• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කිසිම විදිහකින් මාධ්‍යවේදියෙක් කිසිවෙකුගෙන් පහර කෑ යුතු නැහැ - ආචාර්ය රංග කලංසූරිය

Ranga kalansooriyaමාධ්‍යවේදීන්ට ආචාර ධර්ම කියා දීම මාධ්‍ය ආයතනවල වගකීමක් බවත් ආණ්ඩුව මාධ්‍යවේදීන්ට ආචාර ධර්ම කියාදීම සම්බන්ධයෙන් තමා විරුද්ධ බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසූරිය මහතා පවසයි.

 

ඔහු එසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පසුගියදා පැවැත්වනු ලැබූ විවෘත සංවාදයකදී ය. එම සංවාදය පහරදී ආචාර ධර්ම කතා කිරීම මාධ්‍ය නිදහස ද ?  මැයෙන් නම් කර තිබුණි.

එහි දී ආචාර්ය රංග කලංසූරිය මහතා මෙසේ ද කීය.

මම මුලින්ම පැහැදිළි කිරීමක් කරන්න ඕන කරුණු දෙකක් පිළිබඳව. එකක් තමයි මේ ප්‍රවෘත්ති නිවේදනය පළකලාම ඒකෙන් සමාජයට හැඟීමක් ආවා මම නාවික හමුදාපතිවරයා ආරක්ෂා කිරීමේ හෝ සුදු හුණු ගෑමේ ව්‍යායාමයක නිරත වුණා කියලා. සමාජ ජාලාවල එන ප්‍රතිචාර දැක්කාම එක යම් ප්‍රමාණයකට සාධාරණ යැයි මටත් හිතුණා. මගේ නිවේදනය දවසකට පස්සේ මමත් කියවනකොට ඒකෙන් කවුරුහරි වැරදි නිගමනයකට එන්න පුළුවන් කියන දේ මටත් හිතුණා. ඒ ගැන මම කණගාටු වෙනවා.


මට කිසිම උවමනාවක් තිබුණේ නෑ මේ ප්‍රහාරය හෙළා නොදැක ඉන්න .ඒ නිසා ඊට පස්සේ කතා කරපුහැම කෙනාටම මම මගේ ස්ථාවරය කරුණු දෙකක් මත කිව්වා. එකක් තමයි මමත් මේ පහර දීමේ ක්‍රියාදාමය හෙළාදකිනවා කියන දේ. කිසිම විදිහකින් මාධ්‍යවේදියෙක් කිසිවෙකුගෙන් පහර කෑ යුතු නැහැ කියන ස්ථාවරයේ මම ඉන්නවා. එතනින් මම පටන් ගන්නම්.

දෙවැනි ප්‍රශ්නෙ තමයි මොකක්ද මේ කඩ වෙච්චි ආචාරධර්මය කියන දේ. මේක තමයි මට එල්ල වුණු චෝදනාව. සමාජ මාධ්‍යයවලත් අනෙකත් මාධ්‍යයවලත් පුද්ගලික මඩ ගැසීම්වලට වඩා ශාස්ත්‍රීය මට්ටමේ සාච්ඡාවක් වුණා නම් මම කැමතියි. මේක සමාජය තුළ ශාස්ත්‍රීයව, කර්මාන්තය පිළිබඳ ආදරයෙන් කරන සාකච්ඡාවක් විනා පුද්ගලික මඩ ගැසීමක් නොවිය යුතුයි කියන ස්ථාවරයේ මම ඉන්නවා.

ඒ අතින් මම ඉතාමත් ගරු කරනවා, ස්තූතිවන්ත වෙනවා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට මොකද පැත්තකට වෙලා ඉන්නේ නැතිව, අපි එක එක්කෙනාගේ කඳවුරුවල ඉන්නේ නැතිව මේ වගේ සංවාදයක් සංවිධානය කිරීම පිළිබඳ. මම වැරදි නම් මම නිවැරදි වෙන්නම්. ඔබ වැරදි නම් ඔබ නිවැරදි වෙන්න.අපි ඒ සංවාදෙට එමු.

