඔහු සමග කුලුපගව කටයුතු කරන සැබෑ ජනතා හද ගැස්ම නොහඳුනන සුපිරි පන්තියක විනෝද කෙළියක් බවට පත් කර ගන්නා තැනට ඔහු පත් වුණා කියන එකයි මම විශ්වාස කරන්නේ. විශේෂයෙන්ම යහපාලන ආණ්ඩු සංකල්පය ගරු රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා අමු අමුවේම විනාශ කළා කියලයි මම හිතන්නේ. 2015 ජනවාරි 08 ජයග‍්‍රහණය කරලා 09 වනදා සන්ධ්‍යාවේ මා ජනාධිපතිවරයා විදියට දිවුරුම් දුන් අවස්ථාවත්, ඒ සමගම ගරු රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරු 47 දෙනෙක් එතුමාට සිටිය දී එතුමා අගමැති ධූරයට පත් කළ අවස්ථාවත් මම හිතනවා ඔබේ මතකයේ තිබෙනවා කියලා. එහෙත් ඒ උතුම් වූ යහපාලන සංකල්පය, ඒ උතුම් යහපාලන අරමුණු හා පරමාර්ථ ගරු රනිල් වික‍්‍රමසිංහ මහතා විනාශ කළ බව මා මෙන්ම ඔබ ගෙවී ගිය අවුරුදු කිහිපය තුළ ලැබූ අත්දැකීම්වලින් දන්නා බව මම විශ්වාස කරනවා. රටේ දූෂණය, වංචාව ඉතාමත් ප‍්‍රබල වුණා. එක්සත් ජාතික පක්ෂයේ සහ ඊට අදාළ වූ සන්ධාන රාශියක මගේ මතකයේ හැටියට ඒ අවස්ථාවේ පොදු අපේක්ෂකයාට සහයෝගය දුන්න දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන 49 ක් අපේ ගිවිසුමට අත්සන් කළා. එමගින් අපි ඇතිකරගත්ත බලාපොරොත්තු රට සහ ජනතාව වෙනුවෙන්, ඔබේත්, මගේත් ජාතියේ අනාගතය සඳහා ඉතාමත් ශුද්ධ වූ පවිත‍්‍ර වූ නිර්මල වූ ඒ උතුම් පරමාර්ථ සම්පූර්ණයෙන්ම විනාශ කරනු ලැබුවා.

දූෂණය, නාස්තිය ඉහවහා ගියා, මා මීට දින කිහිපයකට පෙර සේනානායක ගුණ සමරු උලෙළේ දී කළ ප‍්‍රකාශයත් මම හිතනවා ඔබේ මතකයේ ඇති කියලා. ඞී.එස් සේනානායක මැතිතුමාගේ දේශපාලන දර්ශනය, ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ දේශපාලන දර්ශනය, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ දේශපාලන දර්ශනය, රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමාගේ දේශපාලන දර්ශනය එක්සත් ජාතික පක්ෂය මොන තරම් ප‍්‍රබල, යෝධ දේශපාලන පක්ෂයක් බවට පත්කළා ද? ඒ වගේම දේශීයත්වය, අපේ සංස්කෘතින්, අපේ උරුමයන් සමග අපේ කියන සියලු දේ ආරක්ෂා කරමින් ජාතික අනන්‍යතාවය, රටේ ඒකීය භාවය ඒ උතුම් අරමුණු සහ පරමාර්ථ එම ශ්‍රේෂ්ඨ නායකයන් මොනතරම් ආරක්ෂා කළා ද, ඒවාට කොතෙක් නම් කැපවුණා ද, ඒ සියලු දේ ගත් විට මා අද මෙහිදීත් ප‍්‍රාර්ථනා කරනවා එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නායකයන්ට ඞී.එස් දර්ශනය, ඩඩ්ලි දර්ශනය, ජේ.ආර්. දර්ශනය, පේ‍්‍රමදාස දර්ශනය මුල් කොටගත් ඒ උතුම් දේශපාලන අරමුණු සහිත සමාජයක් , නව ලෝකයට, නව තාක්ෂණයට අද යුගයට ගැළපෙන ආකාරයට බිහි කරන්නට ඔවුන්ට ප‍්‍රඥාව පහළ වේවා කියලා.

