• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඇමරිකාවේ නිවි ජර්සි බෞද්ධ පදනමෙන් අරණායක දෙබත්ගමට අලුත් පන්සලක්

temple 20161පසුගිය මැයි මස 17 වන දින අරණායක සාමරසර කන්ද නාය යෑම හේතුවෙන් අහිමි වූ මිනිස් ජීවිත සංඛ්‍යාව 150 ඉක්මවයි.

අහිමි වූ දේපළ වල වටිනාකම රු. මිලියන කෝටි ගණනකි. අහිමි වූ මිනිස් ජීවිත හැර අනෙකුත් සියල්ල ලබාදීමට වත්මන් රජය මෙන්ම, දෙස් විදෙස් ආයතන ද මැදිහත්කරුවන් ලෙස කටයුතු කිරීම එම ප්‍රදේශවාසීන් විසින් ලද භාග්‍යයකි.

සාමසැර කන්ද නාය යාම හේතුවෙන් සාමසර කඳු මුදුනේ තිබූ විහාරස්ථානය එම ව්‍යසනයට ලක් නොවූවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් එය අධි අවදානම් කලාපයක් ලෙස නම් කරනු ලැබීය.

එම තත්ත්වයත් සමඟ විහාරස්ථානයේ වැඩ විසූ භික්ෂූන් වහන්සේලා අසීරුතා රැසකට මුහුණ දුන්හ. එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඇමරිකාවේ නිවි ජර්සි විහාරස්ථානයේ අධිපතිත්වය දරණ බතලේගල හත්ගම්පළ විහාරාධිපති කෑගලු දිසාවේ ප්‍රධාන සංඝනායක හුම්ගම්පොළ සිරිරතන නාහිමියන් රු.ලක්ෂ 25ක වියදමින් වෙත් ස්ථානයක අංග සම්පූර්ණ විහාරස්ථානක් ඉදිකර සාමසැර කඳු මුදුනේ වැඩවිසූ භික්ෂූන් වහන්සේලාට පූජා කිරීම පසුගිය දා සිදු කරන ලදී.

අරණායක දෙබත්ගම මාර්ගයේ බොස්ඇල්ල, එරබදුපිටිය ප්‍රදේශයේ නව විහාරස්ථානය ඉදිකරනු ලැබූ අතර එය ශ්‍රී පුණ්‍ය වර්ධනාරාමය ලෙස නම් කර ඇත. මෙම විහාරස්ථානය ඉදිකිරීමට ඉඩම පරිත්‍යාග කර ඇත්තේ 72 වන වියේ පසුවන එච්.එස්.ඩී රම්බංඩා මහතා විසිනි.

අභිනවයෙන් ඉදිකරන ලද විරාරස්ථානය අංග සම්පූර්ණ සංඝාවාසයක් ද සහිත වන අතර භික්ෂූන් වහන්සේලා අට නමකට වැඩ විසීමට අවශ්‍ය සියලු ම පහසුකම් මෙහි අන්තර් ගතව ඇත. දාන ශාලව, බුදු කුටිය දැනට ඉදිකර ඇති අතර ඉතිරි අංගෝපාංග ඉදිරියේ දී කිඩිනමින් ඉදිකොට ජනතාවට බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කිරීමට කටයුතු කරන බව ඇමරිකාවේ නිවි ජර්සි විහාරස්ථානයේ අධිපතිත්වය දරණ බතලේගල හත්ගම්පළ විහාරාධිපති කෑගලු දිසාවේ ප්‍රධාන සංඝනායක හුම්ගම්පොළ සිරිරතන නාහිමියෝ පවසති.

මේ වන විට නව විහාරස්ථානයේ විහාරාධිපති හිමියෝ වන සාමසැර කන්ද විහාරස්ථානයේ වැඩවිසූ කැටයාපතන ශ්‍රී අනෝමදස්සී ස්වාමීන් වහන්සේ අදහස් දක්වමින් මෙසේ පැවසූහ.

‘‘ මැයි 17 දින සවස් කාලයේ සාමසර කන්ද විනාශයට පත්වීමත් සමඟ කන්ද මුදුනේ තිබූ අපේ විහාරස්ථානය අධි අවධානම් කලාපයක් ලෙස නම් කිරීමත් සමග විහාරස්ථානය වසා දමා අපිට ඉවත් වෙන්න සිද්ධ වුණා. විහාරස්ථානයක් නොමැතිව සිටි වේලාවේ අපේ මේ ලොකු හාමුදුරුවන්වහන්සේ ලක්ෂ ගණනින් වියදම් කොට මේ ස්ථානයේ නව විහාරස්ථානයක් ඉදි කොට අපට බාර දුන්නා. මේ උදාර කටයුත්ත වෙනුවෙන් අපේ ලොකුහාමුදුරුවන් වහන්සේට මා දීර්ඝායූ ප්‍රාර්ථනා කරනවා.”

උත්සවයට සහභාගී වූ අරණායක ප්‍රාදේශීය ලේකම් ඉසෙඩ් ඩී. ෆයිසාල් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසුවේය.

‘‘ සාමසැර කන්ද මුදුනේ තිබූ විහාරස්ථානය අවධානම් නිසා අපට වසා දමන්නට සිදු වුණා. ඒ වෙනුවෙන් අපේ නායක ස්වාමීන් වහන්සේ නව විහාරස්ථානයක් ඉදි කොට දුන්නා. විහාරස්ථානයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා රජය වෙනුවෙන් යම් කාර්යයක් ඉටුකර දීමට තිබේ නම් අපි එය නොපමාව සිදුකර දීමට බැදී සිටිනවා. සිරිරතන නාහිමිපාණන්වහන්සේට මෙවැනි පුණ්‍ය කටයුතුවල තවදුරටත් යෙදෙන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි කියා මා ප්‍රාර්ථනා කරනවා.”

එල්.පී තිලකරත්න-කෑගලු දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිලධාරී

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.