මම තරුණ ජනමාධ්‍යවේදීන්ට ස්තූතිවන්ත වෙනවා ඔවුන් මේ පිළිබඳ විවෘත සංවාදයක් ආරම්භ කිරීම පිළිබඳ. ඒ ගැන විවධ මතවාද ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒවා ප්‍රශ්නයක් නෑ. අපි එක සංවාදෙකට එමු. ජනමාධ්‍යය නියෝජ්‍යය ඇමතිතුමාත් කිව්වා මේ ගැන කතා කරලා සංවාදෙකට එමු කියලා. මම ඔබ ලඟ ඉඳලා මෙතනට ආපු රජයේ නිලධාරියෙක්. එහෙම කියලා මම කඳවුරු මාරු කලාට පුල්ලි මාරු කරලා නැහැ කියලා කියන්න කැමතියි.


අපි ඔක්කොම එක තලයක හිටපු අය. නමුත් මම යමක් කියන්නේ පොඩ්ඩක් හිතලා බලලා. සමහරු මට චෝදනා කරනවා මේකේ ටයිමින් ප්‍රශ්නයක් තියෙනවා. මේක මේ වෙලාවේ නොකියා ඉඳලා වෙන වෙලාවක කියන්න තිබුණා කියලා. නමුත් මටත් අර ඇඟේ අමාරුවක් තියෙනවා එතික්ස්වලදි. ඉතින් ඒවා දැක්කාම ඒක පිටවෙනවා. ඒකේ ප්‍රශ්නයක් නෑ. මම ඒ ගැන පසුතැවෙන්නේ නෑ.

නමුත් ඒ නිවේදනයෙන් කවුරුහරි වැරදි නිගමනයකට ආවනම් මම ඒ ගැන කණගාටු වෙනවා. එහෙම කිසිකෙනෙක් ආරක්ෂා කරන්න මට අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. ඒකයි මම දෙපැත්තටම කතා කළේ. මගෙන් අහන ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි මම කියන විදිහට මේ මාධ්‍යවේදියා ආචාරධර්ම කඩකලාද මම කියන විදිහට? කඩ කළා නම් ඒ කුමක්ද?

මම දෙවැනි ප්‍රශ්නයෙන් පටන් ගන්නම්. හැබැයි මගෙන් තව ප්‍රශ්නයක් අහන්න තිබුණා. මමම ඒක කියන්නම්. ඒක තමයි මගෙන් අහන්න තිබුණා ලංකාවේ තියෙන කොයි ආචාර ධර්මෙද කඩලා තියෙන්නේ කියලා. එහෙම ඇහුවනම් මම හිර වෙනවා. මොකද ලංකාවේ රූපවාහිනී මාධ්‍ය සඳහා ආචාරධර්ම පද්ධතියක් නෑ. එහෙම නෑ කියලා අපිට ඒකෙන් ඉවත්වෙන්න බෑ.

අපි මේ වෘත්තිය භාර ගන්නකොට අන්තර්ජාතිකව හා සම්මුතිකව බැඳුණු ආචාරධර්ම පද්ධතියක් තියෙනවා. ඒකෙන් අපිට ගැලවෙන්න බෑ. නෑ කියන එක නිදහසට කරුණක් නෙවේ කියන දේ මම පිළිගන්නවා. ලංකාවේ තියෙන එකම ආචාරධර්ම පද්ධතිය වෙන්නේ 2014 දී අවසන් වරට යාවත්කාලීන වූ කර්තෘ සංසදයේ ආචාරධර්ම පද්ධතිය විතරයි අපිට තියෙන්නේ. ඒකෙන් වැඩි ප්‍රමාණයක් එහෙමත් නැත්නම් 100 % ක්ම කතා කරන්නේ මුද්‍රිත මාධ්‍ය ගැන, අපේ ඡායාරූප ශිල්පීන් ගැන. විකාශන මාධ්‍ය ගැන ඒකෙන් කතා වෙන්නේ නෑ. විකාශන මාධ්‍යවලට ආචාරධර්ම පද්ධතියක් නෑ.

දෙවැනි කාරණය තමයි මේ ආචාර්ධර්ම හා ආරක්ෂාව අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියන එක. මම මෙතන දි පාවිච්චි කරපු වචනේ තමයි ගැටුම් වාර්තාකරණය. නමුත් මේ අවස්ථාව ගැටුම් වාර්තාකරණයකටත් එහා ගිය හොස්ටයිල් එන්වයරන්මන්ට් එකක්. සමහර මාධ්‍යවේදීන්ට මේ හොස්ටයිල් එන්වයරන්මන්ට් පුහුණුව තියෙනවා. විශේෂයෙන්ම විදේශීය මාධ්‍යය ආයතනවල සේවය කරන මාධ්‍යවේදීන්ට ඒ පුහුණුව තියෙනවා.

