හයිඩ්‍රජන් ලෝහය පිළිබඳව වසර හතලිස් පහක් පමණ පර්යේෂණවල නිරතව සිටින හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අයිසැක් සිල්වේරා ගේ මගපෙන්වීම යටතේ එම සොයාගැනීම කරනු ලැබුවේ ආචාර්ය රංග ඩයස් විසිනි.
"මටත් විශ්වාස කරගන්න බැරිවුනා මොකක්ද මේ වුනේ කියන එක. එක දවසක් උදේ පාන්දර එකට විතර තමයි ඕක වුනේ. මොකද මේ පර්යේෂණය පටන්ගත්තට පස්සේ එක දිගට අපි වැඩ කෙරුවා,"ආචාර්ය රංග ඩයස් සිය සොයාගැනීම බීබීසී සිංහල සේවයට විස්තර කළේ සතුටිනි.
හයිඩ්‍රජන් ලෝහයක් බවට පත්කළ හැකි බව මෙයින් වසර අසූවකට පමණ ඉහතදී පවා විද්‍යාඥයන් දැන සිටියත්, එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැගුණු පළමු වතාව මෙයයි.
"මම ඒ වෙලාවෙම මගේ උපදේශකවරයාට කෝල් කළා. එයා ඒ වෙලාවෙම දුවගෙන ආව. දුවගෙන ඇවිල්ල චෙක් කළා. මොකද මුලින් ටිකක් බයකුත් තිබුණ ඩයමන්ඩ් එක කැඩෙන්න දෙන්නේ නැතුව ඔක්කොම දේවල් චෙක් කරලා ඔප්පු කරන්න පුළුවන් වෙව්විද කියලා."
අධික පීඩනයක් යටතේ මූලද්‍රව්‍ය හැසිරෙන්නේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේදී සිය ආචාර්ය උපාධිය හැදෑරූ ආචාර්ය ඩයස්, මහාචාර්ය සිල්වේරාගේ පර්යේෂණයට සම්බන්ධ වී තිබෙන්නේ මෙයින් තෙවසරකට ඉහතදී.
නව සොයාගැනීම හේතුවෙන් ලොවට අත්විය හැකි ප්‍රයෝජන අතර:
§ බලශක්තිය සඳහා වැයවන වියදම අඩුකිරීම
"උදාහරණයක් විදියට විදුලිය සම්ප්‍රේෂණයෙදි ප්‍රතිරෝධය නිසා ලොකු හානියක් වෙනවා. නමුත් ලෝහමය හයිඩ්‍රජන් පාවිච්චි කරලා වයර් හදන්න පුළුවන් වුනොත්, එතකොට අපිට පුළුවන් කිසිම හානියක් නැතිව විදුලිය යවල බලශක්තිය ඉතිරි කරන්න."
විද්‍යාගාරයක් තුල හයිඩ්‍රජන් ලෝහය නිෂ්පාදනය කිරීමට සමත්වීම යනු බ්‍රහස්පති සහ සෙනසුරු වැනි දැවැන්ත ග්‍රහලෝකවලත් හයිඩ්‍රජන් ලෝහය පවතින්නේය යන විද්‍යාත්මක මතය ප්‍රායෝගිකව සනාථ කිරීමක් බවත් ආචාර්ය ඩයස් සඳහන් කළේය.
හයිඩ්‍රජන් ලෝහය නිෂ්පාදනය කිරීම සඳහා විශාල වියදමක් දැරීමට සිදුනොවනු ඇතැයිද ඔහු විශ්වාස පළ කළේය.
හයිඩ්‍රජන් ලෝහය නිෂ්පාදනය කිරීම සම්බන්ධ පර්යේෂණවල දිගටම නිරතවීම සිය අභිලාශය බවත් ශ්‍රී ලාංකික විද්‍යාඥයා වැඩිදුරටත් සඳහන් කළේය.