• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ලොව දරුණුම බැක්ටීරියා ලේඛන ගත කෙරේ

Bacteeria 2017බැක්ටීරියා අපේ ජීවිතවලට විවිධ අයුරින් බලපෑම් කිරීම ආරම්භ වූයේ අද ඊයේ නොවේ.

ප්‍රතිජීවක ඖෂධ වලින් මෙල්ල කළ නොහැකි, මිනිස් සෞඛ්‍යයට බරපතලම තර්ජනයක් එල්ල කරන බැක්ටීරියා වර්ග ලැයිස්තුගත කිරීමට ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් විශේෂයෙන් පියරව ගෙන ඇත.

එම ලයිස්තුවේ ඉහළින් ම නම් කර ඇත්තේ රෝහල්වල නේවාසිකව හිඳින දුර්වල රෝගීන්හට රුධිර සංසරණය ආශ්‍රිත මරණීය ආසාදන මෙන්ම නියුමෝනියාව ගෙන ඒමට සමත් ඊ.කොලායි (E.coli) වැනි බැක්ටීරියා ය. එළඹෙන ගිම්හානයට පෙර ජර්මනියේදී පැවැත්වීමට නියමිත ජී20 සමුළුවට පෙර, මෙම ලැයිස්තුව සාකච්ඡාවට කිරීමට නියමිතව ඇත.ආසාදනවලට එරෙහිව දැඩිව ක්‍රියාකළ හැකි නව ප්‍රතිජීවක ඖෂධ නිපදවීම සඳහා රජයන්හි අවධානය යොමු කිරීම මෙම ලැයිස්තුව සැකසීමේ අරමුණ වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.thinkstock nocredit 2017

ඇතැම් ආසාදන සඳහා දැනට පවතින ඖෂධවලින් ප්‍රතිකාර කළ නොහැකි "පශ්චාත් - ප්‍රතිජීවක යුගයක" කඩඉමකට පැමිණ ඇති බවට විශේෂඥයෝ යළි යළිත් අනතුරු අඟවති.එවැනි තත්වයක් තුළ, දැනට පවතින සාමාන්‍ය ආසාදන ව්‍යාප්තව ගොස් මාරාන්තික ස්වභාවයක් ගොඩනගනු ඇත.

වැඩි ලාභ ඉපයිය හැකි හා පහසුවෙන් නිපදවිය හැකි ප්‍රතිජීවක ඖෂධ නිපදවීම කෙරෙහි ඖෂධ සමාගම් සිය අවධානය යොමුකරන අතර නව ප්‍රතිජීවක ඖෂධ නිපදවීම වෙළෙඳපොළ බලවේගවලට පමණක් පැවරීමෙන්, ඉතා කඩිනමින් අත්‍යවශ්‍යවන්නාවූ ප්‍රතිජීවක ඖෂධනියමිත කාලයේදී නිපැයීමට නොහැකිවනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය කනස්සල්ල පළකරයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.