ප‍්‍රධාන වශයෙන්ම සාමුහිකත්වයෙන් තොර වූ තනි තීන්දු තීරණ ගත් ඉතාමත් දරදඬු, මුරණ්ඩු ආකාරයට රනිල් වික‍්‍රමසිංහ මහතා ආණ්ඩුව තුළ හැසිරුණා. ඒ තුළ බරපතළ දේශපාලන අර්බුදයක් ඇති වුණා. සාමුහිකත්වය නොමැති නිසා, සාකච්ඡාව, සංවාදය නොමැති නිසා ඉතා සුළු පිරිසක් අපේ අතේ තියෙන ඇඟිලි ගාණටත් වඩා අඩු පිරිසක් ඔහුගේ සමීපතම සගයන් වී ඔවුන් සමග පමණක් සාකච්ඡා කර තීන්දු තීරණ ගැනීම නිසා අපි රටක් විදියට අවාසනාවන්ත තත්ත්වකට පත් වුණා. මෙහි දී මා කියන්නට ඕන රනිල් වික‍්‍රමසිංහ මහතා සහ මා අතරේ ගෙවී ගිය අවුරුදු තුන හමාරකට වැඩි කාලය තුළ ප‍්‍රතිපත්තිමය වශයෙන් දේශපාලන වෙන් කිරීමක් මම දැක්කා. ප‍්‍රතිපත්ති ගැටුමක් මම දැක්කා. රනිල් වික‍්‍රමසිංහ මහතාගේ දේශපාලන දර්ශනයත්, මගේ දේශපාලන දර්ශනයත් අතරේ ප‍්‍රතිපත්තිමය ගැටුමක් ඇති වුණා. ඒ විතරක් නෙවේ, රනිල් වික‍්‍රමසිංහ මහතා සහ මා අතරේ බරපතළ සංස්කෘතික වෙනස්කම් මම දැක්කා. ඒ දේශපාලන ප‍්‍රතිපත්තිවල වෙනස්කම් වගේම සංස්කෘතික වශයෙන් අපේ කි‍්‍රයාකරිත්වය, චරිතවල සහ ගති ලක්ෂණවල තිබූ සංස්කෘතික දේශපාලනික වෙනස්කම් ඒ සියල්ල මේ දේශපාලන සහ ආර්ථික අර්බුදය බරපතළ වන්නට හේතු වුණා කියලා මම විශ්වාස කරනවා.
අනෙකුත් ජ්‍යෙෂ්ඨ නායකයන් සමග එකට වාඩි වී සිටින බොහෝ අවස්ථාවල මම එතුමාට කිව්වා අපි එකට වැඩ කරමු, අපි සාමුහිකත්වයෙන් කටයුතු කරමු. අපි ගන්නා තීන්දු තීරණ සාකච්ඡා කරලා යහපාලන අරමුණු ඉෂ්ට කර ගන්න අපි කි‍්‍රයා කරමු කියලා. නමුත් හැට දෙලක්ෂ පනස්දහසකට වැඩි ජනතාවගේ ඒ උතුම් අභිලාෂයන් එතුමා නොසලකා හැරියා. ඒ ගැන මම ඉතාමත්ම කනගාටු වෙනවා. මා විසින් රටේ නායකත්වය භාරගනු ලැබුවේ දුෂණ, වංචාවලින් තොර යහපාලන සංකල්පය මුල් කර ගත් ඉතාම නිර්මාණශීලී රාජ්‍ය පාලනයක් සඳහා. අතීත අත්දැකීම් සමග වර්තමාන අභියෝග තේරුම් ගනිමින් අනාගතය, හෙට දවස වඩාත් ප‍්‍රබුද්ධ ලෙස සාක්ෂාත් කර ගැනීම සඳහා ආධ්‍යාත්මික ගුණ වගාවෙන් පරිපූර්ණ වූ උතුම් සංකල්පයක් පෙරදැරිව මම සෑම විටම ඒ සඳහා විශාල උත්සාහයක් ගත්තා, විශාල කැපකිරීමක් කළා, බොහෝ අවස්ථාවල මම අඩි කිහිපයක් පස්සට ගත්තා.