ගැටුම් සංවේදී වාර්තාකරණයේ දී හා මාධ්‍යවේදියාගේ ආරක්ෂාව සම්න්ධයෙන් නීති නැහැ. මොන නීතියද කැඩුවේ කියලා ඇහුවොත් මම හිරවෙනවා. මේ සම්බන්ධයෙන් නීති නැහැ. තියෙන්නේ සම්මුතීන් විතරයි. මේවා රීතීන්. විශේෂයෙන්ම ලංකාවේ, පකිස්ථානයේ, බංගලාදේශයේ වගේ රටවල මේවා නීතිගත කරලා නැහැ. ඒ නිසා කැඩුණෙ මොන නීතිය ද කියලා හොයන්නත් බැහැ. නමුත් සම්මුතීන්වලට අපි යටයි. ගැටුම් පවතින රටවල මාධ්‍යවේදීන්ට ආචාර ධර්ම හා ආචාර ධර්ම කඩ වීම නිසා ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිවන ප්‍රශ්න ගැන අපි යම් යම් තැන්වලදි වැඩ කළා. ඒ වැඩ කලාට පස්සේ මෙතන ගෝලීය වශයෙන් රික්තකයක් තිබෙන බවට දැනගෙන 2008, 2009, 2010, 2011, 2012 අවුරුදුවල යම් යම් ශාස්ත්‍රීය තලයන්හී වැඩකටයුතු සිදුකළා.

ආචාරධර්ම කඩකලාම මාධ්‍යවේදියාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න එන්නේ කොහොමද කියන දේ අපි සාකච්ඡා කළා. ඒ සම්බන්ධයෙන් මොඩියුල පවා සකස් කළා. මේවා මාධ්‍යවේදීන් පුහුණු කරන්නට සැකසූ මොඩියුල මිසක නීති නෙවෙයි. අපි එතනදි මාධ්‍යවේදීන්ට පෙන්වා දෙනවා ආචාර ධර්ම තමන්ගේ ආරක්ෂකයෙකු වෙන්නේ කෙහොමද කියලා. මුලින්ම අපි මේක පාකිස්ථානයට මොඩියුල් සකස් කළා. ඊට පස්සේ මියැන්මාරයට, පිලිපීනයට මොඩියුල් සකස් කලා.

minimizing harm, Independence, Accountability කියන කාරණා තමයි හම්බන්තොට සිද්ධියට අදාළ වෙන්නේ. හානි අවම කිරීමට අදාළව වින්දිතයින්ගේ, අදාළ පාර්ශවවල, තමන්ගේ ප්‍රජාවගේ මෙන්ම තමන්ට සිදුවන හානි අවම කරගත යුතු වෙනවා. තමුන් යම් සිද්ධියක් වාර්තා කරනවානම් තමුන් ඒකේ මාතෘකාව වෙන්න එපා. තමුන් ඒ සිද්ධියේ මාතෘකාව වීමට තිබෙන අවම ඉඩකඩත් ඉවත් කරන්න කියන දේ තමයි මෙතන කතා කරන්නේ. මේවා සංවාදයට විවෘතයි. ඔබ යම් ආචාර ධර්මයක් කඩ කිරීම නිසා ඔබේ රැහේ අයට සිදුවිය හැකි හානි අවම කරන්න. මේ සම්මුතීන් කඩකළොත් ඒකත් ආචාරධර්ම උල්ලංඝණය කිරීමක්.

මම මෙතනදී කියන්න ඕන ආචාර ධර්ම කියන කාරණාය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති කාමරයක් තුළ තීරණ ගැනීම අපහසුයි. පැහැදිළිව ඔව් හෝ නැහැ කියලා තීරණ ගැනීම අපහසුයි. එහෙම දේවලුත් නැහැ. ආචාර ධර්ම කියන දේ හැමතිස්සේම අඳුරු කලාපයක්. ඒ නිසා තමයි අපි කියන්නේ ආචාර ධර්ම සම්බන්ධ ප්‍රශ්නෙකදි ප්‍රවෘත්ති කාමරයේ ඡන්දයක් ගන්න කියලා. ආචාර ධර්ම පිළිබඳ ප්‍රශ්නයක දි අපිට හොඳට වාද කරන්න පුළුවන්. ඒ නිසා තමයි පුවත්පත් පැමිණිලි කොමිසම වගේ ආයතනවල ඔත්තේ සංඛ්‍යාවක විශාල පිරිසක් ඉන්නේ. මියැන්මාරයේ පුවත්පත් කවුන්සිලයේ 29 ක් ඉන්නවා. ලොකු පිරිසක් දාන්නේ ලොකු මතවාදයක් අවශ්‍ය නිසා. හානි අවම කිරීම කියන කාරණාව මත පිහිටලා තමයි මම කිව්වේ හම්බන්තොට සිද්ධියේ දී ආචාරධර්ම උල්ලංඝණය වෙලා තියෙනවා කියලා මගේ මුලික පරීක්ෂණවලින් ඔප්පු වෙලා තියෙනවා කියලා.

