1990 පෙබරවාරි 14 දින එතෙක් කිසි දිනක නොදුටු ආකාරයේ සුවිශේෂී ඡායාරූපයක් ප්‍රසිද්ධ තාරකා විද්‍යාඥ කාල් සේගන් අපට ගෙන හැර දැක්විය.
ඒ වන විට විශ්වය සිසාරා නොනවතින ගමනක යාමේ අරමුණින් 1977 දී ගමන් ආරම්භ කළ වොයේජර් යානය පැයට කිලෝමීටර් 62,000ක සුපිරි වේගයෙන් සෞරග්‍රහ මණ්ඩලයේ අවසන් ග්‍රහලෝක වූ නෙප්චූන් සහ ප්ලූටෝ ග්‍රහ කක්ෂ පසු කර සෞරග්‍රහ මණ්ඩලයේ අවසන් කඩුල්ල වෙත ගමන් කරමින් සිටියා.මේ අතර වොයේජර් වැඩසටහනේ නිරීක්ෂණ කණ්ඩායමේ සාමාජික කාල් සේගන් විද්‍යාඥයාට අපූරූ අදහසක් පහළ විය.
ඔහු උසස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ යානය සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවත් වීමට පෙර එක්වරක් කැමරා පෘථිවිය දෙසට එල්ල කර ඡායාරූපයක් ගන්න ලෙසයි.හිරු කිරණ වලින් යානයේ කැමරා වලට හානි වීමට ඉඩ තිබියදී නිලධාරීන් ඔහුගේ ඉල්ලීමට අහුම්කන් දුන්නේය. ඒ අනූව 1996 වැලන්ටයින් දින පෘථිවියෙන් කිලෝමීටර බිලියන 6.4ක් ඈතින් සිට සෞර ග්‍රහ පවුලේ ඡායාරූප 64ක එකතුවක් ගනු ලැබුවා.
එය යානයේ කැමරා ක්‍රියා විරහිත කිරීමට පෙර ගන්නා ලද අවසන් ඡායාරූප එකතුවයි.එයින් එකක් වූ මුලු මහත් ලෝකවාසින්ට සුවිශේෂී වූ "ලා නිල් තිත" ඡායාරූපය" කාල් සේගන් විසින් ලොවට ඉදිරිපත් කලා. හිරුගේ රශ්මි කදම්භ අතරින් ඉතා කුඩා ලා නිල් පැහැ තිතක් මෙන් පෘථිවිය එහි දිස් විය.අප සියල්ලන් ජීවත් වන පෘථිවිය පික්සෙල් එකකිනුත් 8න් එකක් පමණ කුඩාවට මෙහි දැක්වෙනවා. සෞරග්‍රහ මණ්ඩලය තුළ වුවත් අප කොතරම් නොගිණිය හැකි තරම්ද? තාරකා, මන්දාකිණි බිලියන ගණනකින් සමන්විත මුළු මහත් විශ්වය තුළ පෘථිවි වාසීන් වන අපට හිමි ස්ථානය කුමක්ද? ජීවය පවතින එකම ග්‍රහලොව අපේ මිහිතලය පමණක්ද?