ඇතැම් වෙලාවට ඔබ දකින්නට ඇති පහුගිය අවුරුදු 03 කට වැඩි කාලය තුළ යම් යම් ආවේගශීලී ලෙස මට කතා කරන්නට සිද්ධ වුණා. ඒ අවස්ථාවල දී ඇතැම් විට ඔබ මට දොස් කිව්වා. ඇතැම් වෙලාවට කිව්වා මම පරිණත නැහැ කියලා. ආවේගශීලි වෙනවා කියලා කිව්වා. නමුත් ආණ්ඩුවේ අභ්‍යන්තර සාකච්ඡාවලදි, අමාත්‍ය මණ්ඩලය තුළ, පක්ෂ නායකයන්ගේ රැස්වීම්වල දී මොනතරම් ඉවසීමෙන්, මොනතරම් නිහතමානීව මම කටයුතු කළා ද කියලා දන්නේ මගේ හෘදසාක්ෂියයි. ඒ සියල්ල මම කැප කළේ රට සහ ජනතාව වෙනුවෙන්. නමුත් ඔබේ මතකයේ තිබෙනවා ඒ උතුම් පරමාර්ථ මුල් කරගෙන පිහිට වූ මේ ජනතාවගේ උතුම් අභිලාෂයන් ඉටු කරගන්නා වූ යහපාලන ආණ්ඩු සංකල්පය, ආණ්ඩුව පිහිටුවලා මාස 03 ක් යන්නටත් කලින් බිඳ දැමුවා. මහ බැංකු මුදල් මංකොල්ලයෙන් අපේ රට ප‍්‍රබල ආර්ථික අගාධයකට ඇද වැටුණා. ලංකා ඉතිහාසයේ රාජ්‍ය වත්කම්, මුදල් පිළිබඳව මෙවැනි මහා මංකොල්ලයක් ඔබ දන්නවා මීට පෙර අප අසා තිබුණේ නැහැ. ඒ පිරිසිදු යහපාලන සංකල්ප දූෂණයෙන්, වංචාවෙන් තොර රාජ්‍ය පාලනයක් ගෙන යෑමට ජනතාව දුන්නා වූ ප‍්‍රතිඥාව ඒ සියල්ල අමු අමුවේ ඝාතනය කළා.

මගේ මතකයේ තිබෙනවා ආදරණීය දෙමව්පියනි, දරුවනි මහ බැංකු මංකොල්ලය සම්බන්ධයෙන් රටේ ඇති වූ ජනතා උද්ඝෝෂණ සහ හඬ, විපක්ෂයේ හඬ, දේශපාලන පක්ෂවල හඬ, සමාජ වගකීම් දරන්නන්ගේ, සිවිල් සංවිධානවල හඬ ආපු වෙලාවේ ආණ්ඩුව තුළ මොනතරම් අභ්‍යන්තර අර්බුදකාරි තත්ත්වයක් ඇති වුණා ද කියලා. ඒ අවස්ථාවල දී ගරු රනිල් වික‍්‍රමසිංහ මහතා හරිම නොසන්සුන් විදියට, හරිම කලබලකාරී විදියට හැසිරුණා. මහ බැංකුවේ කාර්යමණ්ඩලය හමුවෙන්න යන්න මා ඒ අවස්ථාවේ තීරණය කළ විට රනිල් වික‍්‍රමසිංහ මහත්තයා හදිසියේ ම මගේ නිල නිවසට දුවගෙන ඇවිත් බොහෝ කලබලකාරී ස්වභාවයෙන් මට කිව්වා “මහ බැංකුව අයිති වෙන්නේ මටයි, ඒ නිසා ඇයි ඔබ මහ බැංකුවට යන්නේ” කියලා මගෙන් ඇහුවා. මම ඒ වෙලාවේ එතුමාට කිව්වා “ඔබට ගැසට් නිවේදනයකින් භාරකාරිත්වය දී තිබෙන බව ඇත්ත, නමුත් මම ජනාධිපති, මට එතනට යන්න අයිතියක් තියෙනවා නේද”කියලා මම එතුමාට කිව්වා. මම කිව්වා මම තව ස්වල්ප වෙලාවකින් පිටත් වෙනවා කියලා. ඒ සමග ම එතුමා මගේ නිවසින් නික්ම ගියා. මම සුළු වේලාවකින් මහ බැංකු ගොඩනැගිල්ලට ඇතුළු වන විට මේ සිද්ධිය නිසා නිවාඩු දමා ඉවත් වී සිටි හිටපු මහ බැංකු අධිපතිවරයා අර්ජුන් මහේන්ද්‍රන් මහතා බුලත් හුරුල්ලක් දී මා පිළිගන්න ඉදිරියට පැමිණියා. මම පුදුමයට පත් වුණා ඔහු කොහොමද මෙතනට ආවේ කියලා.

