• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශී‍්‍ර ලංකා තේ කර්මාන්තය වසර 150ක් සපුරයි

Ceylon tea1වර්ෂ 2017 දී ශී‍්‍ර ලංකා තේ කර්මාන්තයට වසර 150ක් සපිරේ. මීට වසර 150කට පෙර රටේ ප‍්‍රධාන ආර්ථික භෝගය වූ කෝපි වගාව කොළ අංගමාරය රෝගයට ගොදුරුවීමත් සමඟ ඒ වෙනුවට වාණිජ භෝගයක් ලෙස තේ වගා කිරීම 1867 දී ඇරඹිණ.

ස්කොට්ලන්ත ජාතික ජේම්ස් ටේලර් විසින් පළමු වාණිජ තේ වගාව සහ තේ නිෂ්පාදනය හේවාහැට ලූල්කඳුර වතුයායේ දී ආරම්භ කරන ලදී. ඔහු විසින් ලාංකීය කෘෂිකර්මාන්තය සඳහා දායක වූවා පමණක් නොව තේ කර්මාන්තයේ සැපයුම් දාම පහසුකම් ලබා දීම උදෙසා ශී‍්‍ර ලංකාවේ යටිතල පහසුකම් නිර්මාණය කිරීමට ද පුරෝගාමී විය. 

ශත වර්ෂයකටත් අධික කාලයක් මුළුල්ලේ සිට තේ කර්මාන්තය මගින් රටේ ආර්ථිකයේ තිරසර පැවැත්ම සඳහා අඛණ්ඩ දායකත්වයක් ලබා දෙමින් පවතී. මෑත වසරවල දී ආදායම් උපයන මාර්ග එකක් හෝ දෙකක් ඉස්මතු වුවද ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ඉක්මවා යමින් රට වෙනුවෙන් වැඩිම විදේශ විනිමය ඉපැයීම් කි‍්‍රයාවලියේ දී තේ කර්මාන්තයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.රටේ ජනගහනයෙන් ආසන්න වශයෙන් 20‍%ක් සෘජු හා වක‍්‍ර ආකාරයෙන් තේ කර්මාන්තයේ නියැලී සිටින අතර, එය ගබඩා පහසුකම් සැපයීම, ප‍්‍රවාහන, මුද්‍රණල ඇසුරුම් ආදී උපයෝගී කර්මාන්ත ගණනාවක් දක්වා විසිරී පවතියි. Ceylon tea.3

මීට අමතර ව තේ මෙරට සමස්ත විදේශ විනිමය ඉපැයීම්වලින් 15‍%ක දායකත්වයක් සහ කෘෂිකාර්මික අපනයන ආදායමෙන් 65‍%ක් උත්පාදනය සිදුකරයි. ශී‍්‍ර ලංකා තේ මණ්ඩලය, කොළඹ තේ වෙළඳුන්ගේ සංගමය සමඟ එක්ව 2017 වර්ෂය පුරා මෙම සංවත්සර සැමරුම උත්සවශී‍්‍රයෙන් සැමරීම සඳහා වැඩසටහන් ගණනාවක් සංවිධානය කර ඇත. 

ඒ අතර, 

x සංවත්සර සැමරුමේ පළමු අංගය ලෙස 2017 වර්ෂයේ ජනවාරී මස 19 වන දින ශී‍්‍ර ලංකා තේ මණ්ඩලයේ ප‍්‍රධාන කාර්යාලයේ දී ජේම්ස් ටේලර් මහතාගේ ප‍්‍රතිමාවක් විවෘත කිරීමත් සමඟ ආරම්භ කිරීමට නියමිත ව ඇත. 

x 2017 පෙබරවාරී මාසයේ දී මුල් දින කවරයක් සහ මුද්දර මාලාවක් නිකුත් කිරීමට නියමිත අතර අගෝස්තු මාසය වන විට රුපියල් 10 කාසියක් නිකුත් කිරීමට ද අපේක්‍ෂිතය.

 x 2017 මාර්තු සහ ජූලි කාලසීමාව තුළදී තේ නිෂ්පාදනය සිදුකරන කලාප හත ආවරණය වන පරිදි අධ්‍යාපන ප‍්‍රදර්ශන මාලාවක් මෙන්ම ප‍්‍රශ්න විචාරාත්මක වැඩසටහන් ද සිදුකිරීමට නියමිතයග රට සංවර්ධනයේ දී තේ කර්මාන්තයේ දායකත්වය සහ වැදගත්කම මෙන්ම එහි වෘත්තීය අවස්ථා පිළිබඳවත් මෙම ඓතිහාසික උත්සවයේ වැදගත්කම පිළිබඳවත් දේශීය ප‍්‍රජාවට පුළුල් අවබෝධයක් ලබාදීම මෙමගින් අරමුණු වෙයි.Ceylon tea2

 x ලොව පුරා විහිදී ඇති ශී‍්‍ර ලංකා තානාපති කාර්යාල මඟින් සංවිධානය කරනු ලබන ගෝලීය සිලෝන් තේ සංග‍්‍රහය 2017” Global Ceylon Tea Party -2017  වර්ෂයේ මැයි මස 18 වන දින ලොව පුරා එක් එක් කාල කලාපයන් තුළ සවස 5.00 ට කි‍්‍රයාත්මක කිරීමට නියමිතය. මෙහිදී ඉහළ ම ගුණාත්මයෙන් යුතු සිලෝන් තේ” සමඟ ශී‍්‍ර ලංකාවේ පැරණිම බිස්කට් නිෂ්පාදකයා වන මැලිබන් බිස්කට් සමාගම මඟින් මෙම අවස්ථාව වෙනුවෙන් විශේෂයෙන් ම නිර්මාණය කරන ලද බිස්කට් භුක්ති විදීමට අවස්ථාව ලබාදීමට නියමිතය.