වාර්තාකරණයක නිරතවෙන මාධ්‍යවේදියෙක් තමන්ගේ පුද්ගලික ආරක්ෂාව කොච්චර කැප කළ යුතුද කියන කාරණයේ තමයි ප්‍රශ්නෙ තිබුණෙ. පුද්ගලික ආරක්ෂාව කැපකිරීම ප්‍රවෘත්තියක් සඳහා කොයිතරම් වැදගත් ද කියලා තීරණය කළ යුතුයි. මෙතන දී තියනවා ඇයි ඔබ ඉදිරියටම යායුත්තේ, ඇයි ඔබ කඩාගෙන යන්නේ කියන දේ.

සිව්වෙනි කාරණය තමයි අත්‍යවශ්‍යය නොවෙනවා නම් ලකුණු කර ඇති සීමාවන් පනින්න එපා කියන කාරණය. වටපිටාව පිළිබඳ අවබෝධයක් නොගෙන විඩියෝ කරන්න එපා. මේ දේවල් මම කියන ඒවා නෙවෙයි.මේවා  IFJ එක ඇතුළු තවත් සංවිධාන විසින් පළකරලා තියෙන කාරණා.මේවා ආචාරධර්ම හා බැඳුණූ කාරණා.

ආචාරධර්ම උල්ලංඝණය කළොත් තමුන්ගේ ආරක්ෂාව ප්‍රශ්නකාරී වෙනවා. එවාට උදාහරණ තියෙනවා. 2009 නොවැම්බර් 23 වැනිදා මාධ්‍යවේදීන් 32 ක් ඇතුළු 58 ක් මින්දනාවො දූපතේ ඝාතනය වෙනවා. ඒ පැහැදිළිවම ආචාරධර්ම කඩ කිරීම නිසාවෙන්. ඒ පිළිබඳ පරීක්ෂණ කළ කණ්ඩායමේ සාමාජිකයෙක් විදිහටත් මම කටයුතු කළා. මේ මාධ්‍යවේදීන් එදා ගියේ මුදලට. වාර්තාකළොත් ඝාතනය කරනවා කියලා අනතුරු ඇඟවීම් කරලා තියෙද්දි ගියා. එදා ඒ ගිය 58 දෙනාම ඝාතනය කරලා වළවල් 04 ක වැළලුවා. මාධ්‍යවේදීන් ඝාතනය කිරීමට එරෙහිව අපි පිලිපීනයේ නොවැම්බර් 23 වැනිදා පෙළපාලි යනවා. හැබැයි මගේ හිත දන්නවා මේ මාධ්‍යවේදීන් මිය ගියේ ආචාර ධර්ම කඩ කළ නිසා කියලා. ඒ සිද්ධියෙන් ජීවිත බේරාගත් කෙනෙකුගෙන් මම ඇහුවා ඇයි මරනවා කියලා දැන දැනත් ගියේ කියලා. එයා මගෙන් ඇහුවා සර් ඊළඟ මාසේ ක්‍රිස්මස්. අපි ළමයින්ට කන්න දෙන්නේ කොහොමද කියලා. ඔවුන්ට දීලා තියෙන්නේ පේසෝ 5000 යි. ආචාර ධර්ම හා ආරක්ෂාව පිළිබඳ සම්බන්ධය මගෙන් ප්‍රශ්න කරන අයට මෙන්න සම්බන්ධය. මීට අදාළ අධිකරණ ක්‍රියාවලිය අවසන් කරන්න අවුරුදු දෙසීයයක් යනවා.