ඒ නොසන්සුන්කාරි වාතාවරණය, කලබලකාරීව හැසිරුණු ආකාරය, ඔවුන්ගේ නොසන්සුන් මානසිකත්වය මම ඒ වෙලාවේ දැක්කා. අවසානයේ රටේ බරපතළ ආර්ථික අර්බුදයක් ඇති වුණා. දේශපාලන අර්බුදයක් ඇති වුණා. ඊට විසඳුම් විදියට මම ජනතාවගෙන් ආපු ඉල්ලීම් අනුව ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළා. ඒ ජනාධිපති කොමිෂන් සභාව පත් කරලා කටයුතු කරගෙන යන විට එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයන් මට ඇඟිල්ල දික් කළා. ඇයි මේ කොමිසම පත් කළේ කියලා.

මේක එක්සත් ජාතික පක්ෂයට කරපු අගෞරවයක් විදියට ඔවුන් සැලකුවා. නමුත් මම ඒ අයට කිව්වා සිදු වූ සිද්ධියෙන් නිදහස් වෙන්න, ජනතාවගේ හඬට කන් දෙන්න මම මේ කොමිෂන් සභාව පත් කළේ කියලා. ඒ නිසා ප‍්‍රධාන වශයෙන්ම ඒ සිදුවීම අදත් අපේ ආර්ථිකයේ හිස ඔසවන්නට බැරි බරපතළ ආර්ථික අර්බුදයකට ලක් වූ කාරණයක් බව ඔබ දන්නවා.

2018 පෙබරවාරි මාසයේ 10 වැනිදා පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේ දී ලැබුණු ප‍්‍රතිඵලය විශේෂයෙන්ම අප නිවැරදි කිරීමට, රජය නිවැරදි කිරීමට ජනතාව දුන් තීන්දුවක් විදියටයි මම දකින්නේ. මම ඒ අවස්ථාවේ ගරු රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයන් කැඳවලා කිව්වා ,අපි අවුරුදු 03 ක් කරපු කටයුතු සම්බන්ධයෙන් ජනතාව තීන්දුවක් දීලා තිබෙනවා, අපිට පාඩමක් උගන්නලා තිබෙනවා, අපි දැන් නිවැරදි වෙන්න ඕන, මම කිව්වා, ඔබතුමා මගේ බලතලත් අරගෙන වැඩ කෙරුවා. කළගුණ සලකන්න, මා බලයට පත්කරන්න ඔබතුමා නායකත්වය ගත් නිසා මම නිහඬ වුණා,. ඒ කළගුණ සැලකීමේ උතුම් මානුෂීය ගුණාංගය නිසා එක් පැත්තකින් රටට ඉතාම අහිතකර ප‍්‍රතිඵල ඇති වුණා රනිල් වික‍්‍රමසිංහ මහතාට රිසි පරිදි වැඩ කරන්න, ඇතැම් විට මගේ බලතලත් අරගෙන වැඩ කරන්න එතුමාට මම බලය දුන්න නිසා. නමුත් ඒ සියල්ල තුළ සිදුවූයේ කුමක් ද, ඇති වූ සිදුවීම් රාශියක් පිළිබඳ අවුරුදු තුන හමාරක මහ ඛේදනීය තත්ත්වය මා විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කාලය දීර්ඝ වශයෙන් ගත වන නිසා. මම ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා වරින්වර ඒ තත්ත්වයන් රටට සහ ජනතාවට පැහැදිලි කරන්න. මේ සියල්ලත් එක්ක දැන් දවස් දෙකකට කලින් මම ගත් තීරණය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා වශයෙන් පත් කිරීමටත්, ගරු රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමටත් ළඟම ඇති වූ ප‍්‍රබලම හේතුව මම ඔබට ඉතාම ගෞරවයෙන් පැහැදිලි කරනවා.

