• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සුසන්තිකා මහත්මිය සේවයෙන් ඉවත් කර නැහැ - ක්‍රීඩා ඇමැතිගෙන් පැහැදිලි කිරීමක්

hon dayasiri yayasekaraමේ දිනවල විවිධ ජනමාධ්‍ය ඔස්සේ සුසන්තිකා ජයසිංහ මහත්මිය ක‍්‍රීඩා අමාත්‍යාංශයට එල්ල කරනු ලබන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඇය සේවයෙන් ඉවත් කර නොමැති බවත් සම කැබිනට් ප්‍රකාශක, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.



කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නකයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර කැබිනට් අනුමැතිය මත  ඇයට රුපියල් 60,000ක වැටුපක් සහ රුපියල් 15,000ක ඉන්ධන දීමනාවක් ද සමඟ ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශක තනතුරක් ලබා දුන් බව ද සඳහන් කළේය.


සුසන්තිකා මහත්මිය මෙරටට කීර්තියක් ලබා දුන්නා සේම ඇය වෙත මුදල් ත්‍යාග, නිවාස, රථ වාහන ආදි විවිධ වූ ප‍්‍රදානයන් ලබාදී ඇති බවත් ඇයගේ ඉල්ලීමක් මත ඇයගේ චරිතා ප්‍රදානය ප්‍රකාශයට පත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 11ක මුදල් ප්‍රදානයක් ලබාදීමට පසුගිය වසරේ කටයුතු කළ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


2015 වසරේදී නව රජය පත්වන විට ක්‍රීඩා අමාත්‍යාංශයේ ඇයගේ සේවය අවසන් වී තිබුණු අතර තමා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත්වීමෙන්  පසු කුමන අමාත්‍යවරයෙක් ක‍්‍රීඩා අමාත්‍ය ධූරය දැරුව ද ජයසිංහ මහත්මියට වයස අවුරුදු 60 වනතුරු රු.60,000ක මාසික දීමනාවක් සහ රු.15,000ක ඉන්ධන දීමනාවක් ලබාදීමට අපේක්ෂිත අනුමැතීන් ඉල්ලා 2016.05.19 වන දින කැබිනට් මණ්ඩලය වෙත සංදේශයක් ඉදිරිපත් කර තිබේ.


එම කැබිනට් අනුමැතිය  මත 2016.07.01 දින සිට වසරින් වසර දීර්ඝ කිරීමට යටත්ව 2020 වසර දක්වා ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ජාත්‍යන්තර තරග සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරාගැනීමේ හා පුහුණු කිරීමේ උපදේශක වශයෙන් ජයසිංහ මහත්මිය පත්කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සඳහා රජයේ අමාත්‍යාංශයක උපදේශකවරයෙකු වෙත කාර්ය සාධනය පදනම් කරගෙන පිරිනැමෙන රුපියල් 60,000ක වැටුප් ගෙවීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව සඳහන් කළේය.


එම පත්වීම අනුව සෑම මසකම පළමු සතියේදී මාසික ඉදිරි වැඩසටහන ලේකම් වෙත ඉදිරිපත් කර අනුමත කරගත යුතු අතර මාසය අවසානයේදී කළ වැඩසටහන පිළිබඳ වාර්තාව ද ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුව තිබුණු අතර එවැනි කාර්යයක් ඇයගෙන් ඉටු වී නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


දක්ෂ තවත් මළල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බිහිකර ගැනීමේ අරමුණි මළල ක‍්‍රීඩා සම්මේලනයේ හිටපු සභාපති සුගත් තිලකරත්න මහතා සහ ජයසිංහ මහත්මිය අමාත්‍යාංශයට කැඳවා ඒවන විට පැවති මළළ ක‍්‍රීඩා සංචිත 3හි පුහුණුකිරීම් හා උපදේශන සහය ලබාදෙන ලෙස ඇයගෙන් ඉල්ලා සිටිය ද එවැනි සේවය මෙතෙක් ඉටු වී නොමැති බව ද ඒ මහතා සඳහන් කළේය.


වැටුප් ගෙවීම සම්බන්ධයෙන් අදාළ මාසික වාර්තා ඉදිරිපත් කළ යුතු අතර එම වාර්තා ලබාදෙන ලෙසත් ඇයට ඇති ප්‍රශ්න අමාත්‍යාංශයට පැමිණ සාකච්ඡා කර විසඳුම් ලබා ගන්නා ලෙසත් දන්වා ඇති බවත් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලබාදෙන වැටුපට අමතරව ආරක්ෂක අමාත්‍යාංශයෙන් ද රුපියල් 60,000ක ගෙවීමක් සිදු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම-2024.09.13

14 September 2024

2024-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම්දීම- 2024.09.10

10 September 2024

2024.09.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.12

12 June 2024

2024.06.11 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.04

04 June 2024

2024.06.03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.05.27

28 May 2024

2024.05.27 දින එළඹුණු අමාත්‍ය මණ්ඩල තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - Cabinet Decisions -22 .05.2024

23 May 2024

2024.05.22 දිනැති පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.05.13

15 May 2024

2024.05.13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.