පිලිපීනයේ මැනිලා නුවරදී හොංකොං සංචාරක පිරිසක් එක්ක බස්රථයක් පැහැරගත්තා. මේක හයිජැක් කරපු වෙලාවේ සිදුවුණු සිද්ධිය තමයි. මාධ්‍යවේදීන් ඔක්කොම එක තැන හිටියේ. එක ගුවන්විදුලි මධ්‍යස්ථානයක හිමිකරු ප්‍රධාන පාලක මැදිරිය භාර අරගෙන ඒ ආයතනයේ මාධ්‍යවේදියාට කිව්වා බස් එක ළඟටම ගිහිල්ලා සංචාරකයන්ව පැහැර ගත් තැනැත්තාගෙන් වොයිස් කට් එකක් ගන්න කියලා. මාධ්‍යවේදියා ඒක ප්‍රතික්ෂේප කළා. නමුත් ආයතන හිමිකරුගේ බලපෑම මත ඔහුට ඒ බස්රථය අසළටම යන්න වුණා. ඒ ගියාට පස්සේ අදාළ පුද්ගලයා මාධ්‍යවේදියාගේ මයික්‍රෆෝනය උදුරාගෙන ඔහුට අවශ්‍යය දේ කියන්න පටන් ගත්තා .පැය හතරක් විතර ඔහු සිය ප්‍රකාශ කරන්න මේ ගුවන්විදුලි ආයතනය යොදා ගත්තා. ඔන්න ලඟටම යාමේ ප්‍රශ්න.

අනිත් එක තමයි පකිස්ථානයේ ලාල් මස්ජිද් දේවස්ථානය අසළදී මාධ්‍යවේදියා වගේම කැමරාකරුත් මියගියා. එකම හේතුව ස්ථානගත වීමේ වරද. ලාල් මස්ජිද් එක ඇතුළේ ඉඳන් තලේබාන්ලා වෙඩි තියනවා. අනිත් පැත්තෙන් හමුදාව වෙඩි තියනවා. මේ දෙන්නා මැද්දට ගිහින් හිට ගත්තා කැමරා කරන්න. ඒ මිනිස්සුන්ට සත පහක්වත් අදාළ ආයතනයෙන් ගෙවන්නේ නෑ. ලංකාවේ වගේම තමයි.

මේවා ආචාරධර්ම කඩකළාම තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ලවෙන අවස්ථා. අනිත් කාරණය තමයි මුම්බායිවල ටජ්මහල් ඇටෑක් එක. ශ්‍රේෂ්ඨාධිකරණය සම්පූර්ණ වරද පැටෙව්වේ මාධ්‍යයට. එක එක මාධ්‍ය ආයතන ගෙනැල්ලා දොස් කීවා. අපි මේවා කවර් කරන්න ඕන. නමුත් අපි අපේ සීමාව දැනගත යුතුවෙනවා.

මේ මම දන්න දේවල්. මම කියන්න උත්සාහ කළේ හොස්ටයිල් එන්වයරන්මන්ට් එකකදී ආචාර ධර්ම හා මාධ්‍යවේදියාගේ ආරක්ෂාව අතර තියෙන සම්බන්ධතාවය .මම කිසිවෙලාවක කියන්නේ නෑ හම්බන්තොට දී මාධ්‍යවේදියාට පහරදිම හරි කියලා.

එතකොට මේ මාධ්‍යවේදියා හම්බන්තොට සිද්ධියේදී ඉර පැන්නද? මගේ නිගමනයට අනුව නම් ඔව් ඉර පැන්නා. මම වැරදි වෙන්න පුළුවන්. හැබැයි ඒකට විසඳුම් ඕන නම් ඔබ එකඟනම් මේ පිළිබඳ තුන්වන පාර්ශවයක් දාලා පරීක්ෂණ කරන්න මම එකඟ වෙනවා. හැබැයි මම මගේ නිගමනය කිව්වේ මගේ අත්දැකීම් සහිතවයි. ඒ අත්දැකීම් නිසා තමයි මම මගේ තීරණය දුන්නේ. මම ඉක්මන් වුණා වැඩි වෙන්න ඇති. සැර වැඩි ඇති. නමුත් මේ දේවල් මම ලෝකේ වටේ ගිහින් කියලා මගේ රටේ කියන්න බැරිනම් ඇති වැඩේ මොකක්ද?