මගේ දේශපාලන ජීවිතය දැන් අවුරුදු 51 කට වැඩි. පසුගිය දිනවල මාධ්‍ය වෙත පැමිණි නාමල් කුමාර කියන පුද්ගලයා මා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමක් පිළිබඳව කුමන්ත‍්‍රණයක් හෙළි කළා. ඒ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මම භාර දුන්නා. පොලිස්පතිවරයා එම පරීක්ෂණ කටයුතු භාර දී තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොවේ. පොලිසියේ වෙනත් පරීක්ෂණ අංශයකට. නමුත් මට ඒ අවස්ථාවේම පෙනී ගියා ඉදිරියේ දී විශ්වාස කළ නොහැකි තත්ත්වයක් ඇති විය හැකියි කියා. මේ තොරතුරු කුමන්ත‍්‍රණය පිළිබඳව ප‍්‍රකාශයක් කළ පුද්ගලයා මාධ්‍යයට පැමිණ ඒ කුමන්ත‍්‍රණය සමබන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට පෙර තොරතුරු දුන් පුද්ගලයාගේ ප‍්‍රකාශය නිකුත් වී පැය 48 ක් යෑමට පෙර පොලිස්පතිවරයා ප‍්‍රකාශයක් කළා, මේ තොරතුරු දුන් පුද්ගලයා ඉදිරිපත් කළ හඬ පටය සැක සහිතයි කියා. රටේ ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක් හෙළි කළ පුද්ගලයෙක් ඉදිරිපත් කළ කරුණු තාක්ෂණික හඬ පටයක් කිසිදු පරීක්ෂණයක් නොපවත්වා එය සැකයි කියා කියන්නට තරම් පොලිස්පතිවරයා ඉතාමත් නිර්ලජ්ජිත ස්වභාවයෙන් හැසිරීම පොලිස්පතිවරයෙකුට සුදුසු ද යන්න මෙහි දී මා ඉතා ගෞරවයෙන් ඔබෙන් අසන ප‍්‍රශ්නයක්.

මේ කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් පරික්ෂණ කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් ඊට සහයෝගය දෙන රජයේ අනෙකුත් විශේෂ විමර්ශන බුද්ධි අංශත් මේ වන විට ලබා දී ඇති තොරතුරු අනුව මෙය ඉතාම බරපතළ තත්ත්වයක්. රටේ ජනතාවට මෙතෙක් නොලැබුණු තොරතුරු රාශියක් මේ පරීක්ෂණයේ අභ්‍යන්තරයේ තිබෙනවා. මාව ඝාතනය කිරීම සඳහා ඊට සම්බන්ධ වූ ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ඇමතිවරයෙක් පිළිබඳව තොරතුරු ප‍්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම මේ පරීක්ෂණවලට දැඩි බලපෑම් ඇති වී තිබෙනවා. නීතිපති දෙපාර්තමෙන්තුවේ වගකිව යුතු නිලධාරීන් මේ පරීක්ෂණයේ වැදගත් අවස්ථාවන්වල දී ඔවුන් මගහරින තත්ත්වයක් ඇති වෙලා තිබුණා.

මේ තත්ත්වය තුළ මම ගෞරවනීය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මේ දේශපාලන අර්බුද, ආර්ථික අර්බුදයත් සමග මා ඝාතනය කිරීමේ ප‍්‍රබල කුමන්ත‍්‍රණයක කරුණු හෙළිවීමත් සමග මට තිබුණු එකම විකල්පය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර එතුමා අගමැතිවරයා විදියට පත් කර අලුත් ආණ්ඩුවක් පිහිටුවීම පමණයි. මේ අලුත් ආණ්ඩුවට එක් වන ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කරන 225 ක ගෞරවනීය සාමාජිකයන් සියලු දෙනාට විවෘත වූ ගෞරවනීය ආරාධනයක් මම කරනවා. ඉතාම පවිත‍්‍ර වූ චේතනාවෙන් පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න දේශපාලන අර්බුදය සෑහෙන දුරකට දැන් යටපත් වී තිබෙනවා, සමනය වී තිබෙනවා. ඒ නිසා හෙට දවස වෙනුවෙන් රට වෙනුවෙන් මේ ගත් තීන්දුව මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කොට අලුත් ආණ්ඩුවක් සැදීමේ තීරණය රට වෙනුවෙන්, ආදරණීය ජනතාව වෙනුවෙන්, ඔබෙත් මගෙත් උතුම් මාතෘ භූමිය වෙනුවෙන්. ඒ උතුම් පරමාර්ථය ඉෂ්ට කරගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය ශක්තිමත් කරලා, ජනතාවගේ නිදහස ශක්තිමත් කරලා, මානව හිමිකම්, මූලික අයිතිවාසකම් ශක්තිමත් කරලා, මාධ්‍ය නිදහස ශක්තිමත් කරලා, ජනතාවගේ සියලු අයිතිවාසිකම් වරප‍්‍රසාද ශක්තිමත් කරලා

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.