 x  The 150 Years of Ceylon Tea නමින් ශී‍්‍ර ලංකාවේ තේ කර්මාන්තය පිළිබඳ වසර 150ක ඓතිහාසික ආගමනය සමරු පොතක් ලෙසින් ප‍්‍රකාශයට පත් කිරීම 2017 වර්ෂයේ ජුනි මස 14 වන දිනට නියමිත ව ඇත. වැවිලි ක්‍ෂේත‍්‍රයේ නියුතු සේවකයන් හට ප‍්‍රතිලාභ ලැබෙන පරිදි පුණ්‍ය ව්‍යාපෘතී කිහිපයකට අරමුදල් ලබා දීම අරමුණු ඇති ව විශේෂිත තේ වෙන්දේසියක්  Grand Charity Tea Auction ලෙසින් 2017 ජුනි මස 14 වන දින පැවැත්වීමට ද සැලසුම් සකස් කර ඇත.

 සංවාරකයන් සහ ශී‍්‍ර ලාංකිකයන් අතර  සිලෝන් තේ වල ඇති සුවිශේෂතා සහ තේ හා සබැඳුනු සංස්කෘතීන් ප‍්‍රවර්ධනය කිරීමේ අභිලාශයෙන් ජාත්‍යන්තර තේ උළෙලක් ජූලි මාසයේ පැවැත්වීමට නියමිතය. මෙය තේ හා සම්බන්ධ කි‍්‍රයාකාරකම් නිරූපණය වන පරිද්දෙන් වීදි ප‍්‍රචාරණ, තේ කුටි, ආහාර හා වෙළද කුටි මෙන්ම විනෝදාස්වාදයන්ගෙන් සපිරුණ අංග රාශියක් සමගින් උත්සවශී‍්‍රයෙන් සිදුකෙරෙනු ඇත. මෙය අනාගතයේදී වාර්ෂික උත්සව අංගයක් ලෙසින් කි‍්‍රයාත්මක වනු ඇති බවට අපේක්‍ෂා කෙරේ.

 ජාත්‍යන්තර කොළඹ තේ සමුළුව 300කට ආසන්න විදේශ නියෝජිත පිරිසකගේ සහභාගීත්වයෙන් හා දේශීය නියෝජනයකින් යුක්තව 2017 අගෝස්තු මස 08 දින සිට 11 දින දක්වා පැවැත්වීමට නියමිතය. මෙහිදී ගෝලීය තේ වෙළඳපොළ තුළ හා ජාත්‍යන්තර මට්ටමේ ව්‍යාපාර තුළ පුළුල් පරාසයක පළපුරුද්ද සහ අත්දැකීම් සපිරුණු කීර්තිමත් වියත් පුද්ගලයන් විසින් මෙහෙයවන වැඩමුළු පැවැත්වීමට නියමිතය.

මෙහිදී විවිධ සම්මන්ත‍්‍රණ කි‍්‍රයාත්මක කිරීම තුළින් විද්වත් මණ්ඩල සමඟ සාකච්ඡා වටවලට සහභාගීවීමට හා අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. PLANTATION SRI LANKA - 2017” ප‍්‍රදර්ශනය අගෝස්තු මස 11 සිට 13 වන දින දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතය. මෙමගින් දේශීය මෙන්ම විදේශීය තේ අපනයනකරුවන්, නිෂ්පාදකයන් සහ තේ කර්මාන්තයේ සේවා සපයන්නන් හට තම භාණ්ඩ හා සේවා ප‍්‍රදර්ශනය කිරීමට අවකාශ ලබා දෙන අතර, දේශීය සහ විදේශීය නරඹන්නන් හා ගැනුම්කරුවන් සඳහා විවෘත වනු ඇත.Ceylon tea4

 සෑම කලාපයක ම සියලූ අංශ ආවරණය වන පරිදි තේ කර්මාන්තයේ විශේෂ දක්‍ෂතා පෙන්වූ පාර්ශවකරුවන් හඳුනා ගෙන ඔවුන් ඇගයීමේ අරමුණ පෙරදැරිව සම්මාන උළෙලක් පැවැත්වීමට අපේක්‍ෂා කෙරේ. මෙහිදී තේ දලූ නෙලීම, තේ රස බැලීම්, විශිෂ්ට නිෂ්පාදන ක‍්‍රමවේද භාවිතය, තේ මිශ‍්‍ර කිරීම සහ නිර්මාණශීලී සොයා ගැනීම් වැනි තවත් විවිධ වූ අංශ සඳහා සම්මාන පිරිනැමෙනු ඇත.