මේ සිදුවීමේ දී අදාළ මාධ්‍යවේදීයා ඒ ඉර පැන්නා කියලා මම කිසිම වෙලාවක ඔහුට‍ දොස් කියන්නේ නැහැ. මොකද ඔහු තරුණයි. ඔහු මෙවැනි දේ අහන්නේ පළමුවතාවට වෙන්න ඇති. නමුත් මාධ්‍ය ආයතනවලට වගකීමක් තියෙනවා ඔවුන්ට මේ ගැන පුහුණුවක් දෙන්න. මොකද මේවා ජීවිතයත් මරණයත් අතර වැඩ. මම උදව් කරන්නම්. හැබැයි මේ ආචාර ධර්ම කියලා දෙන්න මට බෑ. මම මේ තනතුරින් අයින් වුණු දවසක කියලා දෙන්න එන්නම්. මොකද ආණ්ඩුව ආචාරධර්ම කියලා දෙනවාට මම විරුද්ධයි. ඒකට ඔය අය ක්‍රමයක් හදා ගන්න. මම උදව් කරන්නම්.

නවතම පුවත්

මාධ්‍ය නිවේදනය - 2019.10.15- ජනාධිපතිවරණය 2019- තැපෑලෙන් නිල ඡන්දය දීමේ පහසුකම් සහ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම

15 October 2019

මාධ්‍ය නිවේදනය - 2019.10.15- ජනාධිපතිවරණය 2019- තැපෑලෙන් නිල ඡන්දය දීමේ පහසුකම්...

මාධ්‍ය නිවේදනය- 2019.10.15

15 October 2019
මාධ්‍ය නිවේදනය- 2019.10.15

ගතවූ පැය 24 කාලය (2019.10.14 ප.ව.4.30 දක්වා ) තුළ මැතිවරණ...

මාධ්‍ය නිවේදනය - 2019.10.14- ජනාධිපතිවරණය 2019

14 October 2019

මාධ්‍ය නිවේදනය - ඡන්ද පොළේදී ඡන්දදායකයින්ගේ අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්යයි

මාධ්‍ය නිවේදනය- 2019.10.14

14 October 2019

ගතවූ පැය 24 කාලය (2019.10.13 ප.ව. 4.30 දක්වා) තුළ මැතිවරණ...

මාධ්‍ය නිවේදනය - 2019.10.12 - ගත වූ පැය 24 තුළ (2019.10.11 ප.ව.4.30 දක්වා ) මැතිවරණ පැමිණිලි සාරාංශය

12 October 2019

ගත වූ පැය 24 තුළ (2019.10.11 ප.ව.4.30 දක්වා ) මැතිවරණ පැමිණිලි...

අමාත්‍ය මණ්ඩල තීරණ 2019.10.09

10 October 2019
අමාත්‍ය මණ්ඩල තීරණ 2019.10.09

2019.10.09 වැනි දින රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුණු තීරණ පහත...

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ ජන්ද විමසිම -2019

10 October 2019

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ ජන්ද විමසිම -2019 ගතවු...

මාධ්‍ය නිවේදනය 2019.10.09 - ගත වූ පැය 24 තුළ මැතිවරණ පැමිණිලි ‌‌

09 October 2019

ගත වූ පැය 24 කාලය තුළ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ...

මාධ්‍ය උපමාන ගැසට් නිවේදනය - ජනාධිපතිවරණය 2019

08 October 2019
 මාධ්‍ය උපමාන ගැසට් නිවේදනය  - ජනාධිපතිවරණය 2019

මාධ්‍ය උපමාන ගැසට් නිවේදනය - ජනාධිපතිවරණය 2019  

ජනාධිපතිවරයා ‌‌තෝරා පත් කර ගැනීම පිළිබඳ ඡන්ද විමසිම- 2019

08 October 2019

ජනාධිපතිවරයා ‌‌තෝරා පත් කර ගැනීම පිළිබඳ ඡන්ද විමසිම- 2019 2019.11.16...

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ ඡන්ද විමසීම - 2019

07 October 2019

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම  පිළිබඳ ඡන්ද විමසීම - 2019...

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ ඡන්ද විමසීම - 2019

07 October 2019

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ ඡන්ද විමසීම - 2019...

මාධ්‍ය නිවේදනය- 2019.10.06- මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක්

06 October 2019
මාධ්‍ය නිවේදනය- 2019.10.06- මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක්

වැඩවර්ජනවලින් ඉවත් වී බාධාවකින් තොරව ජනාධිපතිවරණය පැවැත්වීමට සහාය ලබාදෙන ලෙස...

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.

world wesak conferace final logo