සමෘද්ධි නිවාස ලොතරැයි වැඩසටහනින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ 2016 දෙසැම්බර් මස දිනුම් ඇදීමට අදාළ ජයග්‍රාහකයින් 20කට රුපියල් ලක්ෂ 02 බැගින් චෙක්පත් ප්රදානය කිරීමේ උත්සවයක් ඊයේ (19) කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ.
මෙම ලොතරැයි දිනුම් ඇදිම නිවාස අවශ්‍යතාවය ඉටුකිරිම සඳහා අතදිමක් වශයෙන් සමෘද්ධි ආධාරලාභීන් අතර සිදුකරන ලදී. දැනට පවතින නිවස අලුත් වැඩියා කිරීම හෝ නව නිවසක් ඉදිරිකිරිම සඳහා මෙම මුදල් ප්රදානය කරන ලදී.
ජයග්‍රාහකයින්ගේ නිවාස අවශ්‍යතාව සම්පූර්ණ වී තිබේ නම් ප්‍රාදේශීය ලේකම්ගේ අධීක්ෂණය යටතේ ඵලදායි ආදායම් උත්පාදන ව්‍යාපාර කටයුත්තකට මෙම මුදල යෙදවිය හැකිය.
පුද්ගල ජීවන තත්ත්වය උසස් කරලීම තුළින් රටේ සංවර්ධනයට දායකත්වයක් සැපයිය හැකි, යැපුම් මානසිකත්වයෙන් මිදුනු ජනතාවක් බිහිකිරීමේ අරමුණින් මෙම ලොතරැයි මුදල ලබා දීම වත්මන් රජයේ අපේක්ෂාව බව, දිස්ත්‍රික් අධ්යක්ෂ එම්.එස්.එම්. සෆ්රාස් මහතා වැඩිදුරටත් පැවසීය.