 මෙම වැඩසටහනට සමඟාමී ව තේ කර්මාන්තයේ ඉතිහාසයට බෙහෙවින් අදාළ වන ඓතිහාසික මහනුවර නගරයේ පිහිටා ඇති  සිලෝන් තේ කෞතුකාගාරය වැඩිදියුණු කිරීම සඳහා වන වැඩපිළිවෙළක් ද ආරම්භ කර ඇත.

නවතම පුවත්

කැබිනට් තීරණ - 2020.02.20

20 February 2020
කැබිනට් තීරණ - 2020.02.20

2020.02.19 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ - 2020.02.13

13 February 2020

2020.02.12 වන දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ - 2019.02.05

06 February 2020
කැබිනට් තීරණ - 2019.02.05

කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව...

මාධ්‍ය නිවේදනය- 2020.02.03

03 February 2020

නිදහස් දිනට සියලුම සුරාසැල් හා මස් මාංශ අලෙවිසැල් වැසේ 

මාධ්‍ය නිවේදනය- 2020.01. 28

28 January 2020

විශේෂ මාධ්‍ය නිවේදනය- 2020.01.28 

මාධ්‍ය නිවේදනය 2020.01.26

27 January 2020

කොරෝනා ‌‌වෛරසයෙන් ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම් අවම කිරිමට...

කැබිනට් තීරණ -2020.01.22

23 January 2020
කැබිනට් තීරණ -2020.01.22

2020.01.22 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

Cabinet Decisions 2020.01.15

15 January 2020
Cabinet Decisions 2020.01.15

2020.01.14 දින පැවැත්වූණු කැබිනට් මණුඩල තීරණ  

Press Release 2020.01.13

13 January 2020

2020 ජනවාරි සිට පුරන් කුඹුරුවල ‌ෙවෙනත් වගාවන් කිරීමට අවසර දීම...

අමාත්‍ය මණ්ඩල තීරණ - 2020.01.09

09 January 2020

2020.01. 08 දින පැවැත්වුණුු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ - 2020.01.02

03 January 2020
කැබිනට් තීරණ - 2020.01.02

කැබිනට් තීරණ 2020.01.02

මාධ්‍ය නිවේදනය- 2019.12. 28

29 December 2019

අපොස උසස් ‌‌‌පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා 2020.01.17 වන දින...

මාධ්‍ය නිවේදනය - ආපදාවට පත් වූ ජනතාවට සහන සැළසීමේ වැඩපිළිවෙළ - 2019.12.21 2019.12.21

21 December 2019
මාධ්‍ය නිවේදනය - ආපදාවට පත් වූ ජනතාවට සහන සැළසීමේ වැඩපිළිවෙළ - 2019.12.21  2019.12.21

ආපදාවට පත් වූ ජනතාවට සහන සැළසීමේ වැඩපිළිවෙළ පැය 24 පුරාම...

මාධ්‍ය නිවේදනය - 2019.12.20 මී ඔය අවට පහත්බිම්වල ජනතාවට ඉවත්වීමේ නිවේදනය නිකුත් වෙයි

20 December 2019
මාධ්‍ය නිවේදනය - 2019.12.20 මී ඔය අවට පහත්බිම්වල ජනතාවට ඉවත්වීමේ නිවේදනය නිකුත් වෙයි

මාධ්‍ය නිවේදනය - 2019.12.20 මී ඔය අවට පහත්බිම්වල ජනතාවට ඉවත්වීමේ...

අමාත්‍ය මණ්ඩල තීරණ 2019.12.18

19 December 2019

2019.12.18 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

ජාතික ප්‍ර‍තිපත්ති රාමුව- රට හදන සෞභාග්‍යයේ දැක්ම

16 December 2019
ජාතික ප්‍ර‍තිපත්ති රාමුව- රට හදන සෞභාග්‍යයේ දැක්ම

රජයේ ප්‍රතිපත්ති රාමුව දස ප්‍රතිපදාවන්ගෙන් යුක්ත වන අතර, ඵලදායී පුරවැසියෙක්,...

ජාතික ප්‍ර‍තිපත්ති රාමුව- රට හදන සෞභාග්‍යයේ දැක්ම

16 December 2019

රජයේ ප්‍රතිපත්ති රාමුව දස ප්‍රතිපදාවන්ගෙන් යුක්ත වන අතර ඵලදායී පුරවැසියෙක්,...

කැබිනට් තීරණ - 2019.12.10

12 December 2019
කැබිනට් තීරණ - 2019.12.10

කැබිනට් තීරණ - 2019.12.10

2019.12.10 අමාත්‍ය විෂයපතය හා කාර්යන් ගැසට් කරයි

11 December 2019
2019.12.10 අමාත්‍ය විෂයපතය හා කාර්යන් ගැසට් කරයි

අමාත්‍ය විෂයපතය හා කාර්යන් ගැසට් කරයි

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.

world wesak conferace final logo